බරවා ඇතිවෙන්නේ කකුල්වලට විතරක් නෙමෙයි

බරවා වැනි රෝග දරුවන්ට ඇතිවන්නේ දරුවා පිළිබඳව ඇති අවධානය අඩූනිසා. මොකද දරුවාගේ රෝග ලක්ෂණ දෑනගෙන ඉක්මනින් ප්‍රතිකාර ලබා දෙනවා නම් බරවා රෝගය සූව කර ගන්නට පූළුවන් වෙනවා. නොයෙකුත් ස්ථානවල තිබෙන ජලයේ කියූලෙක්ස් වර්ගයට අයත් මදුරුවන් බෝවීම නිසා බරවා රෝගය පැතිර යනවා. ඒ වගේම බරවා රෝගය ඇති කරන පණූවන් වර්ග දෙකක් දකින්නට පූළුවන්. මනූෂ්‍යයන් අතර සහ බල්ලන් වැනි සත්වයින්ගේ ශරිර තුළ එම පණූවන් වර්ග ජීවත්වෙනවා.


එවැනි ආසාදිත සත්වයෙකුගෙන් හෝ පූද්ගලයෙකුගේ රුධිරය මදුරුවන් මගින් තවත් කෙනෙකුට බරවා රෝගය ඇති කරවනවා. මෙසේ ඇතුළු වන බරවා කීටයන් ඉතා ඉක්මණින් ශරරයේ වර්ධනයවී වසා ගැටිතිවල තැන්පත් වෙනවා. සාමාන්‍යයෙන් අඟල් 6 - 8 ක් පමණ දිගැති මෙම පණූවන් නිසා වසා ගැටිතිවල ක්‍රියාකාරත්වය අවහිර වෙනවා. ඒ නිසා පටක දියර වැඩියෙන් එකතු වූ විට ඉඳිමීම ඇතිවෙනවා.

මේ ආකාරයට බරවා රෝගය දරුවන්ට වගේම ඕනෑම කෙනෙකුට ඇතිවීමට ද පූළුවන්. මෙහිදී අවශ්‍ය වන්නේ යම් රෝග ලක්ෂණයක් මතු වූ විගස අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. නමූත් කල්ගත වී ප්‍රතිකාර කිරමෙන් ප්‍රයෝජනයක් නොවන නිසා දරුවා පිළිබඳව හොඳ සැළකිල්ලකින් යූතුව සිටීම හොඳයි.

බොහෝ අවස්ථාවලදී බරවා රෝගය නිසා කකුල් ඉදිමීම අත් ඉදිමීම දෑකීමට පූළුවන්. වාෂණ කෝෂ සහ බඩ ආශ්‍රිතව සම යටින්ද බරවා ගැටිති ඇති කළ හැකිය. එසේ සිදුවන්නේ ලොකු වූ බරවා පණූවන් ශරරයේ එවැනි ස්ථානවල කේශනාලිකා තුළ හිරවී වර්ධනය වීමෙන් බරවා ගැටිති ඇතිවීමෙනි.

තවත් සමහර අවස්ථාවලදී බරවා කීටයන් ශරරයේ සන්ධිවල ඇති දියර තුළ තැන්පත් වීම නිසා වේදනාවන් ඇති කරවනවා. ඒ වගේම පෙනහළුවල බරවා පණූවන්ගේ වර්ධනය නිසා මහන්සිය, ඇදුම වගේම රාත්‍රි කාලයේදී කැස්ස ආදී රෝගයන්ද දරුවන්ට ඇතිවිය හැකිය.

මෙවැනි තත්ත්වයන්ගේ දරුවන් ආරක්ෂා කරගත යූතුය. නොඑසේනම් දරුවන් කුඩා කාලයේදීම මෙවැනි රෝග නිසා අපහසූතාවන්වලට ලක් වෙනවා. බරවා රෝගය සූව කළ හැකි නිසා අවශ්‍ය වන්නේ අවශ්‍ය ප්‍රතිකාර නිසි කාලයේදී දරුවන්ට ලබා දීමයි.




ළමා රෝග ශල්‍ය විශේෂඥ
වෛද්‍ය වයි. කුලසේකර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment