ස්නානයේදී මේ ගැනත් සැලකිලිමත් වන්න






ස්නානයේදී මේ ගැනත් සැලකිලිමත් වන්න
• ස්නානයට සුදුසුම වෙලාව දහවල් කාලයයි. (විශේෂයෙන් සෙම රෝගීන් සදහා)
• ගල් හා රළු බුරුසු යොදා සම ඇතිල්ලීමෙන් වළකින්න. මෙමගින් සම මතුපිට කුණු ඉවත් වන්නා සේ දුටුවද එමගින් සිදුවන්නේ ඒ මතුපිට ඇති සියුම් සම හම යාමක් බව දැනගන්න. ඒ සදහා මෘදු යමක් භාවිතා කරන්න.
• හිසට යොදන ෂැම්පු සහ කන්ඩිෂනර් මුහුණට හෝ සිරුරට නොතැවරෙන සේ ගෙල පහළට කර හිසකෙස්ද පහළට කර ගල්වා සෝදා හරින්න. නැතහොත් ඔබේ මුහුණේ , නළලේ,සිරුරේ සම මතුපිට ,පිටේ වැනි ස්ථානවල මේවා රැදීමෙන් සියුමි බිබිලි ලප කැලැල් මතුවේ.
• හොදින් ෂැම්පු හා සබන් යනතුරු ඇල් ජලයෙන් සිරුර සෝදාගත් පසුව ස්නානය අවසන් කරන්න. ඒ නිසා සබන් ගෑමට පෙර ඇල් ජලය දොවා ගත්තාට වඩා සබන් ගැමෙන් පසුව ඇල් ජලය දොවාගත යුතු බව මතක තබාගන්න.
• කිසිම අවස්ථාවක හිසකෙස් පිස දමන විට හිස තද කර තුවායෙන් හිස පිරිමැදිම නොකරන්න. එවිට තෙත් ගතියට බුරුල් වී කෙස් ගස තව තව ගැලවී යාම සිදු වේ. එමෙන්ම හිස පහළට දමා හිසකෙස් අගට තුවායෙන් ගසමින් ජලය ඉත් කිරිම නොකරන්න. එමගින් ඔබේ හිස කෙස් අග කලක් යනවිට පැලි යාවි.
• සිරුර පිසදමන විටද තුවායෙන් සම තද කර අතුල්ලමින් පිරිමැදිම නොකරන්න. විශේෂයෙන්ම ඔබේ මුහුණ ස්නානයෙන් පසු හැකි තරම් සිරුර සහ මුහුණ තෙත මාත්තු වන ලෙස පමණක් පිස දමන්න. සිරුරේ ජලය රදා පවතින්නට නොදි හිසේ සිට පාදාන්තය දක්වාම ජලය හොදින් පිස දමා හරින්න. නැතිනම් ජලය රැදුණු ස්ථානවල සම පසුකලෙක වියළි ස්වභාවයක් ගනී. විශේෂයෙන්ම දෙපා.
• හැකි නම් ස්නානයෙන් පසුව සිරුර පුරා බොඩිලෝෂන් වර්ගයක් ආලේප කරන්න. එමගින් සම වියළිම වැළකී සම සිනිදු වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment