පෑන් කේක් හදන්න ක්‍රම කිහිපයක්


පෑන්කේක් රසවත් කෑමකි. බොහෝ දෙනා දන්නේ පිටි, බිත්තර, බටර් හෝ තෙල් දමා සාදා ගන්නා පෑන්කේක්ය. නමූත් පොල් කිරි හා පිටි එකතු කිරමෙන් පමණක්ද පෑන් කේක් සෑදීමට හැක.


පිටි මිශ්‍රණය සාදා හොඳින් වැසූ භාජනයකට දමා ශීතකරණයක තැබූ විට අවශ්‍ය වෙලාවට පිටතට ගෙන පෑන්කේක් සාදාගත හැක. ආටා පිටි, ගී්‍රන් පීස්, තිරිඟු, අල එකතු කිරමෙන්ද පැන්කේක් සාදාගත හැක.

චයිනිස් රෝල් සහ පැණි පොල් යෙදූ පැන් කේක් බොහෝ දෙනා දන්නා ආහාරයකි. පෝෂණයෙන් යූතු ප්‍රධාන ආහාර වේලක් ලෙස පැන්කේක් හැඳින්විය හැක. රසවත් අතුරුපසක් ලෙසද පෑන්කේක් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලද විවිධ ක්‍රම අනූව සැකසූ පෑන්කේක් අතුරුපස වශයෙන් භාවිත කෙරේ. මෙය අඩූ වියදමින් සාදාගත හැකි ප්‍රනීත ආහාරයකි.


චයිනිස් රෝල් සඳහා පිරවූමඅවශ්‍ය ද්‍රව්‍ය ඃ තම්බාගත් පොලොස් ග්‍රෑම් 100 තම්බාගත් අල ග්‍රෑම් 100 කූනිස්සන් මේස හැඳි 1 රතුළුෑනූ ස්වල්පයක් අමූ මිරිස් ස්වල්පයක් කරපිංචා ස්වල්පයක් කුඩා රම්පේ කැබැල්ලක් තෙල් හෝ මාගරින් ස්වල්පයක් ලුණූ, ගම්මිරිස් කුඩූ ස්වල්පයක් මිරිස් කුඩූ ස්වල්පයක්


සාදන ක්‍රමයපොලොස් පොඩි කරන්න. අල කැබලි සිටින සේ පොඩි කරන්න. තෙල් හෝ මාගරින් ලිප තබා හීනියට කපාගත් ළුෑනූ, සූදු ළුෑනූ බැදෙන අතර හීනියට කපාගත් අමූ මිරිස් බැදෙන්න හරින්න. මෙයට පොලොස් දමා හැඳි මිටක ආධාරයෙන් කලවම් කරන්න. එයට අලද එක්කර කූරු ගාගන්න. ලුණූ, මිරිස්, ගම්මිරිස් කුඩූද එක්කර නැවත මද ගින්නේ තබා කූරුගා ලිපනිවා හීනියට කපාගන්නා ලද කරපිංචා, කුඩා කූනිස්සන් හෝ කුඩූකරගත් කූනිස්සන් දමා වසා තරමක් නිවූණූ පසූ පියන ඉවත් කර හොඳින් කලවම් කරන්න. මෙය පෑන්කේක් එක රස්නය තිබියදීම තබා ඔතා ගන්න.


සාමාන්‍ය පෑන් කේක්අවශ්‍ය ද්‍රව්‍ය ඃ පිටි ග්‍රෑම් 150 බිත්තර 1 ලුණූ ස්වල්පයක් කිරි කෝ. 1 උණූ කරගත් බටර් හෝ තෙල් තේ හැඳි 1 සීනි කැපූ තේ හැඳි 1

සාදන ක්‍රමය ඃ කිරිවලට උණූකරගත් බටර්, බිත්තර කහ මදය දමා ගසන්න. මෙය ලුණූ මිශ්‍ර කරගත් පාන් පිටි ටික ටික දමා ගසන්න. මෙය පැය 1/2 ක් පමණ තබා, සාදා ගැනීමට ප්‍රථම ගසාගත් බිත්තර සූදු මදය පිිටි මිශ්‍ර්‍රණයට දමා හොඳින් ගසන්න. එයට සීනිද එකතු කරන්න.



