නිවසේ කෑම වේලේ වරද නිසාම පපූවේ අමාරුව ඇතිවෙන්න පූළුවන්


පපූවේ කැක්කුම. පපූවේ කැක්කුම ඇන්ජයිනා වේදනා කියලත් හඳුන්වනවා.
හෘදය වස්තුව පිහිටල තියෙන්නෙ පෙනහළු දෙකට මැදිවෙලා පපූ කුහරයේ වම් පැත්තට වෙන්න. ඉතින් පපූවේ වම් පැත්තට වෙන්න වේදනාවක් හැදුනොත් ඒවරම සිහියට න්නෙ පපූවෙ අමාරුවක් කියල තමයි.

වෛද්‍යවරයෙක් වෙතට යන්නෙත් බොහොම බයෙන්...

ඒත් පවූවේ ඇතිවන හැම වේදනාවක්ම හෘදය වස්තුවට සම්බන්ධ නැහැ. බොහොමයක් ඇතිවෙලා නැතිව යන කැක්කුම් හෘදයට සම්බන්ධ නැහැ.

හූස්ම ගැනීමත් සමග අඩූ-වැඩි වන වේදනාවන් ඒ අතර මේ අත හැරෙන විට ඇතිවන පපූවේ කැක්කුම් හෘදයට සම්බන්ධ නැහැ.

ඇන්ජයිනා කියන පපූවේ කැක්කුම මූලදී ඇතිවන්නේ යම් කිසි වැඩක් කරගෙන යනවිට ඇතිවන මහන්සියත් සමග ඔබ දන්නව යම් වැඩක් කරන විට ඒ සඳහා හෘදයෙන් පොම්ප කළයූතු රුධිර ප්‍රමාණය ඉහළ යනවා. ඒ කියන්නෙ හෘදය වැඩි කාර්ය ප්‍රමාණයක් කළ යූතු වෙනව.

මූලින් විස්තර කළ පරිදිම හෘදය කියන්නේ මාංශ පේශිවලින් තැණූනූ පොම්පයක්. හෘදය තුළ රුධිරය තිබූණාට එහි පේශිවලට රුධිරය උරාගන්නට බැහැ.

ඒ සඳහා මහා ධමනියෙන් ඇරඹෙන කිරීටක ධමනි (කුඩා ධමනි) මගින් හෘද පේශි පූරා ලේ බෙදා හරිනව. මේවා තරමක් කුඩා නාල.ච

යම් හේතුවක් නිසා මේ නාලවල අවහිරවීමක් වී තිබේ නම් හෘදය වැඩිපූර වැඩකරන වෙලාවට ඒ කියන්නේ ඔබ තරමක් මහන්සි වෙන වෙලාවට අවශ්‍ය තරමට රුධිරය ගෙනයාමට මේ කිරීටක ධමනිවලට නොහැකි වෙනවා.

අන්න ඒ වෙලාවට හෘද පේශිවල නිර්වායූ ස්වසනය (හෘදය සම්බන්ධ සිදුවන ක්‍රියාවකි) මගින් ලැක්ටික් අම්ලය හැදෙනව. මේ නිසා තමයි අපි මූලින් කී ඇන්ජයිනා කිරණ පපූවේ කැක්කුම ඇතිවෙන්නේ.

හෘදය වස්තුවේ මේ පේශිවලට රුධිරය සපයන කිරීටක ධමනි අවහිර වීමක් නැතිව තියෙන තාක් කල් අපට මෙවැනි කැක්කුමක් ඇතිවන්නෙ නැහැ.

එහෙම නම් කොහොමද මේ කිරීටක ධමනි අවහිර වෙන්නේ....

අප ගන්නා ආහාරවල ඇති අධික කොලෙස්ටරෝල් මේ නාලවල තැන්පත් වීම නිසා.
සිවිලිස් වැනි ලිංගාශ්‍රිත රෝගයක් කිරීටක ධමනි අවහිරවීමට හේතුවක්.

අධික රුධිර පීඩනය, ලේ හිඟකම, තයිරොක්සීන් හෝර්මෝන වැඩිවීම, අධික දුම්පානය, අධික මත්පැන් පානය වගේම අවශ්‍ය තරමට ව්‍යායාම නොලැබීමත් කිරීටක ධමනි අවහිරවීමට හේතුව.

වයසට යාමත් කිරීටක ධමනි අවහිරවීමට හේතුවක් වෙනවා.

ඉහත සඳහන් කළ හේතු නිසා කිරීටක රුධිර නාල අවහිරවීම හෝ වෙනත් ක්‍රමයට අවශ්‍ය රුධිර ප්‍රමාණය නොලැබී යාම නිසා ඇන්ජයිනා වේදනාව ඇතිවිය හැකියි.

ඉහත සඳහන් හේතු දෙස විමසිලිමත්ව බැලීමේදී පැහැදිලි වන දෙයක් තමයි මෙයින් බොහොමයක් අපට පාලනය කළ හැකි බව.

අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් වැළකීම, දුම්පානය අතහැරීම, මත්පැන් පානය අත්හැරීම වගේම අවශ්‍ය තරමට ව්‍යායාම ගැනීම අපට කළ හැකි දේවල්.

ඒ කියන්නෙ අනාගතයේ ඔබට ඔබේ සැමියාට ඔබේ සොහොයූරාට ඇන්ජයිනා රෝගය ඇතිවෙනවාට අකමැති නම් ඔබ දැන් සිටම ඔබට ඒ සඳහා ක්‍රියාමාර්ග ගත හැකියි. ඇත්තෙන්ම එය තිබෙන්නේ පවූලේ අම්මා අතේ, නැතිනම් ගෘහණිය අතේ. ඇත්තෙන්ම පාලනය කළ හැකි රෝගී තත්ත්වයකින් ගැළවී සිටීම එතරම් අපහසූ නැහැ.


වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි
හෘද රෝග ඒකකය,
ජාතික රෝහල, කොළඹ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment