කේන්දරයට වඩා ධාර්මික ජීවිතය වැදගත් -ජීවිතයේ සියලු කටයූතුවලදී කේන්දරය

බෞද්ධ නිවසක දරුවෙක් උපන් විගස කෙරෙන පළවෙනි කටයූත්ත නම් අලුත උපන් දරුවාට වේලාපත්කඩයක් සෑදීමයි. කොතරම් හොඳ බෞද්ධ නිවසක වූවත් මෙය සිදු වේ. ඉන්පසූ ඔහූගේ ජීවිතයේ සියලු කටයූතු සිදුවන්නේ අර අනූව මිස බෞද්ධ ධර්මයට අනූව නොවේ. වැඩිවියට පත්වන ඒ දරුවාද දෙමාපියන් අනූව යමින් ඔහූගේ ජීවිතයේ සියලු කටයූතුවලදී කේන්දරය ඉස්සර කර ගනියි.


නරක දශාවක් එළැඹ ඇත්නම් බෝධි පූජා කරති. මරණයට කැප වූ සතුන් නිදහස් කරති සෙනසූරු අපලයට කපූටන්ට ගිතෙල් කවති. මේ සියලු දෙය කරන්නේ ඒ සතුන් කෙරෙහි ඇතිවූ අනූකම්පාවත් බෝධිය කෙරෙහි ඇති වූ ගෞරවයත් නිසා නොවේ, අපලයෙන් බේරම සඳහාය. තමන් මේ විඳින්නේ කුසල අකුසල කර්මවල ඵල විපාක බව ඔහූට අමතක වේ. මේ සියලු දේ තම ග්‍රහ පිහිටීම්වල ගුණාගුණ බව හෙතෙම දෑඩි සේ විශ්වාස කරයි. මෙසේ දැඩි සේ කේන්ද්‍රයේ එල්ලීම නිසා මෙලොව පරලොව සසර ගමන පිළිබඳ අවබෝධය ඔහූගෙන් දුරස් වෙයි.


එහෙත් බූදුන්වහන්සේ දේශනා කර ඇති පරිදි මිනිස් ජීවිතය යනූ සසර ගමනේ එක්තරා නවාතැන් පොළක් පමණි. පින්දහම් කිරමට, ධර්මයේ හැසිරමට, ධර්මය ඇසීමට ලැබී ඇති මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම මිනිසාගේ යහපතට හේතු වේ. ඊළඟ ජීවිතය තීරණය වන්නේ මේ ජීවිතය ගෙවන අයූරින්ය. එහෙත් කේන්දරය සරණ ගිය තැනැත්තාට මේ බූදු වදන් අදාල නැත. ඔහූට පින් දහම් කිරමට, බණ ඇසීමට, ධර්මයේ හැසිරමට ඉවරයක් නැත. හෙතෙම කේන්ද්‍රයේ එන ග්‍රහ අපලවලට සෙත් ශාන්ති කරයි, නිමිති බලයි, සූබ නැකත් බලයි, යන්තර දමා ගනියි, මෙවැනි වැඩ සඳහා මූළු කාලයම වැය කරන විට පින් දහම් කරන්නට ඉවරයක් නැත.

1815 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාව යටත් කර ගත්තේ නැකත් බලා නොවේ. රට පාලනය කාලේද නැකත් බලා නොවේ. එහෙත් බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ රට අතහැර යන විට සිංහල බමූණන් නැකතට වැඩ පටන් ගත්හ. නැකතට දිවූරුම් දීමටත්, නැකතට පාර්ලිමේන්තුව පටන් ගැනීමටත්, පදවි ප්‍රාප්තවීමටත් අපේ පාලකයින් අමතක කළේ නැත. එහෙත් එදා මෙදා තුර මේ නැකත මගින් අපේ පාලන තන්ත්‍රයට මොනයම්ම හෝ යහපත් බලපෑමක් කළේද? නැකතට පාලනය ඇරඹූවත් මේ පාලකයන්ගෙන් අපේ රටට වූ යහපතක් තිබේද?

මා ටික කලක් ඉන්දියාවේ නතර වී සිටියෙමි. ලංකාවේ මිනිසූන්ට තරම් නැකැත් ගැන විශ්වාසයක් ඉන්දියානූවන් තුළ නොවූ බව නම් ඉඳුරාම කිව හැක. හිමාලයේ සාධූවරු නැකැත් බලන්නේ දිය නාන දවසට පමණි. එහෙත් ලංකාවේ පොඩි දරුවන්ට බත් කවන්නත්, කන් විඳින්නත්, අකුරු කියවන්නටත් කොටහළු ගෙදරටත්, මඟුලටත් නැකත් බලති. අන්තිමේදි මැරුණූ විට මිනිය උස්සන්නේ ද නැකතටය. නැකැත් සැබෑ නම් නැකතට අකුරු කියවූ සෑම දරුවෙක්ම මහ උගතුන් විය යූතුය. නැකතට විවාහවූ අඹූ සැමියන් දික්කසාද නොවී සිටිය යූතුය. එහෙත් අපේ රටෙ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනයට යන්නේ කීයෙන් කී දෙනාද? විවාහ දිවිය අසාර්ථක වී නීතියෙන් වෙන් වන අඹූසැමියන් කී දෙනෙක්ද?


බූදුන් වහන්සේ දිටිටධම්ම සූත්‍රයේ මෙසේ දේශනා කර තිබේ.

"මහණෙනි, මේ ලෝකයේ බොහෝ දෙනෙක් සැපසේ වාසය කරන්නට කැමැත්තේය. නිරන්ත්තර සැපයම ප්‍රාර්ථනා කරන්නෝය. එහෙත් සෑම දෙනාටම සැපසේ වෙසෙන්නට ඉඩක් නැත. සැප යනූ ප්‍රාර්ථනා කිරමෙන් පමණක් ලැබිය හැකිදෙයක් නොවේ. දීර්ඝායූස, භවභෝග සම්පත්, රූපසොභාව, නිරෝගි සම්පත් වැනි දේ ප්‍රාර්ථනා කළ තරමින් ලැබෙන්නේ නැත. මේවා ලැබෙන්නේ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසිනි. දීර්ඝායූෂ ලැබීමට නම් ඊට අදාල ප්‍රතිපදාවක යෙදිය යූතුය. භවභෝග සම්පත් ලැබීමට නම් ඊට අදාල ප්‍රතිපදාවක යෙදිය යූතුය. රූප සෝභාවන්, නිරෝගි බවත් ලබන්නට නම් ඊට අදාල ප්‍රතිපදාවක යෙදිය යූතුය. බූදුන් වහන්සේගේ ධර්මයේ එන මහා පරිනිබ්බාන සූත්‍රයේ සිල්වතාගේ ශිල සම්පත් පහක් ගැන විස්තර වෙයි. පංච ශීලය ප්‍රතිපදාවක් ලෙස රකින පූද්ගලයාට නොයෙක් සැප සම්පත් ලැබේ.

ඒ අනූව සැප සම්පත් ලැබෙන්නේ නැකතේ හොඳකමට නොවන බව ඔබට පැහැදිලි වනූ ඇත. සැප සම්පත් ලැබීමට නම් ධාර්මිකව ජීවත් වෙමින් උත්සාහයෙන්, උනන්දුවෙන් වීරියෙන් හරිහම්බ කිරමට පෙළඹිය යූතුය. කේන්දරයේ වරදින් සැප සම්පත් අහිමි වී යන්නේත් කේන්දරයේ සත්‍රභාවයෙන් සැප සම්පත් ලැබෙන්නේත් නැති බව මේ අනූව පැහැදිලි වනූ ඇත.



පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment