ලූණූ මිරිසෙන් කටිට සම්බෝලය කටිට සම්බෝලයෙන් පොල් සම්බෝලය

ලුණූ, ළුෑණූ, මිරිස්, දෙහි එකතු වූණාම ලුණූ මිරිස් බව දැන් ඔබ දන්නවා.

ඔන්න දැන් කටිට සම්බෝලය හදමූ.කටිට සම්බෝලය හැදෙන්නේ ලුණූ, ළුෑණූ, මිරිස්, දෙහිවලට අමතරව උම්බලකඩත් එකතුවූ විටයි.

හරියට පොල් සම්බෝලයක් හදලා තියෙනවද?

කටිට සම්බෝලයට පොල් ටිකක් එකතු කරල තමයි පොල් සම්බෝලය හදන්නේ.

මේ ක්‍රමය ඇති වූණේ අදක ඊයෙක ඉඳලා නෙමෙයි. බොහොම අතීත කතාවක්.

ඉස්සර අපේ මිනිස්සූ ලුණූ මිරිස් එක්ක රොටී වැනි දෙයක් උදේ ආහාරයට ගත්තා. ලුණූ මිරිස් ටිකක් ඉතුරු වූණා. ඒකට උම්බලකඩ ටිකක් කොටලා දාලා කටිට සම්බෝලය හදාගෙන දවල්ට ප්‍රයෝජනයට ගත්තා. (උම්බලකඩ කොටන කොට කටිටයක් වැනි තත්ත්වයක් ඇතිවන නිසා කටිට සම්බෝලය කියන්නේ.)

කටිට සම්බෝලයෙන් ටිකක් ඉතුරු වූණාම ඒකත් විසිකළේ නෑ. විවිධත්වයක් ඇතිකර ගන්න පොල් ටිකක් එකතු කරලා පොල් සම්බෝලය හදලා හොඳ පිරිමැස්මකට පූරුදු වූණා.

අපේ වැඩිහිටියෝ එතැනිනූත් නැවතුණේ නැහැ. ඉතුරු පොල් සම්බෝලය තවත් රසවත් කරගත්තා. වටපිටාවෙන් පහසූවෙන් සොයාගත හැකි මීවන කොකු, කැරන් කොකු හෝ කොහිල මල්වලින් වර්ගයක් තෝරාගෙන එය සිහින්ව කපා උණූන් ගස්සා (උණූ වතුරේ බහා විනාඩියෙන් ගොඩට සෑහීම.)

දිය පෙරා පොල් සම්බෝලයට එක්කර ලුණූ දෙහි කෑල්ලක් මිශ්‍රකර බතට එක්කර ගත්තා. ඇත්තටම මේ සම්බෝලය විතරක්ම ඇති දවල් බත් වේලට. එය ඒ තරමටම රසවත් කෑමක්.

ඇත්තටම සෑම දෙයකම මිල අධික කාලයක මේ වගේ අරපිරිමැස්මට කටයූතු කිරමට පූරුදුවී හරිම වැදගත් දෙයක්. එහෙමයි කියලා ආහාරයේ රසය අඩූවෙන්නෙත් නැහැනේ.

අපේ ආහාරවලට බහූලව භාවිත කරන ළුෑණූ පිළිබඳ දැන් ටිකක් බලමූ.

අපේ කාන්තාවෝ ළුෑණූ ශුද්ධ කරලා පැත්තකින් තියලා තව තව වැඩවල නිරත වෙනවා.

ඔන්න ළුෑණූ ශුද්ධ කළා. මිරිස් කපලා, තක්කාලි කපලා කියලා නාන්න ගියා. කෑම මේසයට කෑම බෙදලා ඉවර වෙලා ළුෑණූ කපනවා, සම්බෝලයට. සම්බෝලය තිත්තයි.

ඇත්ත සම්බෝලය තත්ත නොවූනානම් තමයි ප්‍රශ්නය.

ළුෑණූ කියන්නේ විෂබීජ ඇදගන්නා දෙයක්. දන්නවනේ පත්තෑයෙක් වගේ සතෙක් කෑවහම ළුෑණූ ගෙඩියක් අතුල්ලනවා.

ඉතිං ළුෑණූ ශුද්ධ කරලා තිබ්බහම ළුෑණූවලට විෂ බීජ ඇදගන්නවා. ඒකෙන් තමයි තිත්ත වෙන්නේ. රතු ළුෑණූ විතරක් නෙමෙයි ඕනෑම ළුෑණූ වර්ගයක තත්ත්වය එහෙමයි, ශුද්ධ කරලා තිබ්බහම තිත්ත වෙනවා.

මැල්ලුම හදනවා. කොළ කළු පාටයි. කන්න බැහැ. හරියට පත්තුවක් වගෙයි.

අපි දැන් හරියටම මැල්ලුම් හදමූ.

අපේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මැල්ලුමක් තියෙන්නේ අඩූගින්දරේ මලවන එකක් කියලා. ඒක හරිම වැරැදි අදහසක්. අඩූ ගින්දරේ මැල්ලුම මලවනකොට සිදුවෙන්නේ කොළවල වතුර වාෂ්ප නොවී වළඳේ අයිනට එකතුවන එකයි.

ඔන්න දැන් මැල්ලුමේ වතුර ඉවත් කරන්න කියලා.

තවත් මදගින්නේ තියාගෙන ඉන්නවා. එවිට කොළේ තැම්බිලා වැඩිවෙලා පැහැය වෙනස් වෙනවා. ගුණයත් නැතිව යනවා.

මැල්ලුම මලවනකොට ඕනෑ සැර ගින්දරේ... තැම්බෙන්නත් බැහැ.. පැහැය වෙනස් වෙන්නත් බැහැ.. වැඩි ගින්දරේ විනාඩි දෙකක් මැලවූණහම හොඳටම ඇති.

මැල්ලුම මනවෙනකොට තවත් හොඳින් මතක තබාගත යූතු දෙයක් තිබෙනවා. පියන වහන්නේ නැතිව තමයි මැල්ලුම මලවන්නට ඕනෑ.

අපේ බොහෝ ගෘහණියන් නොදන්නා දෙයක් කියා දෙන්නටයි මේ සූදානම.

වැටකොළු, අලු කෙසෙල් කපනකොට පොත්තට මොකද කරන්නේ. විසි කරනවාද, නැතිනම් ප්‍රයෝජනයක් ගන්නවද?

වැඩකොළු, අලුකෙසෙල් පොතුවලින් මැල්ලුම් හදන්න පූළුවන්. නැතිනම් තෙල් දාන්නත් පූළුවන්. ඒ විතරක් නෙමෙයි තම්බලා පොල් එක්ක හරිම රසයි.

ඔන්න අද අලු කෙසෙල් හරි වැඩකොළු හරි හදනවා නම් පොත්තත් අදම ප්‍රයෝජනයට ගන්න බැහැනේ.

පොතු ටික එකතු කරලා වතුර ටිකක් ඉහලා එය පියනකින් වහලා ශීතකරණයේ තබන්න. සතියක් වූණත් තබාගන්නට පූළුවන්.

අලු කෙසෙල් පොතු ශීතකරණයේ තබනවා නම් කහ ටිකක් මිශ්‍රකර ඒකටම දෙහි යූෂ ටිකකුත් දමා ශීතකරණයේ තබන්න.

වැටකොළු පොත්ත නම් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේත් තබාගත හැකියි.

වැටකොළු ලෙලි තෙල් දාන්නේ කොහොමදැයි බලමූ.

කපාගත් ළුෑණූ, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු රත්වන තෙලට එක්කර එය තරමක් බැඳෙන විට මිරිස් කෑලි, උම්බලකඩ, ලුණූ, එක්කරන්න. තිබෙනවා නම් පමණක් තක්කාලි ගෙඩියක් හීනියට කපා එය ද තෙලටම එක්කර කපාගත් වැටකොළු ලෙලි මිශ්‍රකර මදගින්නේ විනාඩි දහයක් තම්බාගන්න. හරිම රසයි. හැබැයි අලුකෙසෙල් පොතු තෙල් දාන්නෙත් මේ ආකාරයටම වූණත් එය විනාඩි දහයක් තම්බාගන්නට ඕනේ නැහැ.

ඔන්න දැන් වැටකොළු පොතු මැල්ලුම.

සිහින්ව කපාගත් වැටකොළු පොතු කහ ලුණූ වතුර සමග ටිකක් තම්බාගන්න. ඉන්පසූ පොල්, අමූමිරිස්, කරපිංචා, කුරුඳුපොතු, සූදුළුෑණූ එකට කොටා එය ලිප මත ඇති වැටකොළු පොතු මිශ්‍රණයට එක්කරන්න. පොල් ටික තුනීකර මදගින්නේ තම්බා ගන්න. හැඳි මිටෙන් හැඳිගාන්න.

මේ ඕනෑම මැල්ලුමකට දෙහි එකතු කරන්නට ඕනේ ලිපෙන් ඉවතට ගත් පසූවයි. එය අමතක කරන්නට එපා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment