මෙහිදී ඉතාම වැදගත් වන්නේ මව නිසි පරිදි අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමයි. මවට වගේම ඉපදෙන දරුවාටද එය හොඳයි. මොකද ලිංගික හර්පීස් රෝගය තිබෙන කාන්තාවකට ලැබෙන දරුවා මෙම රෝගී තත්ත්වයෙන් අනතුරට පත්වීමේ අවස්ථාව වළක්වා ගැනීමට පූළුවන.
නමූත් මෙවැනි තත්ත්වයන් පිළිබඳව බොහෝ රෝගීන් දෑනූවත් නැහැ. තමන් දරුවා පිළිසිඳගත් බව දෑනගත් දවසේ පටන් ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට අවශ්‍යයි. ලිංගාශ්‍රිත රෝගයන් නිසා මෙම තත්ත්වය පිළිබඳව සිතීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගයේ බරපතලකම අඩූ කර ගැනීමට හැකිවෙනවා. පෙර සිටම තමන්ගේ රෝගී තත්ත්වය වෛද්‍යවරයාට නොසඟවා පැවසීමද ඉතාම අවශ්‍යයි. එවිට තමයි වෛද්‍යවරයා කුස තුළ සිටින දරුවාටද එම රෝගය බලපාන්නේ නැති ආකාරයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට යොමූ කරවන්නේ.
ඒ වගේම මෙම රෝගී තත්ත්වය නිසා සමහර අවස්ථාවලදී සිසේරියන් සැත්කමක් මගින් දරුවා ලබා ගන්නවා. ලිංගික හර්පීස් නැවත නැවත ඇතිවීම නිසා හෝ පළමූ අවස්ථාව නිසා හෝ ඇතිවන තුවාල, ප්‍රසූත අවස්ථාව වන තුරුද පවතිනවා නම් සිසේරියන් සැත්කම් කරනවා.
ඒ වගේම ගර්භනී සමය තුළ අවසාන මාස කිහිපයේදී මූල්වරට මෙම රෝගයට ගොදුරු වූ මවක් නම් අනිවාර්යයෙන්ම සිසේරියන් සැත්කමක් මගින් දරුවා ලබා ගැනීමට සිදු වෙනවා. මෙවැනි තත්ත්වයන් එක් එක් මවට අනූව සහ රෝගී තත්ත්වය අනූව එළඹෙන තීරණවලට පසූව අවශ්‍ය ලෙස ක්‍රියාමාර්ග ගන්නට සිදුවෙනවා.
ගැබිනි මවකට තිබෙන මෙවැනි රෝගී තත්ත්වයන් නිසා කුස තුළ සිටින දරුවා පිළිබඳව වැඩි අවධානයක් යොමූ කරනවා. ඒ නිසා රෝග ඉතිහාසය වෛද්‍යවරුන්ට පැවසීම අත්‍යවශ්‍ය බව නැවත නැවතත් කියා සිටිනවා. ඒ තත්ත්වය තුළම අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය හැකිය. ඒ විතරක් නොවෙයි නිරෝගි දරුවෙක් බිහි කිරමේ හැකියාවද ලැබෙනවා.
(ලිංගික හර්පීස් රෝගය පිළිබඳව තවත් කරුණූ ලබන සතියේ සාකච්ඡා කරමූ)
වෛද්‍ය ශාන්ත හෙටිටිආරච්චි
(ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන)
0 comments :
Post a Comment