වැඩිපූර නිදාගැනීමත් නොනිදා සිටීමත් ඇඟට ගුණ නැහැ


නින්ද අපි කාටත් අවශ්‍යයයි. එහෙත් වැඩියෙන් නිදා ගැනීමත් නොනිදා සිටීමත් ශරීර සෞඛ්‍යයට බලපානවා.

සාමාන්‍යයෙන් අප ගෙවන ආයූෂ කාලය තුළ වසර පහක පමණ කාලයක් අපි වැය කරන්නේ නිදා ගැනීමට බව මොහොතකටවත් ඔබ සිතා ඇද්ද?

ඒ කෙසේ වූවත් නිදිවැරීම නම් ශරීර සෞඛ්‍යයට හිතකර නොවේ. රාත්‍රි කාලයේ නිදිවරා රැකියාවල නියූතුව සිටින අය සෙම් රෝග, ස්නායූ ගත රෝගවලට ඉතා පහසූවෙන් ගොදුරුවීමට ඉඩකඩ තිබෙනවා.

නින්දෙන් ඇවිදින අය පිළිබඳව ඔබ අසා තිබෙන්නට පූළුවන්. එසේ නැතිනම් දැක තිබීමටද පූළුවන්. මෙසේ බොහෝවිට නින්දෙන් ඇවිදින්නේ මානසික රෝගී තත්ත්වයක් හේතුවෙනි.

දහවල් කාලයේදී කළ කී දෑ පිළිබඳව තදින්ම සිතෙහි රදවා ගෙන ඒවා මෙනෙහි කරන අය මෙන්ම මොළයේ රොග හා ස්නායූ දුර්වලතාවයෙන් පෙළෙන අය මෙසේ නින්දෙන් ඇවිදියි. තද නිදිමත ගතිය හා නින්ද නොමැතිකම මගින්ද හෙළි කරනූ ලබන්නේ ශරීරයේ රෝගයක් ඇති බවට ඉඟියක්. ඒ හෙයින් ඔබටත් මේ ලකෂණ ඇත්නම් වහාම නිසි වෛද්‍යවරයෙකු මූණගැසීම යහපත්ය.

යෞවන වයසේදී විවිධ හේතූන් නිසා නිදිවරණ අය මහළුවියට පත්වූ පසූ නින්දට වැඩි කැමැත්තක් දක්වයි. රෝගියෙකුට නින්ද තරම් වෙනත් සහනයක් නොමැති තරම්ය.

යොවූන් වියේදී සමනල සිහින දකින හා ඒ මතම සිත යොදවනවිට සිත නිදැල්ලේ සැරිසරමින් නින්දට බාධා ඇති කරයි. නින්ද මද වීම නිසාම කැස්ස, ඇඳුම මානසික රෝග, දියවැඩියාව, නේත්‍රා රෝග හා ඉන්ද්‍රියන්වල දුර්වලතාවයන්ද ඇතිවෙයි. නින්ද අඩූකම නිසා මේ රෝග වැළඳෙන අතර මේ රෝගී තත්ත්වයන් නිසා ද නින්ද යාම අඩූවෙයි.

නින්ද අඩූකම ලෙඩ රෝග ඇති කරන්නා සේම නින්ද වැඩිකමද රෝග රැසකට හේතුවෙයි. නින්ද වැඩිකම හේතුවෙන් නහර තුළ ලේ කැටි ගැසී නින්දේදී අංශභාග රෝගයද වැළඳීමට හැකියි.

පිළිකා අර්බූද හා මොළයේ රෝගවලදී ද තද නිදිමත ගතිය ඇතිවීම හා නින්දයාම සිදුවෙයි.

දියවැඩියා රෝගයෙන් පීඩා විඳින අයට දිය පිපාසය ඇතිවීම නිතර නිතර මූත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම නිසා රාත්‍රි කාලයේදී නින්ද යාම අඩූය. එහෙත් දහවල් කාලයේ දියවැඩියා රෝගයෙන් පීඩා විඳින අයට තද නිදිබර ගතිය ඇතිවෙයි. මෙම රෝගය ඇතිවිමට මූලින්ම කරන ඉඟියක් ලෙස ද නිදිමත ගතිය දැනෙයි.

මානසික රෝගවලට ගොදුරු වූවන් ද රාත්‍රී කාලයේ අවදියෙන් සිට දහවල් කාලයේ නින්දට වැටෙයි. ඇතැම් අයට රාත්‍රියේ නින්ද නොයාම නිසා දහවල් කාලයේ අධික හිසරුදාව මානසික ව්‍යාකූලතාවය, නූරුස්සන ගතිය හා කළකිරීම් ඇතිවෙයි.

ඒ මතුද නොවෙයි. මොළයට සිදුවන පහරදීම්, වැටීම් ආදිය නිසා ඇතිවන තැලීම් නිසා මෙන්ම විෂ ශරීර ගතවීම නිසා ද ඇතැම් සංක්‍රමික රෝග නිසා ද අති නිද්‍රාව ඇතිවීමට පූළුවන්.

ඒ නිසා ශරීරයට ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමටත් මනස සන්සූන්ව තබා ගැනීමටත් කටයූතු කිරීම තුළින් ඔබට බොහෝ රෝග තත්ත්වයන් වළක්වා ගන්නට පූළුවන්.


ආයූර්වේද වෛද්‍ය
ශාන්ති කුසූම් නානායක්කාර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment