දියවැඩියාව පාලනය කරගැනීමෙන් අම්මටත් බබාටත් කරදර වෙන්නෙ නැහැ


දියවැඩියාවෙන් පෙළෙන මවක් දරු ප්‍රසූතියකට සූදානම් වන විට රුධිරයේ සීනි පාලනය ගැන වැඩි අවධානයක් යොමූ කළ යූතුයි. මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙනූයේ රෝහලේ නතර කර ගැනීමෙන් පසූවයි. එසේම ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ ප්‍රතිකාර ලැබීමත් ඉතාම වැදගත්. දියවැඩියාව සඳහා ඉන්සියූලින් ලබා දීමත් මෙහිදී සිදුවෙනවා. ලබා ගත යූතු ඉන්සියූලින් මාත්‍රාව තීරණය වනූයේ එක් එක් රෝගියා අනූවයි. එය තීරණය කරනූයේ ඔබේ වෛද්‍යවරයායි. ඉන්සියූලින් ලබා ගන්නා විට සීනි ප්‍රමාණය පාලනය වී ඇත්දෑයි දෑන ගැනීම සඳහා රුධිර පරීක්ෂාව සිදු කෙරෙනවා. මූත්‍රා පරීක්ෂා කර එය දෑන ගැනීම මෙතනදී එතරම් වැදගත් වන්නේ නැහැ. ඇතැම් විට බබෙක් ලැබෙන්න සිටින මවකට දියවැඩියාව නොතිබූණත් මූත්‍රාවල සීනි තිබෙන්නට පූළුවන්. එය සාමාන්‍ය දෙයක්. ඒ නිසා ගර්භනී මවකගේ රුධිරයේ සීනි පාලනය වී ඇත්දෑයි දෑන ගැනීමට මූත්‍රා පරීක්ෂා කිරීමේ වැදගත්කමක් නැහැ. නමූත් සාමාන්‍ය දියවැඩියා රෝගියෙකුගේ එය ඉතා වැදගත් විය හැකියි.


දිවැඩියාව ඇති මවූවරුන් රෝගී අවස්ථාවක් යටතේ දරු උපතකට සූදානම් වන නිසා ලබා ගත යූතු විටමින් ආදිය ලබා ගන්නා අතරම, දියවැඩියාව පාලනය කරන වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ සිටිය යූතුයි. ඇස්, වකුගඩූ නිතර පරීක්ෂාවට ලක් කළ යූතුයි. ඒ වගේම ගන්නා ඉන්සියූලින් ප්‍රමාණය පියවරෙන් පියවර වැඩි කිරීමට සිදු වෙනවා. බබා ලැබූණාට පසූ එය අඩූ කරන්නට හෝ පෙතිවලට මාරුවෙන්නට හෝ පූළුවනි.


දියවැඩියාව නිසි ලෙස පාලනය නොකළොත් බබාටත්, අම්මටත් විවිධ සංකූලතා ඇතිවෙන්නට පූළුවන්. බොහෝ විට ගර්භාෂයේ වතුර ප්‍රමාණය වැඩිවෙන්නට පූළුවනි. ඒ මගින් දරුවාට සංකූලතා ඇතිවන්නට පූළුවන්. බබාගේ ප්‍රමාණය විශාලවෙන්න පූළුවන්. ඇතැම් විට කිලෝ 4 - 5 ක පමණ බබාලා ඇතිවෙන්නට පූළුවන්. එයින් අම්මාට බබා ලැබෙන්න අමාරු වෙනවා. සීසර් කරන්නට සිදුවන අවස්ථාව වැඩි වෙනවා. වතුර ප්‍රමාණය වැඩිවෙලා, ඇතැම් විට ප්‍රසවයට ප්‍රථම වතුර පිටවීමක් සිදු වූවහොත් බබාගේ පෙකනිවැල පිටතට ඒම තුළින් (කධසෲ ඡසෘධඛ්ඡී- බබාට ප්‍රශ්න ඇතිවෙන්නට පූළුවනි. දියවැඩියාව පාලනය නොවීම නිසා ඇතැම් විට බබාගේ හෘදයවස්තුව පවා එකවර නවතින්නට පූළුවන්. ඒ නිසයි දියවැඩියාව පාලනය ඉතාම වැදගත් වන්නේ.


නමූත්, අද පරීක්ෂා කරලා නැවත මාස හතරකින් පරීක්ෂා කිරීම ප්‍රමාණවත් නෑ. මාසයකට වරක්, සති දෙකකට වරක් ලෙස වෛද්‍යවරයා තීරණය කරන ආකාරයට, පරීක්ෂා කර ගැනීම හා දියවැඩියාව පාලනය කර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි, නිරෝගී දරුවෙකු ලබා ගැනීමට.


තවත් කාරණයක් තමයි, අම්මාගේ සීනි ප්‍රමාණය නිතර වැඩි වූණොත් දරුවාගේ සීනි ප්‍රමාණයත් වැඩි වෙනවා. එවිට ලොකු බබෙක් හැදෙනවා. බබාගේ ශරීරයේ රතු ෙසෙල ප්‍රමාණය වැඩිවෙනවා. බබා ඉපදුණාට පසූවත් බොහෝ සංකූලතා ඇතිවෙනවා. බබාට හූස්ම ගැනීමේ අපහසූතා පවා ඇතිවෙන්න පූළුවන්.


රතු ෙසෙල විනාශ වීම නිසා බබා කහ වෙන්න පූළුවන්. බබාගේ සීනි ප්‍රමාණය එක්වරම අඩූ වීම නිසා වලිප්පූව ඇති වෙන්න පූළුවන්.


මේ සියලු අපහසූතාවලින් මිදෙන්න නම්, අම්මා තමාගේ සීනි තත්ත්වය නිසි ලෙස පාලනය කරගත යූතුයි. මේ සඳහා කළ යූතු හොඳම දේ දියවැඩියාව ඇති කාන්තාවක් ගැබ්ගත් වහාම මූලින් පැවසූ පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමයි. අනෙකුත් සායනවලට සහභාගි වීමේ වරදක් නැහැ. නමූත් විශේෂඥ වෛද්‍යවරයෙකු රජයේ රෝහලකදී හෝ පෞද්ගලිකව හමූවී උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.


යම් ලෙසකින් ඔබට ඔබේ වෛද්‍යවරයා දරුවන් හදන්නට එපායැයි උපදෙස් දුන්නොත් ඔබට එම අදහස පිළිගන්නට සිදුවෙනවා. දියවැඩියාව නිසා ඇස්වලට හා වකුගඩූවලට ගැටළු ඇතිවූ විට එවැනි කාන්තාවක් දරු පිළිසිඳ


ගැනීමකට ලක්වූවහොත් ඇස් නොපෙනී යාමට, වකුගඩූ අක්‍රියවීමට පූළුවන්. ඒ නිසා හැමවිටම වෛද්‍ය උපදෙස් අනූව කටයූතු කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.





දකුණූ කොළඹ (කළුබෝවිල) මහ රෝහලේ
ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය
අජිත් රාජපක්ෂ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment