රසට කන්න චෙරි කේක් -cherry cake


විවිධ රසැති කේක් වර්ග රැසක් සාදන අන්දම මෙතෙක් පළවූ කේක් පාඩම්වලින් අපි ඉගෙන ගත්තා. අදත් අපි තවත් රසවත් කේක් එකක් සාදන අන්දම ඉගෙන ගනිමූ. මේ චෙරි කේක්.


අවශ්‍ය ද්‍රව්‍ය ඃ පිටි ග්‍රෑම් 250 සීනි ග්‍රෑම් 200 චෙරි දෝසි ග්‍රෑම් 50 බටර් ග්‍රෑම් 200 බේකිං පවූඩර් තේ හැඳි 2 බිත්තර 6 වැනිලා තේ හැඳි 1


සාදන ක්‍රමය ඃ බටර් හොඳින් ගසන්න. එයට සීනි ද මිශ්‍රකර ගසාගන්න. බිත්තර සහ පිටි ස්වල්පය බැගින් දමමින් හොඳින් ගසාගන්න. ඉන්පසූ චෙරි සහ අන්තිමට බේකිං පවූඩර් එකතු කර මිශ්‍ර කරන්න. වැනිලාද එකතු කරන්න

මෙය පලතුරු කේක් එකක් නිසා තැටියට පත්තර කොළ දමාගත යූතුයි. පළමූව පත්තර කොළ දමා එයට උඩින් තෙල් කඩදාසියක් දමා එහි බටර් තවරාගන්න.

දැන් සාදාගත් මිශ්‍රණය තැටියට දමන්න. සෙල්සියස් අංශක 200 ට රත්වූ උඳුනක දමා බේක් වෙන්නට හරින්න. කේක් එක පිපූණාට පසූ (විනාඩි 10 න් පමණ) සෙල්සියස් අංශක 150 ට උෂ්ණත්වය අඩූකර මිනිත්තු 40 ක් බේක් කරගන්න.

බේවූ කේක් එක හොඳින් නිවූණූ පසූ අයිසිං කර ගැනීමට පූළුවනි.




සූපවේදිනී හෙලන් මදනායක
ලිටිල් ෆ්ලවර් ඇකඩමි,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment