දියවැඩියාව ඇති කාන්තාවක් දරු ප්‍රසූතියට සූදානම් වීමේදී සැළකිලිමත් විය යූතු කාරණා ගැන අපි පසූගිය ලිපිවලින් සාකච්ඡා කළා. අද අපි කතා කරන්න යන්නේ දියවැඩියා රෝගය නොමැති අය, බබෙක් ලැබෙන්නට සූදානම් වූ පසූ සති 20-22 කාලයේදී හෝ ඊට පසූව දියවැඩියා තත්ත්වයට ලක්වීම ගැනයි.
මේ දියවැඩියා තත්ත්වය ඇතිවීමට හැකියාවක්, ප්‍රවනතාවක් ඇති කාන්තාවන් සිටිනවා. විශේෂයෙන්ම පවූලේ ළඟ ඥාතීන්ට දියවැඩියාව තිබෙනවා නම් මෙහි අවදානම වැඩියි. ඒ වගේම පෙර ගර්භණී අවස්ථාවකදී දියවැඩියාව රෝගය ඇති වූවානම් එවැනි අයටත් අවදානමක් තිබෙනවා. එසේම පෙර ගර්භනී අවස්ථාවකදී බබෙක් නැතිවෙලා හෝ කිලෝ 4-5 පමණ බබෙක් ප්‍රසූත කර ඇති මවූවරුන්ටත් මේ අවදානම තිබෙනවා.
මේ දියවැඩියා තත්ත්වය ඇතිවීමට හැකියාවක්, ප්‍රවනතාවක් ඇති කාන්තාවන් සිටිනවා. විශේෂයෙන්ම පවූලේ ළඟ ඥාතීන්ට දියවැඩියාව තිබෙනවා නම් මෙහි අවදානම වැඩියි. ඒ වගේම පෙර ගර්භණී අවස්ථාවකදී දියවැඩියාව රෝගය ඇති වූවානම් එවැනි අයටත් අවදානමක් තිබෙනවා. එසේම පෙර ගර්භනී අවස්ථාවකදී බබෙක් නැතිවෙලා හෝ කිලෝ 4-5 පමණ බබෙක් ප්‍රසූත කර ඇති මවූවරුන්ටත් මේ අවදානම තිබෙනවා.
තවත් අවස්ථාවක් තමයි, ගර්භනී කාලයේදී කිසිම හේතුවක් නැතිව බබාගේ වතුර ප්‍රමාණය වැඩි වූනොත් එවැනි අයටත් මේ අවදානම තිබෙනවා.
මේ තත්ත්වය නිවැරදිව හඳුනාගැනීම සඳහා සායනවලදී විවිධ පරීකෂණ සිදු කෙරෙනවා. බොහෝ දෙනා දන්නා ලෙසට මූත්‍රා පරීක්ෂණය ඉන් එකක්. නමූත් ගර්භනී මවූවරුන්ගේ මූත්‍රා පරීකෂාව සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ, දියවැඩියා රෝගය හඳුනාගන්න. මූත්‍රාවල සීනි තිබූ පමණින් ඇයට දියවැඩියා රෝගය තිබෙනවා යැයි කියන්නට බැහැ. එය මූලික පරීකෂණයක් පමණයි. එයින් සීනි ඇති බව හඳුනා ගත්තොත් ඨඔඔ (ඨකමජදිැ ඔදක්ර්ි ඔැිඑ- පරීක්ෂණය කරනවා. මේ පරීක්ෂණය කරන්නේ පැය 12 ක් නිරාහාරව සිටීමෙන් පසූවයි. එහිදී එක් රුධිර සාම්පලයක් ලබාගෙන ඉන්පසූව ග්ලුකෝස් ග්‍ර්‍රෑම් 75 ක් වතුර මි. ලි. 200 ක් සමග පානය කිරීමට දී පැයකින්, පැය 2 න් රුධිර සාම්පල් ලබා ගන්නවා. මේ පරීකෂණය මගින් මවට දියවැඩියාව තිබේ දැයි හඳුනාගත හැකිය.
මේ ඨඔඔ පරීකෂණයම ගර්භණී නොවන සාමාන්‍ය අයටත් සිදු කරනවා. ඒ සාමාන්‍ය පූද්ගලයෙකුට දියවැඩියාව තිබේදැයි හඳුනා ගැනීමට. එහිදී පැය 12 ක් නිරාහාරව සිටීමෙන් පසූ, ග්ලුකෝස් පානය කර පැය 1�2 න්, පැයකින්, පැය එකහමාරකින්... ආදී ලෙස දිගින් දිගටම පරීකෂා කෙරෙනවා. නමූත් ගැබිණී මවකට ඒ සියල්ල අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ පැය 12 ක් නිරාහාරව සිටීමෙන් හා ග්ලුකෝස් පානය කර පැයකින් හා පැය දෙකකින් ලබාගන්නා රුධිර සාම්පල් පරීකෂා කිරීමට පමණයි. මේ වාර්තා තුන පරීකෂා කිරීමෙන් වෛද්‍යවරයෙකුට කියන්නට පූළුවන් මවට දියවැඩියාව තිබෙනවාද, දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙනවාද කියලා. මේ පරීකෂණයේදී තීරණය කළොත් දියවැඩියාව තිබෙනවා කියලා අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සඳහා යොමූ කෙරෙනවා.
මේ ඨඔඔ පරීකෂණය සෑම ගර්භනී මවකටම සිදුකරන්නේ නැහැ. මූලින් පැවසූ ලෙසට වැඩි අවදානමක් තිබෙන හා වෛද්‍යවරයා තීරණය කළ මවූවරුන්ට පමණයි මේ පරීකෂණය සිදුකරන්නේ.
රෝගය හඳුනාගත් මවූවරුන්ට බොහෝ අවස්ථාවලදී ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන්නේ රෝහලේ නතරවීමෙන් පසූවයි. එහිදී මූලින්ම ආහාර පාලනය කිරීම සිදුකෙරෙනවා. ඉන්පසූව ආහාර පාලනය මගින් රුධිරයේ සීනි ප්‍රමාණය අඩූ වූවා දැයි බැලීමට රුධිර පරීකෂණ කෙරෙනවා. එහිදී සීනි ප්‍රමාණය පාලනය වී ඇති බව හෙළි වූවොත් මව නිවසට යවනවා. ඉන් පසූවත් රුධිරය පරීකෂා කිරීම දිගින් දිගටම සිදුවෙනවා. එම පරීකෂණය කරන්නේ ආහාර ගෙන පැය 2 ට පසූව ලබාගන්නා රුධිර සාම්ලපයක් මගින්. නමූත් නවතම සොයා ගැනීම්වලට අනූව ආහාර ගෙන පැයකට පසූව ලබාගන්නා රුධිර සාම්පලයකින් කෙරෙන පරීකෂාව මගින් ද ඉතා හොඳ ප්‍රතිඵල ලබන්නට පූළුවන්.
යම් මවකට ආහාර පාලනයෙන් පමණක් සීනි පාලනය කළ නොහැකි බව හෙළි වූවහොත් ඉන්සියූලින් ලබාදීමට සිදුවෙනවා.
ගර්භණී බවට පත්වූ පසූව දියවැඩියා තත්ත්වය ඇතිවූ මවූවරුන්ටද මූහූණදීමට සිදුවන්නේ දියවැඩියා රෝගය ඇති මවක් ගැබ්ගත් පසූව මූහූණ දෙන ප්‍රජනක සංකූලතාවලටමයි.
0 comments :
Post a Comment