අධික පිපාසයට නිවසේදී ප්‍රතිකාර

අධික රස්නයක් පවතින දිනවලට වගේම සාමාන්‍ය දිනවලදීත් අපට වතුර පිපාසය ඇති වෙනවා. නමූත් ඇතැම් පූද්ගලයන්ට කොපමණ වතුර පානය කළත් මේ පිපාසය නම් සංසිඳින්නේ නැහැ. ඒ නිසාම එවැනි පූද්ගලයන් සඳහා අද අත් බෙහෙත් තුළින් එම අවස්ථාවලදී අනූගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දෙන්නම්.

ශෝෂය හෙවත් වියළීම පිපාසයට හේතුව වෙනවා. ශාරරික රසවාහිනි, නාඩි සහ සෞඛ්‍ය ධාතුන් වියළීම නිසා හෘදය, දිව, තල්ල සහ ක්ලෝමයන් බොහෝ සේ වියළීම නිසාද අධික පිපාසය ඇති වේ. මෙය රෝගයක් ලෙස වගෙ රෝගයක උපද්‍රවයක් වශයෙන්ද ඇති විය හැකිය.

මෙසේ නිතරම අධික පිපාසයෙන් පෙළෙන පූද්ගලයන්ට පහත සඳහන් ප්‍රතිකාර ලබා ගැනීමට පූළුවන.

නෙළුම් ඇට මද, සූදුරු, නාමල් රේණූ, තිප්පිලි සමව ගෙන අඹරා සූකිරි, මී පැණි සමග ලේහ කරන්න.
බෙලි කොළ කබලේ බැද තම්බා බොන්නට දීමෙන්ද සූවයක් ලැබිය හැකිය.
දෙහි මිරිකා (පෝන්ස සාදා) සෝඩා වතුරද මිශ්‍රකර ටිකෙන් ටික බොන්නට දෙන්න.
වැහි වතුර බෝතල භාගයක් පමණ ගෙන මී පැණි මිශ්‍ර කර බීම ද ගුණදායකය.
ආඩතෝඩ කොල මල් සමග කොටා යූෂ ගෙන සීනි, මී පැණි මිශ්‍ර කර බීමෙන් අධික වතුර පිපාසය සංසිඳුවාගත හැකිය.
අඹ ඇට මද, මාදන් ඇට මද හෝ එම කොල කසාය කර මී පැණි දමා බීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment