බත රස කරන සලාද


පිපිඤ්ඤා සහ සැමන් සලාද
අවශ්‍ය ද්‍රව්‍ය ඃ පිපිඤ්ඤා ගෙඩි 1 සැමන් ටින් 1 ලොකු ළුෑනූ ගෙඩි 1 ළුෑනූ කොළ මේස හැඳි 4 අඹරාගත් අබ තේ හැඳි 2 ගම්මිරිස් කුඩූ තේ හැඳි 2 අමූ මිරිස් කරල් 2 (සිහින්ව ලියා ගන්න) දෙහි ඇඹූල් තේ හැඳි 1

සාදන ක්‍රමය ඃ සැමන් කැබලි සාමාන්‍ය තරමට කපාගන්න. පිපිඤ්ඤා ගෙඩිය ශුද්ධ කර ගේ්‍රටරයකින් ගා ගන්න. නැතිනම් පිහියකින් කුඩාවට කපාගන්න. බඳුනක් ගෙන එයට අඹරාගත් අබ, ගම්මිරිස් කුඩූ, සිහින්ව ලියාගත් අමූ මිරිස් හා සිහින්ව කැපූ ළුෑනූ එකතු කරන්න. දෙහි ඇඹූල් ද එක් කර හොඳින් මිශ්‍ර කරන්න. පිපිඤ්ඤා කැබලි දියර ගතිය නොමැතිව එයට මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයට සැමන් කැබලි එක්කර ප්‍රවේසමෙන් කලවම් කරන්න. කුඩාවට කපාගත් ළුෑනූ කොළ අවසානයේදී එකතු කරන්න.


අන්නාසි සලාද
අවශ්‍ය ද්‍රව්‍ය ඃ අන්නාසි කැබලි කෝ. 1 ගී්‍රන් පීස් කෝ. 1/2 පොල් මේස හැඳි 2 අමූ මිරිස් කරල් 3 යෝගටි 1 කොත්තමල්ලි කොළ මේස හැඳි 1 දෙහි ඇඹූල් තේ හැඳි 1 මිරිස් කෑලි තේ හැඳි 2 අබ තේ හැඳි 1 රස අනූව ලුණූ තෙල් මේස හැඳි 3
සාදන ක්‍රමය ඃ පොල්, අමූ මිරිස්, කොත්තමල්ලි කොළ හොඳින් අඹරාගන්න. තෙල් ලිප තබා රත්වන විට මිරිස් කෑලි, අබ ඇට එක් කරන්න. අඹරාගත් ද්‍රව්‍ය එකතු කරන්න. නිවෙන්නට මද වෙලාවක් තබා යොග්ටි කෝප්පය එක් කරන්න. හොඳින් මිශ්‍ර කර දෙහි ඇඹූල් ද එක් කර රස අනූව ලුණූ දමන්න. අන්නාසි කෑලි හා ගී්‍රන් පීස් කලවම් කරගන්න.
සලාද කොළ අතුරාගත් දීසිය මැදට සාදාගත් සලාද මිශ්‍රණය අතුරන්න.

කුකුළු මස් සලාද
අවශ්‍ය ද්‍රව්‍ය ඃ කුකළු මස් ග්‍රෑම් 250 පොල් කිරි මේස හැඳි 1 - 2 මිරිස් සෝස් මේස හැඳි 1 දෙහි ඇඹූල් මේස හැඳි 1 බැදපූ රට කජූ මේස හැඳි 2 තක්කාලි ගෙඩි 1 ළුෑනූ කොළ මේස හැඳි 2 රස අනූව ලුණූ විනාකිරි මේස හැඳි 2
සාදන ක්‍රමය ඃ විනාකිරි හා ලුණූ දමා කුකුළු මස් තම්බා කුඩා කැබලිවලට කපා බැදගන්න. තක්කාලි කුඩාවට කපාගන්න. ලොකු ළුෑනූ රවූමට කපන්න. තම්බා බැදගත් මස්වලට ළුෑනූ, තක්කාලි හා රස අනූව ලුණූ දමන්න. මිරිස් සෝස් හා දෙහි ඇඹූල් ද එක් කරන්න. පොල් කිරි දමා මිශ්‍ර කර කුඩාවට කපා ගත් ළුෑනූ කොළ හා බැදපූ රටකජූ දමාගන්න.

මිශ්‍ර සලාද
අවශ්‍ය ද්‍රව්‍ය ඃ කැරටි ග්‍රෑම් 200 ගෝවා ග්‍රෑම් 100 අන්නාසි කෑලි කෝප්ප 1/2 විනාකිරි තේ හැඳි 1 වියළි මිදි ග්‍රෑම් 50 ගී්‍රන් පීස් ස්වල්පයක් අඹරාගත් අබ තේ හැඳි 2 සීනි තේ හැඳි රස අනූව ලුණූ
සාදන ක්‍රමය ඃ කැරටි දිග අතට සිහින්ව කුඩා කැබලිවලට කපන්න. ගෝවාත් දිග අතට සිහින්ව කපන්න. අන්නාසි කුඩා කැබලිවලට කපාගන්න.
ලුණූ, ගම්මිරිස්, අබ, විනාකිරි, සීනි එකට මිශ්‍ර කරන්න. කපාගත් කැරටි, ගෝවා, අන්නාසි, මිශ්‍ර කරන්න. ගී්‍රන් පීස් හා වියළි මිදි ද කලවම් කරන්න. කුඩාවට කපාගත් සලාද කොළ එක් කිරීමෙන් වඩාත් රසවත් කර ගත හැක.

මිශ්‍ර එළවළු සලාදයක්
අවශ්‍ය ද්‍රව්‍ය ඃ කැරටි ග්‍රෑම් 150 ගෝවා ග්‍රෑම් 100 ගී්‍රන් පීස් මේස හැඳි 2 රතුළුෑනූ ග්‍රෑම් 100 මූදවාපූ කිරි කෝ. 1/2 සීනි තේ හැඳි 1 - 2 රස අනූව ලුණූ මිරිස් කුඩූ තේ හැඳි 1/2 දෙහි ඇඹූල් තේ හැඳි 2
සාදන ක්‍රමය ඃ බඳුනක් ගෙන එයට මූදවාගත් කිරි, සීනි, මිරිස් කුඩූ, දෙහි ඇඹූල් හා ලුණූ එකතු කර හොඳින් ගසන්න. එම බඳුන ශීතකරණයේ තබන්න. කැරටි සිහින්ව ගා ගන්න. ගෝවා හා රතුළුෑනූ කුඩාවට කපාගන්න. භාජනයකට ගෝවා, කැරටි දමා කලින් සකස් කරගත් කිරි මිශ්‍රණය එම බඳුනට එක් කරන්න. ලියාගත් ළුෑනූ ද එක් කරන්න. ගී්‍රන් පීස් ද එක් කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. මෙය ශීතකරණයේ තැබූ විට වඩාත් රසවත්ය.


මාළු සලාද
අවශ්‍ය ද්‍රව්‍ය ඃ මාලු ග්‍රෑම් 250 රතු ළුෑනූ ගෙඩි 10 තක්කාලි ගෙඩි 1 පොඩි ගස්ලබූ ගෙඩි 1 තලාගත් ඉඟුරු තේ හැඳි 2 තලාගත් සූදු ළුෑනූ බික් 4 අමූ මිරිස් කරල් 10 අඹරාගත් අබ තේ හැඳි 2 විනාකිරි මේස හැඳි 2 රස අනූව ලුණූ
සාදන ක්‍රමය ඃ කටූ ඉවත් කරගත් ලොකු මාළු හතරැස් කුඩා කැබලිවලට කපා ගැඹූරු තෙලේ බැද ගන්න. රතු පාට තක්කාලි හා ගස්ලබූ ගෙඩිය ද හතරැස් කුඩා කැබලිවලට කපාගන්න. භාජනයක් ලිප තබා විනාකිරි, ලුණූ, අඹරාගත් අබ එක්කර උණූ කරන්න. එයට තලාගත් ඉඟුරු, සූදු ළුෑනූ එක් කරන්න. අමූ මිරිස්, රතු ළුෑනූ හා ගස්ලබූ කැබලි එක්කර විනාඩි 3 - 4 ක් පිසගන්න. අවසානයේ බැදගත් මාළු හා තක්කාලි කැබලි එක් කරන්න.

තවත් විනාඩියක් පමණ උයා ලිපෙන් බා ගන්න. පැය 3 ට පසූ පාවිච්චියට ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment