ක්‍රෝධය අනූභව කරන යකෂයකු පිළිබඳව අපූරු කතාවක් සංයූක්ත නිකායේ දැක්වෙයි. ඒ මෙබඳුය.
දිනක් ක්‍රෝධය අනූභව කරන බලසම්පන්න අමනූෂ්‍යයෙකු පැමිණි ශක්‍ර දෙවියන්ගේ අසූනේ වාඩි වෙයි. ඒ දුටූ සෙසූ දෙවිවරු බෙහෙවින්ම කෝපයට පත්ව මේ අමනූෂ්‍යයාට දොස් පවරන්නට වූහ. මෙසේ දිගින් දිගටම බනිද්දී මේ යකෂයාගේ ස්වරූපය වඩ වඩාත් සූන්දර වෙයි. ප්‍රභාෂ්වර වෙයි. මේ සිදුවීම දකින ශක්‍රයා පැමිණ ආසනය ළඟ දණගසා අමනූෂ්‍යයා දෙසට වැඳගෙන මෙසේ කියයි.
"පිංවතුනි, මම තමයි මේ දෙදෙව් ලොවට අධිපති ශක්‍රයා." මෙසේ කියන විට ශක්‍රයා තුළ කෝපයක් නැත. අර අමනූෂ්‍යයාට මෛත්‍රිය අනූභව කළ නොහැක. එබැවින් හෙතෙම ටිකෙන් ටික කුඩා වී ගොස් නොපෙනී යයි. එවිට ශක්‍රයා දෙවිවරුන් අමතා මෙසේ කියයි." "පිිංවත්නි, ඒ කෝපය අනූභව කරන යකෂයෙකි. ඔහූට ආහාර වූණේ ඔබේ සිතේ උපන් කෝපයයි."
මේ කතාව ඇසූවිට ඔබට සිහිපත් වෙන්නේ මොනවාද? ඔබ කෝපයට පත්වූ විට ඔබේ කෝපය ආහාර කරගන්නා තවත් අය සිටින බව සිහිපත් නොවේද?
කෙනෙක් කෝපයට පත්ව නපූරු සිතකින් යමක් කියනවා නම් අවට සිටින දුබල සිත් ඇති සමහරුන්ටද ඒ කෝපය ආහාර වේ. එවිට ඔවූහූද කෝපයට පත්වෙති. අමනූෂ්‍යයින් අතර පමණක් නොව මිනිසූන් අතරද කෙලෙස් ආහාරයට ගන්න පිරිසක් සිටින බවයි එයින් අපට තේරුම් යන්නේ. කෙනෙක් ද්වේශ කරන විට, වෛර කරන විට එයට භාජනය වන පූද්ගලයා තුළ ද බොහෝ විට ඒ හා සමාන ප්‍රතිචාර උපදියිි.
බූදුන් වහන්සේ පෙන්වා දී ඇති පරිදි ක්‍රෝධය විෂ මූල් ඇති, මිහිරි අග ඇති ගසක් වැනිය. විෂ මූල් නම් ක්‍රෝධයි. මිහිරි අග නම් පළිගැනීමෙන් පසූව ඇතිවන සතුටයි. නපූරු දෙයින් පෝෂණය වන පළිගැනීමෙන් සතුටූ වන ක්‍රෝධයේ වර්ධනය බාල කිරමට නම් ලොකු දමනය වීමක් අවශ්‍යය. මෛත්‍රි භාවනාව පූරුදු පූහූණූ විය යූත්තේ ඒ සඳහායි.
සිත දමනය කිරම පිළිබඳ කතාබහ කිරමේදී පිරිමින්ට වඩා කාන්තා පාර්ශවය ඉදිරියෙන් සිටින බව කිව යූතුමය. බණ භාවනා දාන මාන ආදී කටයූතු සඳහා පළමූවෙන්ම ඉදිරිපත් වන්නේ කාන්තාවන්ය. ලෞකික ගැටලු හමූවේ කාන්තාවන් සතු සංයමය, ඉවසීම සහ දරා ගැනීමේ හැකියාව ඊට බලපානවා විය යූතුය. එහෙත් ආගම දහම පිළිබඳ කැපවීම සාමාන්‍ය ජීවිතයට බාධාවක් කරගත යූතු නැත.
එක් අම්මා කෙනෙක් දිනක් මා හමූවට පැමිණ මෙසේ කීවාය. "ස්වාමීන් වහන්ස, මම බණ භාවනා කරන්න බොහොම කැමතියි. ඒත් ගෙදරින් මේවාට කිසිම උදව්වක් නෑ. දරුවන් මට නිතරම දොස් කියනවා. බණ භාවනා කරන්නට මා තුළ ඇති උනන්දුව දකින විට දරුවන් කෝපවෙනවා. මගේ දරුවන් ආගම දහමට හරි විරුද්ධයි."
මම මෙසේ කීවෙමි "දරුවන්ට පමණක් වරද පටවන්නේ නැතිව ඔය අම්මත් බලන්න තමන්ගෙන් මොනවා හෝ වරදක් සිදුවෙනවාද කියලා." අම්මා ඉස්සර දරුවන්ට රසට තේ ටික හදලා දුන්නා නම්, දැන් බණ භාවනාවට යොමූවීම නිසා ඒවා අතපසූ කිරම ගැන දරුවන් කෝපවෙනවා ඇති. ඉස්සර දරුවන්ගේ අඩූපාඩූ හොඳින් සොයා බැලු අම්මා දැන් එහෙම නොතකනවා නම් දරුවන් කෝප වෙනවා ඇති. සමහරවිට අම්මා කියනවා ඇති මේ ගෘහ ජීවිතය කරදරයක් බව. මේවා දාලා ගිහින් පූර්ණකාලීනව බණ දහමට යොමූවෙන්න ඕන කියලා. ඉතින් එහෙම නම් තමන්ගෙ අම්මාව තමන්ගෙන් ඈත් කළ ආගම දහමට ඒ දරුවෝ වෛර කරන එක පූදුමයක් නොවේ."
සැබැවින්ම එතැන සිදුවී තිබූණේද එයයි. ඒ අම්මා තම වරද තේරුම් ගත්තාය. පෙර පරිදිම බත උයා තේ හදා දී දරුවන්ට ආදරයෙන් සළකන්නට පටන් ගත්තාය. අපේ බොහෝ මවූවරු මේ තත්ත්වය තේරුම් නොගනිති. ගෘහ ජීවිතය ආගම ඇදහීමට ධර්මයේ හැසිරමට බාධාවක් නොවේ. පොදු යහපත උදෙසා කටයූතු කිරම, මෛත්‍රීය, කරුණාව වැනි ගුණාංග හූදෙකලාව පූරුදු පූහූණූ කරනවාට වඩා තම එදිනෙදා ජීවිතය තුළට ඒවා ආදේශ කර ගැනීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලැබේ.
"මගේ උපදෙස් පරිදි අර මෑණියන් එදා පටන් වෙනදාටත් වඩා උනන්දුවෙන් ගෙදර දොර කටයූතුවල යෙදුනාය.
"අම්මා අද රසට තේ හදලා, බත් උයලා, දෙයි. දරුවන් ඇගේ වෙනසට හේතුව විමසන විට මෙසේ කීවාය. "පූතා, මම දැන් මෛත්‍රිය වඩනවා." අන්න ඒ මෛත්‍රියට දරුවෝ ද ඇලුම් කළෝය. වෙනදා මෙන් නොව අම්මාගේ බණ භාවනාවලට සහයෝගයද ලැබූණි.
මෛත්‍රී භාවනාව අප තුළ මෙලෙව ජීවිතය තුළ ලැබිය හැකි ආනිශංස 10 ක් තිබේ. බූදු දහම පරලොවට වැඩ පිණිස යයි. ඇතැමූන් විසින් හඳුන්වනූ ලබන්නේ බෞද්ධ දර්ශනය තුළ ඇති මේ ලකෂණය නොදන්නා කම නිසාය. මෛත්‍රී භාවනාවේ ආනිශංස 11 න් 10 ක් ම මෙලෙව වැඩ පිණිසය. පරලොව වැඩ සඳහා බලපාන ආනිශංස ඇත්තේ එකක් පමණි.
මෛත්‍රි භාවනාවේ අනූසස් කීපයක් පිළිබඳව අප පසූගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කළෙමූ. සැපසේ නින්දට යාමේ හැකියාව, සැපසේ අවදිවීමට ලැබීම, අසහනකාර හීන නොදැකීම, මිනිසූන්ට ප්‍රියවීම, අමනූෂ්‍යයින්ට ප්‍රියවීම, දෙවියන්ගේ රැකවරණය හිමිවීම, අනතුරුවලින් වැළැකීම, ඉක්මණින් සිත සන්සූන් කරගැනීමේ හැකියාව ඒ අනූහස් අතර වෙයි.
සමහරු ඉතා ආශ්චර්යමත් ලෙස හදිසි අනතුරුවලින් බේරෙන අයූරු අපට පෙනේ. එවැනි දේ සිදුවන්නේ අහම්බයෙන්ම නොවේ. එක් එක් පූද්ගලයාගේ ඇති අධ්‍යාත්මික ගුණ ධර්මද ඊට හේතුවේ. එක් තරුණයෙක් රේල් පාර අද්දරින් ඇවිදගෙන යන විට දුම්රියක යන්තමින් වැදී බිම ඇද වැටූණි. ඔහූගේ හිස වැදුනේ ගලකය. එහෙයින් තරුණයා මිය ගියේය. ඔහූ මිය ගියේ දුම්රියේ හැපීමෙන් නොව, හිස ගලක වැදීමෙනි. ගලක් වෙනූවට එතැන වැලිගොඩක් තිබූණා නම් තරුණයාට මියයන්නට සිදුවන්නේ නැත. අහම්බෙන් වැළකෙන අනතුරු මෙන්ම අහම්බෙන් සිදුවන මෙබඳු අනතුරු ගැන ද අප අසා ඇත්තෙමූ. මෛත්‍රිය වැනි කිසියම් අධ්‍යාත්මික ගුණ ධර්මයක් අප පූහණූ කර ගත යූත්තේ මෙබඳු අවස්ථාවන්ට මූහූණ දීම සඳහාය.
පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ
0 comments :
Post a Comment