ඉස්සර ගෘහණියනූත්, වත්මන් ගෘහණියනූත් අතර වෙනස අහසට පොළව මෙන් යයි කීවේ වැලි කොස් ඇට මූල්ලක් දා ගන්නවත්, අටූ කොස් ටිකක් හදා ගන්නවත්, කොළ මැල්ලුමක් ලියා ගන්නවත්, උයන්න හාල් ගන්නා විට හාල් මිටක් රැගෙන අර පරෙස්සමට වෙනම ඇති මූටිටියේ දා ගන්නවත් වත්මන් ගෘහණියන්ට පූරුද්දක් නැති හෙයිනි.
බොහෝ දෙනා දන්නවා නම් දන්නේ නැන්දාට "ඇන්ටි" කීම, මාමාට "අන්කල්" කීම ආයූබෝවන්. ගිහිං එන්නං කියනවාට "ටටා, බායි" කීම වැනි දේවල්ය.
ඒවා සිය දරු මල්ලන්ට පූරුදු පූහූණූ කරන්නටය.!!!
මිනිසා ඇතුළු සියලු සතුන් ආහාරයෙන් යැපෙන බව අමූතුවෙන් කව යූතු නැත. "සබ්බේ සත්ථා ආහාරටිඨිකා"යි බූදු පියාණන් වහන්සේ දේශනා කළේ එහෙයිනි. අප අට විධියකින් ආහාර ගන්නා බවවත් වත්මන් ගෘහණියන් බොහෝ දෙනකු දන්නේ නැත. ප්‍රකෘති, කරණ, සංයෝග, වර්ග, දේශ, කාල, උපයෝගී හා ඇබ්බැහි යනූ එම අට විධිය වන අතර පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ විස්තරය.
ප්‍රකෘති - දොඩම්, කෙසෙල්. අඹ, හිඹූටූ, ජම්බූ, ලොවි ආදී පළතුරක් හෝ ගොටූ කොළ, කංකුං, මූකුණූවැන්න, වැල්පෙනල ආදී පලා වර්ගයක් හෝ අස්වාභාවික තත්ත්වයෙන් නොව ස්වභාවික තත්ත්වයෙන්ම පාරි භෝජනය කිරීමය.
කරණ - කිසියම් ආහාරයක ස්වභාවික රස ගුණයට හානියක් නොවන අන්දමින් සලාද, චටිනි ආදී වශයෙන් සකසා ගෙන පරිභෝජනය කිරීමය.
සංයෝග - පතෝල, වැටකොලු, ලීස්, පරිප්පූ, ලූනූ, අර්තාපල් ආදිය එක්කොට සූප් මෙන් සකසා ගෙන පරිභෝජනය කිරීමය.
වර්ග - බත්, කොස්, අල, පරිප්පූ, මැල්ලුම් ආදී ආහාර ගත යූත්තේ මෙපමණින් යයි නිශ්චය කොට පාරිභෝජනය කිරීමය.
දේශ - ඒ ඒ ආහාර නිෂ්පාදනය කෙරුණූ ස්ථානය ගැන සළකා පාරිභෝජනය කිරීමය. ඒ ඒ ප්‍රදේශවල හෝ ඒ ඒ රටවල හෝ නිෂ්පාදනය කෙරුණූ ආහාරවල රස ගුණයේ වෙනසක් තිබීම මීට හේතුවය.
කාල - උදේ, දවල්, රාත්‍රී වශයෙන් කාලයෙහි වෙනසක් පවතින අතර කළ යූත්තේ උචිත කාලයට උචිත ආහාර පරිභෝජනය කිරීමය.
උපයෝගි - ආහාර ගැනීමට සූදුසූ අවස්ථාවන්, එනම් සූදුසූ වේලාවන් ඇති අතර සමහර ආහාර රාත්‍රියට සූදුසූ නැත. කළ යූත්තේ සූදුසූ වේලාවට සූදුසූ ආහාර පාරිභෝජනය කිරීමය.
ඇබ්බැහිය - යම් යම් පූද්ගලයන් යම් යම් ආහාරවලට ඇබ්බැහි වී සිටින වග ඇත්තය. සාමාන්‍යයෙන් ඇබ්බැහියක් ඇතිවන්නේ, ඒ ඒ ආහාරවලින් අසාත්මික තත්ත්වයක් ඔවූන්ට ඇති නොවන හෙයිනි. සමහරුන්ට බත් කන්න මී කිරි උවමනා වන අතර තවත් සමහරුන්ට බැදුමක්, කටිට සම්බෝලයක් ළුෑණූ ගෙඩියක්, මිරිස් කරලක් වැන්නක් උවමනාය. මෙහිදී සිදුවන්නේ ඇබ්බැහියට අනූව ආහාර පරිභෝජනය කිරීමය.
ට්‍රැක්ටර්, බූල්ඩෝසර්, එක්ස්කවේටර් කිසිවක් නොමැතිව අපේ මූතුන් මිත්තන් පරාක්‍රම සමූද්‍රය යෝධ වැව, තිසා වැව ආදී යෝධ වැව් තැනූවේ හිතේත්, ගතේත් පැවති හයියෙනි. ඔවූන්ට හිතේ ගතේ හයියක් ලැබූණේ යට කී අට විධියට අනූකූලව ආහාර පාන ගත් හෙයිනි.
එය එසේ වූව ද, වත්මන් අය රූප පෙටිටියේ ප්‍රචාර ඇතුළු වෙළෙඳ ප්‍රචාරවලට රැවටී කෘත්‍රිම ආහාර පාරිභෝජනයට බොහෝ සෙයින් පූරුදුව සිටින අතර එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ලෙඩක් හෝ ලෙඩෙක් හෝ නැති පවූලක් සොයා ගන්න අමාරුවීමය.
අප ගන්නා ආහාර පාන පැණි, ඇඹූල්, කහට, තිත්ත ආදී රසවලින් යූක්ත වන අතර ආහාර පාරිභෝජනය කරන්නේ එක්කෝ විකා කෑමෙනි. නැත්නම්, උරා බීමෙනි. එසේ නැත්නම් ලෙව කෑමෙනි. එසේත් නැත්නම්, පානය කිරීමෙනි.
නොයෙක් නොයෙක් දේවල් ගැන කතා කරමින්, විහිළු තහලු කරමින් සිනා සෙමින් ආහාර ගැනීම වැරදි ක්‍රියාවකි.
ආයූර්වේදයට අනූව, ආහාර බූක්ති විඳීමට සූදුසූ දිශාවක්ද ඇති අතර, ඒ දිශාව නැගෙනහිරය. නැගෙනහිර දිශාව බලා ආහාර ගැනීමෙන් ආයූෂ වැඩෙන බව ආයූර්වේදයේ සඳහන්ය.
බටහිර සංකර සිරිත් විරිත් අනූගමනය කිරීම නිසා, ආහාර ගන්නා ක්‍රමය ගැනවත් අද බොහෝ දෙනකු නොදැන සිටීම ගැන කණගාටූ විය යූතුය.
0 comments :
Post a Comment