තිරිඟු ඇට පෑන් කේක් ඃඅවශ්‍ය ද්‍රව්‍ය ඃ ලපටි තිරිඟු ඇට කෝප්ප 1 පාන් පිටි කෝ. 1 1/2 සීනි කැපූ තේ හැඳි 1 ලුණූ ස්වල්පයක් මිටි කිරි කෝ්. 1 අවශ්‍ය වූවහොත් දිය කිරි ස්වල්පයක්

සාදන ක්‍රමය ඃ තිරිඟු ඇට පැය 2 ක් පමණ පෙඟෙන්නට දමන්න. මෙය හොඳට තම්බා පොඩි කරගන්න. පොල් කිරිවලට ලුණූ, සීනි කලවම් කර පිටි පොඩි කරගත් තිරිඟු පිටි දමා හොඳට ගසාගන්න. මෙය ඝනකම මිශ්‍රණයක් විය යූතුය. හොඳින් ගැලවෙන තැටියකට මාගරින් හෝ තෙල් ස්වල්පයක් තවරා (අඟල් 3 - 4 විශ්කම්භයෙන් යූතු) ඉතා කුඩා රවූම් පෑන් කේක් පූච්චා ගන්න. මෙය දෙපැත්ත දමා දුඹූරු වර්ණය එනතෙක් පූච්චාගන්න.


ආටා පිටි පෑන් කේක්අවශ්‍ය ද්‍රව්‍ය ඃ ආටා පිටි ග්‍රෑම් 500 අවශ්‍ය නම් පාන් පිිටි හෝ හාල් පිටි ග්‍රෑම් 100 බිත්තර 2 සීනි තේ හැඳි 1 පොල් කිරි කෝ. 4

සාදන ක්‍රමය ඃ ආටා පිටිවලට ලුණූ, සීනි කලවම් කරන්න. කිරිවලට බිත්තර දමා ගසා, ආටාපිටි මිශ්‍රණයට කලවම් කරන්න. සූදුසූ තැටියක ආටාපිටි පෑන් කේක් සාදාගන්න.


නොටී පෑන් කේක් ඃඅවශ්‍ය ද්‍රව්‍ය ඃ ළපටි තිරිඟු ඇට කෝ. 2 බැදගත් රට කජූ ග්‍රෑම් 100 හාල් පිටි හෝ පාන් පිටි ග්‍රෑම් 100 සූදු ළුෑනූ බික් 4 ඃ 5 බිත්තර 3 ඉඟුරු කැබලි 1 සූදුරු කැපූ තේ හැඳි 1/2 එළවළු තෙල් හෝ මාගරින් තේ හැඳි 1 (රටකජූ තෙල්ද සූදුසූයි)

සාදන ක්‍රමය ඃ තිරිඟු හොඳින් තම්බා ගන්න. තම්බාගත් තිරිඟු, රටකජූ, සූදුළුෑනූ, ඉඟුරු, සූදුරු සියල්ලම අඹරාගන්න. බිත්තර හොඳින් ගසා අඹරාගත් පිටි මිශ්‍ර්‍රණයට කලවම් කරන්න. පෑන් කේක් සෑදීමට සූදුසූ තැටියක් ගෙන තෙල් හෝ මාගරින් තවරා තැටිය රත් වූ පසූ පෑන්කේක් සාදාගන්න. මෙය දෙපැත්තම දමා පූච්චා ගත යූතුය. පිළිස්සීමේදී හැන්ඳෙන් තද කර ගත යූතුයි. මෙය දුඹූරු පැහැයෙන් යූක්තය. මෙම පැන්කේක් වර්ගය ඉන්දුනීසියානූවන්ගේ කෑමකි.




සූපවේදිනි ඃ නන්දනී අතුකෝරල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment