බරවා රෝග ලකෂණ හඳුනාගන්න


බරවා රෝගය පිළිබඳව අප සාකච්ඡා කළා. අද බරවා රෝගයේදී ඇතිවන රෝග ලකෂණ බොහොමයක් පිළිබඳව කතා කරනවා. එවිට දරුවාට ඇතිවන මෙවැනි රෝගී තත්ත්වයන් කල්තියාම ඔබට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා වගේම දරුවා පිළිබඳව හොඳ අවධානයකින් සිටීමටද හැකියාව ලැබෙනවා.


බරවා පණූවන් වසා ගැටිති තුළ තැන්පත් වූ පසූ එහි සූළු වේදනාවක් ඇති කළ හැකි අතර මද උණ තත්ත්වයක්ද ඇතිවෙනවා. මෙම තත්ත්වය ප්‍රතිකාර කිරමට තරම් තත්ත්වයක් නොවේ යැයි සිතා ඇතැම් මාපියන් දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද කරවනවා. එවිට වසා ගැටිති සම්පූර්ණයෙන්ම අවහිර වීම නිසා පණූවන් විනාශ කිරමට ඖෂධ මගින් හැකියාව ලැබූණත් ඉදිමූම ඉවත් කිරමට ඉතාම අපහසූ වෙනවා.

දරුවන්ගේ පෙනහළුවලට මෙම තත්ත්වය බලපෑ විට මහන්සිය, රාත්‍රී කාලයේදී ඇතිවන කැස්ස සහ කිසිදිනක නොතිබූණූ ඇදුම වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි.

බරවා රෝගය නිසා ඇතිවන හන්දිපත් වේදනා සඳහාඳ අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන්සූවකර ගැනීමට පූළුවන. නමූත් බරවා ගැටිති ඉවත්වීමට බොහෝ කලක් ගතවිය හැකියි. ඒ නිසා බොහෝ අවස්ථාවලදී ශල්‍යකර්මයක් මගින් ද ඒවා ඉවත් කිරම සිදුකරනවා.

ඒ වගේම බරවා රෝගය ඇති බව දැන ගැනීමට තිබෙන මූලිකම ලකෂණය තමයි කුද්දටි වල වේදනාව ඇතිවීම. මෙවැනි තත්ත්වයන් නිසා උණ සහ වෙව්ලීම වැනි රෝගී ලකෂණ ඉස්මතු වෙනවා. එවිට දරුවාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදිය යූතුයි. ප්‍රමාද නොවී ප්‍රතිකාර ලබාදීමෙන් රෝගය සූවකළ හැකි අතර කල්ගතවීමෙන් අනවශ්‍ය කරදරකාර තත්ත්වයන්ට මූහූණදීමට සිදුවෙනවා.

ඒ වගේම මූල් අවස්ථාවේදී රෝගය හඳුනා ගැනීමට රුධිර පරකෂා කිරම ඉතාම අවශ්‍යයි. රාත්‍රි කාලයේදී ලබාගන්නා රුධිර සාම්පල්වල බරවා පණූවන් දැකිය හැකි අතර අවශ්‍ය ප්‍රතිකාර නොකඩවා දරුවාට ලබාදිය යූතුය. එම ප්‍රතිකාර නිසි ලෙස ලබාගැනීමෙන් පසූ අවසානයේදී නැවත රුධිර පරකෂණයක් කර දරුවාගේ රෝගය නිටිටාවටම සූවවී ඇත්දැයි යන්නත් තහවූරු කර ගැනීම ඉතාම සූදුසූයි.



ළමා රෝග, ශල්‍ය විශේෂඥ
වෛද්‍ය වයි. කුලසේකර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment