ගැබිණි සමයේ දියවැඩියාව වැළඳුණොත්...... ?

ගර්භණී කාලය තුළදී සමහර මව්වරුන්ට දියවැඩියා රෝගය බහූලව වැළඳෙයි. සාමාන්‍යයෙන් ගැබිණි මවකට සැරින් සැරේ මූත්‍රා පිටවීමක් සිදුවීමට පූළුවන්. එහෙත් අප මෙහිදී අවධානය යොමූ කරන්නේ ඊට වඩා සංකීර්ණ තත්ත්වයක් පිළිබඳවයි.

සාමාන්‍යයෙන් ගැබිණි මවකට දියවැඩියාව වැළඳුණහොත් එහි ප්‍රතිඵලය වන්නේ එම මවට හා එම මවගේ කුස තුළ සිටින දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයට හානි පැමිණෙයි.
ගැබිණි මවකට දියවැඩියවා ඇති වූ විට එය කුස තුළ වැඩෙන දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයට විවිධාකාරයෙන් බලපෑම් ඇති කිරමට පූළුවන්.
මෙහි එක් අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ මව් කුස තුළදී හෝ ඉපදුනූ මූල් කාලයේම දරුවා මිය යාමට හැකිියි. එසේ නැතිනම් දියවැඩියා රෝගී තත්ත්වය වැළඳුණූ මවක බිහි කරන දරුවා තුළින් විවිධ විකෘති තත්ත්වයන් දකින්නට ලැබෙයි.

දියවැඩියාව රෝගී තත්ත්වය ඇති මව්වරුන්ට අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්ව මෙන්ම මූත්‍රා ආසාදන තත්ත්වයන්ද ඇති වීමට හැකියි.
ගර්භණි කාලයේ තවත් කනගාටූදායක තත්ත්වයක් වන්නේ බොහෝ මව්වරුන්ට තමන්ට දියවැඩියා රෝගි තත්ත්ව ඇති බව දැන ගැනීමට නොහැකි වීමයි.
බොහෝ විට එසේ වන්නේ සාමාන්‍ය දියවැඩියා රෝගියෙකුට තිබිය යූතු අධික ලෙස වරින්වර මූත්‍රා පිටවීම පිපාසය, ඇඟ කෙටිටූ වීම වැනි ලක්ෂණ ගර්භණී කාලයේදී මව්වරුන්ට දෑකිය නොහැකිවීමයි.

පවූලේ සාමාජිකයෙකුට දියවැඩියා රෝගය වැළඳී තිබීම, කලින් ගර්භයේදී දරුවා නැතිවීම, දරුවා කුස තුළ ප්‍රමාණයට වඩා වර්ධනය වීම, මූත්‍රා සමග සීනි පිටවීම, ගබ්සාවන් ඇතිවීම ආදිය සිදුවේ නම් එවැනි මව්වරු දියවැඩියා රෝගි තත්ත්වය සඳහා පරක්ෂා කළ යූතු වේ.
එම පරක්ෂණ මගින් ගර්භණී මවට දියවැඩියා රෝගය වැළඳී ඇති බව සොයා ගතහොත් එය වෛද්‍ය උපදෙස් මත පාලනය කර ගැනීමට කටයූතු කළ යූතුය.

බොහෝ මව්වරුන්ට දියවැඩියා තත්ත්වය ගර්භණී සමයේදී ඇති වී දරවා ප්‍රසූත කළපසූ සූව වේ. එහෙත් යළිත් ගර්භණී තත්ත්වයට පත්වූ පසූ යළිත් දියවැඩියා රෝගි තත්ත්වය ඇති වීමට ඉඩකඩ තිබේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment