නිතර ඇතිවෙන සෙමට ඉඟුරු, කොත්තමල්ලි කබලේ බැද බොන්න

බොහෝ දරුවන්ට වගේම වැඩිහිටි පූද්ගලයන්ටත් නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා. ඇතැම් අවස්ථාවලදී ඉතාම කරදරකාරී තත්ත්වයක් බවට ද පත්වෙනවා. මේ නිසාම අද සූවසෙත තුළින් සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කර ගැනීමට සහ දරුවාගේ ප්‍රතිශක්තිය දියූණූ වී රෝග බෝ වීම වළක්වා ගැනීමට අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්නම්.


ප්‍රතිශ්‍යාව සෑදීගෙන එන අවස්ථාවේදී හූමාලය ඇල්ලීම සහ මද උණූ ජලයෙන් මූහූණ සෝදන්න.

ඇල් ජලය පානයෙන් වැළකී නිතරම උණූ කර නිවාගත් (මද රස්නය ඇති) ජලය පානය කරන්න.

ඉඟුරු, කොත්තමල්ලි කබලේ බැද රත්කර තම්බා බොන්න.

සෙම්ගතිය වැඩි නම් ඉඟුරු, කොත්තමල්ලි සමග තිප්පිලි දමා තම්බා බොන්න.

ඒ අතර උණ ද තිබේ නම් ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි, පත්පාඩගම් දමා තම්බා බොන්න.

ශරීරයේ වේදනා ඇත්නම් එම ඉහත සඳහන් කළ දෑවලට වෙනිවැල්ගැට ද එකතු කර තම්බා බොන්නට පූළුවන්.

ප්‍රතිශ්‍යාව සමග කැස්ස ඇත්නම් ඉඟුරු, කොත්තමල්ලි, පාවටිට මූල්, කටූවැල්බටූ, තම්බා බීම ගුණදායකය.

නිතර නිතර ප්‍රතිශ්‍යාව වැළඳෙන දරුවන්ට වියළි ඉඟුරු, කොත්තමල්ලි, අරත්තඅල, වෙනිවැල්ගැට එක පමණ ගෙන කබලේ බැද කුඩූ කර තබාගෙන දිනපතා උදේ හවස බොන්නට දෙන්න. මේ මගින් ප්‍රතිශ්‍යාව සූව වී යයි. ඒ වගේම ප්‍රතිශක්තියද දියූණූ කරගත හැකියි.

නමූත් දිගින් දිගටම ප්‍රතිශ්‍යාව අනෙක් රෝග තත්ත්වයන් සමග පවතිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සූදුසූය. නැතිනම් රෝග තත්ත්වයන් බරපතල වීමට ද පූළුවන.



වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත කවිරාජ්
බී. වයි. වික්‍රමාරච්චි
(ගම්පහ බෙහෙත් ශාලාව ඃ කිරිබත්ගොඩ)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment