කම්මූල්ගාය වැළඳෙන සෑම දරුවාම වඳභාවයට පත්වන්නේ නැත


කම්මූල්ගාය රෝගී තත්ත්වය සමාජයේ බොහෝ විට ලොකු පොඩි හැම දෙනාටම ඇති විය හැකි තත්ත්වයකි. නමූත් කුඩා දරුවන්ට මෙම රෝගී තත්ත්වය ඇති වීමේදී දෙමවූපියන් දරුවා පිළිබඳ හොඳ අවධානයකින් ඉන්නට අවශ්‍යයි. මොකද දරුවන්ට රෝගී තත්ත්වයන් පිළිබඳ වැටහීමක් නැති බැවිනි.

කම්මූල්ගාය ඇති වූ විට කණ පෙදස ඇති කේඨ ග්‍රන්ථිය ලොකු වීම නිසාම මෙම නම ලැබී ඇත. ඒ වගේම මෙහි ඇති රෝගි ලක්ෂණ නිසා රෝගය පහසූවෙන්ම හඳුනා ගැනීමට පූළුවන. මෙම රෝගී තත්ත්වයේදී සමහර දරුවන්ගේ කම්මූලේ එක පැත්තක් මහත් වී වේදනාව වැඩි කරවන අතර අනෙක් කම්මූලේ ඉතා සූළු වෙනසක් පෙන්වයි. නමූත් සමහර දරුවන්ගේ කම්මූල් දෙකම මහත් වී ඉදිමී තිබෙයි.

වෛරස් රෝගයක් නිසා මෙම රෝගයට විශේෂිත වූ ප්‍රතිකාර නොමැති නිසා රෝගයෙන් පසූ ඇතිවිය හැකි ආබාධ මඟහරවා ගැනීමට සූදුසූ ප්‍රතිකාර වෛද්‍යවරයෙකුගෙන් ලබා ගත යූතුය. ඒ වගේම දරුවාට අනවශ්‍ය ලෙස මහන්සි වීමට ඉඩ නොදිය යූතුය. නොසැලකිලිමත්කමින් යූතුව සිටීමෙන් මෙම රෝගී තත්ත්වය අග්න්‍යාසයට සහ වෘෂණ කෝෂවලට බලපෑ හැකිය. කම්මූල්ගාය රෝගයේ බරපතලකම ඇතිවන්නේ මෙම ඉන්ද්‍රියන් දෙකට සිදුවන හානි මතය. එම නිසාම දරුවා පිළිබඳ හොඳ අවධානයකින් සිටීම ඉතාම වැදගත් වෙයි.

අපි දන්නවා පිරිමි දරුවන්ගේ වෘෂණවලට කම්මූල්ගාය වෛරසය ඇතුළු වූ විට මම්ස්ඔකයිටිස් තත්ත්වය නිසා වෘෂණවල ක්‍රියාකාරත්වය බොහෝ විට අක්‍රිය වන නිසා ශූක්‍රාණූ නිපදවීම අඩූ වීමෙන් නොයෙකුත් තත්ත්වයන් ඇතිවන බව. (එම හේතුව නිසා වඳභාවයට පත්වූ අවස්ථා දුර්ලව වූවද ඇත) ඒ වගේම මෙම තත්ත්වය පිරිමි දරුවන්ගේ වෘෂණවලට බලපාන ආකාරයෙන්ම ගැහැණූ දරුවන්ගේ ඩිම්බ කෝෂවලට ද බලපානවා. නමූත් වඳභාවය ඇතිවීමට තරම් එය හේතුවක් වෙන්නේ නැහැ.

කෙසේ නමූත් මෙවැනි රෝගී තත්ත්වයක් ඇති වූවහොත් දරුවා ආරක්ෂා කරගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යූතුය. එවිට දරුවා අනාරක්ෂිත තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා.


ළමා රෝග ශල්‍ය විශේෂඥ
වෛද්‍ය වයි. කුලසේකර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment