බත රස කරන්න ඉස්සන්, කකුළුවන් සමග මාළුකරි


මාළු කරිය (සූදට)

වශ්‍ය ද්‍රව්‍ය ඃ මාළු ග්‍රෑම් 200 අල ග්‍රෑම් 100 පිටි කිරි කෝ. 1 තක්කාලි කුඩා ගෙඩි 1 (කපා) ලුණූ රස අනූව ගම්මිරිස් කුඩූ තේ හැඳි 3/4 ලොකු ළුෑනූ ගෙඩි 1 (කුඩාවට කපා) දෙහි ඇඹූල් අඟලක පමණ ඉඟුරු කැබැල්ලක් (තලා) සූදුළුෑනූ බික් 2 (තලා) මාගරින් මේස හැඳි 1 වතුර කෝ. 3/4

පිළියෙළ කරන ක්‍රමය ඃඅල සූද්ධ කර කුඩා කෑලිවලට කපාගන්න. මාළු, අල එකට දමා වතුරට ලුණූ ස්වල්පයක්ද එක්කර තම්බාගන්න. මාගරින් ලිප තබා එයට ඉඟුරු, සූදුළුෑනූ, දමා බැදගන්න. එයට තක්කාලි එක් කරන්න. ලුණූ ද දමන්න.
කලින් තම්බාගත් අල හා මාළු එක්කරන්න. වතුර හිඳුන පසූ කිරිද එක්කරන්න. මද ගින්නේ උයා ඉවතට ගැනීමට පෙර දෙහි ඇඹූල් හා ගම්මිරිස් එකතු කරන්න.
මෙය විශේෂයෙන් කුඩා ළමයින්ට සූදුසූයි.


මාළු ඇඹූලටඅවශ්‍ය ද්‍රව්‍ය ඃ මාළු ග්‍රෑම් 500 අඹරාගත් ගොරකා කැබලි 5 ගම්මිරිස් ඇට අඹරා තේ හැඳි 1 කරපිංචා ඉත්තක් අඹරාගත් ඉඟුරු සූදුළුෑනූ ටිකක් කුරුඳු කැබැල්ලක් රස අනූව ලුණූ වතුර කෝ. 1

පිළියෙළ කරන ක්‍රමය
මාළු කැබලිවලට කපා බඳුනකට දමා ගන්න. වෙනත් බඳුනක් ගෙන එයට අඹරාගත් ගොරකා, ගම්මිරිස්, ලුණූ, කරපිංචා, කුරුඳු තලාගත් ඉඟුරු, සූදුළුෑනූ, තුනපහ ආදිය දමන්න. ඒ සියල්ල හොඳින් මිශ්‍ර කර සෝදා පිසගත් මාළු කැබලි එක එක ගෙන එම මිශ්‍රණයේ දවටන්න. දෑන් මැටි ඇතිලියක් ගෙන එහි මාළු කැබලි අඩූක් කරන්න. එයට වතුර කෝප්ප එකක් පමණ දමන්න. ඉන්පසූ එය ලිප මත තබා මදගින්නේ උයන්න. හැකිනම් මෙම ඇතිලිය උඩින් ගිනි කබලක් තබාගන්න. හොඳින් වේලෙන තුරු පිසගන්න.


බැදගත් කකුළුවන්අවශ්‍ය ද්‍රව්‍ය ඃ කකුළුවන් ග්‍රෑම් 500 වියළි මිරිස් කෑලි මේස හැඳි 1 අඟලක ඉඟුරු කැබැල්ලක් (පෙති කපා) සූදුළුෑනූ බික් 2 (කපා) තක්කාලි සෝස් මේස හැඳි 2 ස්ටොක් කෝප්ප 1 විනාකිරි මේස හැඳි 1 කෝන්ෆ්ලවර් මේස හැඳි 1/2 කපාගත් ළුෑනූ කොළ මේස හැඳි 3 රස අනූව ලුණූ සීනි තේ හැඳි 1 බැදීමට තෙල්

පිළියෙළ කරන ක්‍රමයකකුළුවන් හතරට කපා ගැඹූරු තෙලෙහි බැදගන්න. තෙල් මේස හැඳි 1 ක් ලිප තබා එයට කපාගත් ඉඟුරු පෙති, සූදුළුෑනූ පෙති දමන්න. එයට වියළි මිරිස් කෑලිද එක්කර විනාඩියක් පමණ තබා එයට ස්ටොක් එක් කරන්න. එයට තක්කාලි සෝස්, සීනි හා විනාකිරි ද එක් කරන්න. රස අනූව ලුණූ ද දමා එයට බැදගත් කකුළුවන් එක්කර හොඳින් කලවම් කරන්න. ඇල් වතුර මේස හැඳි තුනක කෝන්ෆ්ලවර් දියකර ලිපේ ඇති මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරන්න. කුඩාවට කපාගත් ළුෑනූ කොළ එක්කර ලිපෙන් බාගන්න.


ඉස්සන් තෙම්පරාදුවඅවශ්‍ය ද්‍රව්‍ය ඃ ඉස්සන් ග්‍රෑම් 500 වියළි මිරිස් කෑලි මේස හැඳි 1 සූදුළුෑනූ තලා තේ හැඳි 1 ඉඟුරු තලා තේ හැඳි 1 ලොකු ළුෑනූ ගෙඩියක් (රවූමට කපා) මාළු මිරිස් කරල් 3 (කපා) තක්කාලි ගෙඩි 1 (රවූමට කපා) සීනි තේ හැඳි 1 දෙහි ඇඹූල් තේ හැඳි 1 රස අනූව ලුණූ


පිළියෙළ කරන ක්‍රමයඉස්සන් සෝදාගන්න. තෙල් මේස හැඳි 4 ක් සාස්පානකට දමා ලිප තබා රත්කර සෝදාගත් ඉස්සන් ටික ටික දමා විනාඩි 4 ක් පමණ බැදගන්න. තෙල් බේරෙන්න කඩදාසියකට දමන්න. භාජනයේ ඉතිරි තෙල්වලට අනෙක් තෙල් මේස හැන්ඳක් දමා හොඳින් රත්කර ඉඟුරු, සූදුළුෑනූ දමා විනාඩියක් පමණ බැදගන්න. වියළි මිරිස් එක් කරන්න. වතුර කෝප්ප කාලක් එක්කර විනාඩි දෙකක් පමණ ලිපේ තබා, සීනි තේ හැඳි එකක්් හා ලුණූ මිශ්‍රණයට එක් කරන්න. බැදගත් ඉස්සන් කලවම් කරන්න. රවූමට කපාගත් මාළු මිරිස්, ලොකු ළුෑනූ ඉස්සන් මිශ්‍රණයට එක්කරන්න. තක්කාලිද එක්කර ලුණූ හා මාළු මිරිස් බාගෙට තැම්බෙන විට ලිපෙන් ඉවතට ගන්න. එයට පෙර දෙහි ඇඹූල් එක් කරන්න.


ඉන්දියානූ ක්‍රමයට මාළු කරියඅවශ්‍ය ද්‍රව්‍ය ඃ මාළු ග්‍රෑම් 500 පූරවාගත් මිරිස් කුඩූ තේ හැඳි 1 සූදුළුෑනූ බික් 4 ගම්මිරිස් කුඩූ තේ හැඳි 1 කොත්තමල්ලි ඇට මේස හැඳි 1 කුරුඳු කැබැල්ලක් කරඳමූංගු කරල් 6 මූදවපූ කිරි කෝප්ප 1 කහ ස්වල්පයක් රස අනූව ලුණූ දෙහි ඇඹූල් කොත්තමල්ලි කොළ මේස හැඳි 1


පිළියෙළ කරන ක්‍රමය
මාළු සාමාන්‍ය තරමේ කැබලිවලට කපා බඳුනකට දමා ලුණූ හා කහ අතගා පසෙකින් තබන්න. කොත්තමල්ලි ඇට, කරඳමූංගු හා කුරුඳු අඹරාගන්න. මූදවාගත් කිරි වෙනත් බඳුනකට දමා එයට අඹරාගත් ද්‍රව්‍ය එක්කර හොඳින් ගසාගන්න. එයට මිරිස් කුඩූ, ගම්මිරිස් කුඩූ, ලුණූ, අඹරාගත් සූදුළුෑනූ, එකතු කර මිශ්‍රණය නැවතත් ගසාගන්න. මෙම මිශ්‍රණයට මාළු කැබලි දමා පැය බාගයක් පමණ තබාගන්න. වෙනත් බඳුනක් ගෙන එයට තෙල් එක්කර ලිප තබන්න. තෙල් හොඳින් රත්වූ පසූ මිශ්‍රණය එම බඳුනට දමා පිසගන්න. පිසගත් මාළුවලට කපාගත් කොත්තමල්ලි කොළ උඩින් ඉසින්න. රස අනූව දෙහි ඇඹූල් එක් කරන්න.



සූපවේදීනී ඃ ශාන්තා මායාදුන්නේ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment