පෑන් කේක් හදන්න තවත් ක්‍රම


මැන්ගො ක්‍රෙස්ටි විත් කොකනටි සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි ග්‍රෑම් 50
හාල් පිටි ග්‍රෑම් 50
ඩෙසිකේටඩ් කොකනටි ග්‍රෑම් 50
සීනි මේස හැඳි 2
කිරි කෝ. 1
බිත්තර 1 - 2

සාදන ක්‍රමයහාල්පිටි, පාන් පිටි, ඩෙසිකේටඩ් කොකනටි, ලුණූ ස්වල්පයක් හා සීනි සමග කලවම් කරන්න. බිත්තර සහ කිරි හොඳින් ගසා පිටි මිශ්‍රණය දමා හොඳට ගසන්න. මෙය ඉතා සිනිඳු මිශ්‍රණයක් විය යූතුය. එයින් පෑන් කේක් සාදාගන්න. දෙපැත්තම පිිළිස්සිය යූතුයි.


සෝස් එක සාදා ගැනීමපොල් කිරි කෝ. 1
දුඹූරු සීනි මේස හැඳි 2
ඉදුණූ අඹ කැබලි කෝ. 1

සාදන ක්‍රමය
කිරි, සීනි හොඳින් කලවම් කර ලිප තබා නොනවත්වා හැඳිගාන්න. යන්තමින් ඝනවන විට ලිපෙන් බා නැවත හැඳි ගා රස්නය තිබියදී අඹ කැබලි මෙයට කලවම් කරන්න. මෙය පෑන් කේක් මත තබා ත්‍රිකෝණයක් ආකාරයට නවා ගන්න. මෙය රසවත් අතුරුපසකි.


චොක්ලටි පෑන් කේක් ටවර්අවශ්‍ය ද්‍රව්‍යපාන් පිටි ග්‍රෑම් 250
කැරමල් කරගන්නා ලද සීනි සිරප් මේස හැඳි 3
මාගරින් හෝ බටර් තේ හැඳි 1
කිරි කෝ. 1
බිත්තර 2
වැනිලා තේ හැඳි 2
කුකිං චොක්ලටි ග්‍රෑම් 150
මිල්ක් චොක්ලටි 1

සාදන ක්‍රමයමේ සියල්ලම එකට ගසා එක ප්‍රමාණයේ පෑන් කේක් සාදාගන්න. මෙම පෑන් කේක් දුඹූරු පැහැයෙන් යූක්ත විය යූතුයි.


මෙරෑන් මිශ්‍රණය සාදා ගැනීමබිත්තර සූදුමද 2
සීනි ග්‍රෑම් 150
කී්‍රම් ඔෆ් ටාටා කැපූ තේ හැඳි 1�4 (අවශ්‍ය නම්)
සාදන ක්‍රමය
වියළි බඳුනක් ගෙන, බිත්තර සූදුමදවලට කී්‍රම් ඔෆ් ටාටා දමා හිම මෙන් ගසා ගන්න. පසූව සීනි ටික ටික දමා ගසාගන්න. මෙය ඉතා ඝනකමට තිබිය යූතුය. රස්නයට ඔරොත්තු දෙන බඳුනක් ගෙන පතුලට පෑන් කේක් එකක් දමාගන්න. එය මතුපිටට ගාන ලද කුකින් චොකලටි විසිරෙන සේ අතුරාගන්න. මේ ආකාරයට තටිටූ සිටින සේ පෑන් කේක්, කුකින් චොක්ලටි පඩිපෙළක් ආකාරයට තබාගන්න. සාදාගන්නා ලද බිත්තර මෙරෑන් මිශ්‍රණයෙන් මෙය වසාගන්න. රස්නය ඇති උදුනක දමා බේක් කරගන්න. (උෂ්ණත්වය 150 ක - 300 ක-


පයිනැපල් විත් ස්පයිසි ඩ්‍රොප්ස්

අවශ්‍ය ද්‍රව්‍යආටා පිටි ග්‍රෑම් 100
පාන් පිටි ග්‍රෑම් 100
කුරුඳු කුඩූ තේ හැඳි 1/4
රතු සීනි මේස හැඳි 1
අන්නාසි ඉස්ම කෝ. 1
බිත්තර 2
ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමයආටාපිටි, ලුණූ, පිටි, සීනි, කුරුඳුකුඩූ, අන්නාසි ඉස්ම, බිත්තර සියල්ලම දමා එකට ගසා ගන්න. බැටර් එක හොඳින් ගසා පෑන් කේක් සාදාගන්න. මෙය දුඹූරු පැහැ විය යූතුයි. දෙපැත්ත හොඳින් පිළිස්සී තිබිය යූතුයි.

පිරවූම
අවශ්‍ය ද්‍රව්‍යහීනියට කැපූ අන්නාසි කැබලි
දුඹූරු සීනි
මාගරින් හෝ බටර් මේස හැඳි 1

සාදන ක්‍රමය
සීනි සහ මාගරින් ලිප තබා දියවන විටදී අන්නාසි කැබලි මෙයට කලවම් කර පෑන් කේක් ඇතුළට පූරවා චයිනීස් රෝල් ආකාරයට රෝල් කරගන්න. මෙය හැඩයට දෙකට කපා අතුරු පසක් වශයෙන් කෑමට ගන්න.


පලතුරු ෆ්‍රිටර්ස්බිත්තර යෙදූ පෑන් කේක් මිශ්‍රණයට (ඊ්ඔඔෑසෘ- පලතුරු (අන්නාසි, ඇපල්, කෙසෙල් ගෙඩි) දමා පූරවා ගැඹූරු තෙලේ බැදීමෙන් මෙම පලතුරු ෆ්‍රිටර්ස් සාදා ගත හැක. මෙම පලතුරු ෆ්‍රිටර්ස් අයිස්කී්‍රම් සමග පිළිගත හැක.


බනානා කේ්‍රප්ස්

අවශ්‍ය ද්‍රව්‍යපිටි ග්‍රෑම් 125
බිත්තර සූදුමද 1
කිරි කෝ. 1
සීනි තේ හැඳි 1
සාදන ක්‍රමයමේ සියල්ලම එකට ගසා ශීතකරණයේ පැයක් පමණ තබන්න. මෙයින් දෙපැත්ත පිළිස්සෙන සේ පෑන් කේක් සාදාගන්න. මෙම පෑන් කේක් රස්නය සිටින සේ තිබිය යූතුය. මෙය ෆොයිල් කොළයකින් එතීමෙන් රස්නය රඳවාගත හැක.


ඇතුළත මිශ්‍රණය සාදාගැනීමඅවශ්‍ය ද්‍රව්‍යඉදුණූ කෙසෙල් ගෙඩි 3
දෙහි ඉස්ම මේස හැඳි 1
ගෝල්ඩන් සිරප් මේස හැඳි 3 ක් හෝ දිය කරගත් හකුරු
ලෙමන් ලෙලි තේ හැඳි 1

සාදන ක්‍රමයකෙසෙල් ගෙඩි රවූම් පෙති කපා දෙහි ඉස්ම දමාගන්න. ගෝල්ඩන් සිරප් හෝ හකුරු යන්තම් රත්කර ලෙමන් ලෙලි එක්කර ලිප නිවා රස්නය තිබියදී කෙසෙල් ගෙඩි කලවම් කරන්න.
පෑන් කේක් එක හතරට නවා ඇතුළට කෙසෙල් ගෙඩි මිශ්‍රණය දමාගන්න. අයිස් කී්‍රම් හෝ යෝගටි සමග පිළිගන්වන්න.


ක්‍රේප් බැටර් පෑන් කේක්
අවශ්‍ය ද්‍රව්‍යපාන් පිටි ග්‍රෑම් 200
ලුණූ
සීනි තේ හැඳි 1
බිත්තර 2
කිරි කෝ. 1
උණූ කළ බටර් මේස හැඳි 2

සාදන ක්‍රමයපෑන් කේක් සාදා ත්‍රිකෝණයක් ආකාරයට නවා ගන්න.
ඔරෙන්ජ් සෝස් සාදා ගැනීමඅවශ්‍ය ද්‍රව්‍ය
දොඩම් ඉස්ම කෝ. 1
දෙහි ඉස්ම මේස හැඳි 1
දොඩම් ලෙලි තේ හැඳි 1
බ්‍රැන්ඩි මේස හැඳි 3
අයිසිං ෂූගර් මේස හැඳි 1
බටර් හෝ මාගරින් මේස හැඳි 1

සාදන ක්‍රමයදොඩම් ඉස්ම, දෙහි ඉස්ම, අයිසිං සීනි, බටර් ලිප තබා මදගින්නේ රත්කර ලිප නිවා ගන්න. එයට බ්‍රැන්ඩි හා දොඩම් ලෙලි එක්කරගන්න.
ත්‍රිකෝණ ආකාරයට සෑදූ පෑන් කේක් මතට දොඩම් සෝස් වත්කර පිළිගන්වන්න. කෑමට ගන්නා අවස්ථාවේදී සෝස් එක්කරගත යූතුයි.


සූපවේදිනි
නන්දනී අතුකෝරල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment