කටට රහට උයන්න පිහන්න පබිලිස් මහතාගේ උපදෙස් මාලා


අපට හූරු පූරුදු රසකාරක


"ගෑනූ ළමයෙක් වූණාහම හොද්දට හොඳට ලුණූ ඇඹූල් දාන්න ඉගෙන ගන්න ඕනේ කියල අදටත් කියන්නෙ රසට උයන පිහන එක සමාජය මහ ඉහළිින් පිළිගෙන ඇති නිසයි.

ඇත්තටම රසට උයන එක ප්‍රශ්නයක් තමයි. බොහෝ වෙලාවට ඉවූම් පිහූම් වලදී රසය නියමිත ලෙසින් ලබා ගන්න බැරි වෙන්නේ නොදන්නාකම නිසයි. පූංචි පූංචි ක්‍රම අනූගමනය නොකරන නිසයි. "

ගල්කිස්ස මහ හෝටලයේ අධ්‍යක්ෂ ආහාර ප්‍රවර්ධන පබිලිස් සිල්වා මහතා පවසන්නේ එහෙමයි.

එහෙම නම් මූළුතැන්ගෙයි වැඩකරන ගෘහණිය අතින් පිළියෙළ වන ආහාර පාන වලට හොඳ රසයක් එක් කර ගැනීම සඳහා හොඳ අත්වැලක් සපයන්නටයි මේ සූදානම.

එම බැරෑරුම් කාර්ය බාරගෙන සිටින පබිලිස් සිල්වා මහතා අද සිට නවලිය තුළින් ඉවූම් පිහූම් රස කරන පූංචි රහස් අරගෙන ඔබ හමූවට එනවා.

අපේ ගෘහණියන් මූළුතැන්ගෙයි බොහෝ කාර්යන් දෑන සිටියත් මූලිකම කරුණූ නොදෑන සිටීමෙන් තමයි හැමදේම වරදවා ගන්නේ. මූලික කරුණූ දෑන ගැනීමෙන් රසට උයන එක මහ ලොකු වැඩක් නොවෙයි, කියලයි පබිලිස් සිල්වා මහතා කියන්නේ.


ඉවූම් පිහූම් වලදී වැදගත් වන මූලික කරුණ රසකාරකයි.

රසකාරක 42 ක් තිබෙනවා එනම්.......

කොත්තමල්ලි සූදුරු මහදුරු කහ ගම්මිරිස් වියළි මිරිස් අබ උළුහාල් එනසාල් කරාබූ නැටි කරඳමූංගු කුරුඳු ගොරකා ලුණූ කරපිංචා රම්පේ සේර අමූ මිරිස් සූදුළුෑනූ බිලිං දෙහි සියඹලා උම්බලකඩ තක්කලි විනාකිරි ළුෑනූ මූරුංගා කොළ සාදික්කා අමූ පැපොල් හාල් බූලත් විටට ගන්නා හූණූ රා මණ්ඩි වසාවාසි බිත්තර සීිනි හකුරු දවූල් කුරුඳු මූරුංගා මූලේ පොතු වතුර තෙල් පොල්කිරි


මේ රසකාරකවලින් ආහාර රසකර ගැනීමේදී ප්‍රධාන තැන ගන්නේ "කරිකුඩූ"ය.

කරිකුඩූ සාදා ගැනීමඅවශ්‍ය ද්‍රව්‍ය සූදුරු, මහදුරු, කොත්තමල්ලි
කොත්තමල්ලි ග්‍රෑම් 500 සූදුරු ග්‍රෑම් 250 මහදුරු ග්‍රෑම් 50
තුනපහ

සූදුරු, මහදුරු, කොත්තමල්ලි නම් වූ කරිකුඩූත් සමග කහ, මිරිස්, ගම්මිරිස් , අබ, නම් වූ කොටස් හතර එකතු වූණාම පහයි. ඒ තමයි තුනපහ.

අතීතයේ අපේ ගෙවල්වල මිරිස් ගල කොණේ සූදුරු, මහදුරු, කොත්තමල්ලි මිශ්‍ර කර අඹරාගත් ගුලිය සමග, කහ, මිරිස්, ගම්මිරිස් සහ අබ වෙන වෙනම ගුලි වශයෙන් තිබූණා.


ඒත් අද ලෙහෙසියට පහසූවට කරිපවූඩර් වලට ගිහිල්ලා. පරණ හොඳ දේවල් අමතක කරලා.


කරි පවූඩර්
අද වෙළෙඳ පොළේ නොයෙකුත් නම් වලින් කරිපවූඩර් විකිණීමට තිබෙනවා. ඒවායේ අඩංගු වන්නේ,
කොත්තමල්ලි, සූදුරු, මහදුරු, රම්පෙ, කරපිංචා, කුරුඳු, කරදමූංගු, කරාබූනැටි, උළුහාල් සහ අබ යන ද්‍රව්‍යවල එකතුවක්ය.
එහෙත් ඇතැම් කරිවලට ඉහත සියලුම රසකාරක දමන්නේ නැත.
කරිකුඩූ නිවසේ සාදාගන්න. එය ඔබ දන්නවා. නිවසකට කරිපවූඩර් අවශ්‍ය නැත. මේ දේවල් ගෙදරදි හදාගන්න පූරුදු වෙන්න.
ඔබ විශේෂයෙන් මතක තබා ගත යූත්තේ ආහාර පිළියෙළ කරන්නට කරි පවූඩර් අත්‍යවශ්‍ය බවයි එනම් කරි පවූඩර්වලින් කෑම හදන්න බැරි බවයි.


එයට හේතුව බලමූ
ඇතැම් එළවළුවලට - කරදමූංගු, කරාබූනැටි, අබ, උළුහාල්, වැනි දේ දමන්නේ නැත.

සෑම කරියකටම කරපිංචා, රම්පේ, කුරුඳු වැනි රසකාරක එක්කරයි.

කරි පවූඩර් දමා රසකාරක වෙන වෙනම යෙදීමේදී රසකාරක පමණට වඩා කරියට එකතු වන නිසාවෙන් කරිපවූඩර් අවශ්‍ය වන්නේ නැහැ.

බැදපූ කරිකුඩූ සාදා තබා ගැනීම අවශ්‍යද?
සැබවින්ම බැදපූ කරිකුඩූ සාදා තබා ගැනීම අවශ්‍ය නැහැ.

එයට හේතුව
කරිකුඩූ ටිකක් කබලේ හෝ භාජනයක අවශ්‍ය අවස්ථාවේදී බැද ගත හැක. නැතිනම් තෙලේ බැදගත හැක.

සාස්පානකට හෝ හටිටියකට යන්තම් තෙල් ටිකක් දමා කපාගත් ළුෑනූ, රම්පේ, කරපිංචා, කුරුඳු, කපාගත් අමූමිරිස් තෙලේ බැඳගන්න.

රන්වන් පාටවන විට කරිකුඩූ, කහකුඩූ, මිරිස් කුඩූ,, ගම්මිරිස් කුඩූ, ලුණූ එක්කර මදගින්නේ ඔබට අවශ්‍ය පැහැය එනතුරු බැදගන්න.

ඉන්පසූ, කපාගත් සූදුළුෑනූ, අමූ ඉඟුරු එක්කර ලිපෙන් ඉවතට ගන්න.
පොළොස්, මස් හෝ මාළුවලට ඉහත මිශ්‍රණය එක්කර පොල්කිරි දමා පිස ගන්න. ඉවූම් පිහූම් රස කාරක ප්‍රධාන ක්‍රමයකි මේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment