ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී ඒවා රතු පැහැයට හැර පසූව ඒවා ගෙන් දියර ගලනවා

අවූරුදු විසි දෙකක් වන අවිවාහක යූවතියක් වන මට ඇති ගැටලුව මෙයයි. වෛද්‍යතුමනි කලක සිට මගේ ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී ඒවා රතු පැහැයට හැර පසූව ඒවා ගෙන් දියර ගලනවා. මූලදි සූළු වශයෙන් තිබූණූ අතර දෑන් ඒවා වර්ධනය වී ඇති බවයි පෙනෙන්නේ. තුවාල සතියකින් පමණ සූව වී යළිත් ඒ අවට කැසීමෙන්් බිබිලි ඇතිවෙනවා. තුවාල සූව වූ තැන් කළු පැහැයට හැර තිබෙනවා.
මෙවැනි රෝග ඇති වෙන්නේ ලිංගික සම්බන්ධකම් පැවත්වීමෙන් බව මම අසා තිබෙනවා. නමූත් මා කිසිදු ආකාරයකින් ලිංගික සම්බන්ධකමක් පවත්වා ඇත.
මේ සඳහා ප්‍රතිකාරයක් ගැනීමට යාමට ලැජ්ජාවෙන් පසූවෙමි. ඉකිිලි ප්‍රදේශයෙන් පසූපසටත් එය අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලටද පැතර යයි යන බියෙන් පසූවෙමි. එය මගේ අනාගතයට බලපායිද? ප්‍රතිකාරවලින් තොරව මෙය සූව නොවේද? මාස් ශුද්ධිය ඇති වී දින 3 - 4 කින් මෙම තත්ත්වය බහූලව ඇති වෙයි. මගේ රෝගය කුමක්ද? මෙය ස්ථිරවම සූව කර ගත නොහැකිද?
ගාල්ලේ කාවින්දි


පිළිතුර
ඔබට වැළඳී ඇත්තේ චර්ම රෝගී තත්ත්වයක්. දිලීරයක් නිසා හට ගන්නා මෙය මාසයක් මාස එකහමාරක් වැනි කාල සීමාවක් එක දිගට ප්‍රතිකාර ගැනීමෙන් සූව කර ගත හැකියි. ඒ සඳහා දිලීර නාශකයක් භාවිත කරන්න.
එය වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත සිදු කිරම වඩාත් උචිතයි. උෂ්ණ අධික ආහාර ගැනීමෙන් වැළකිය යූතු අතර පිරිසිදු යට ඇඳුම් ඇඳීම ද අත්‍යවශ්‍ය බව මතක තබා ගෙන ක්‍රියා කරන්න.



උපදෙස් ඃ රාගම උතුරු කොළඹ මහ රෝහලේ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ
වෛද්‍ය සූනිල් ප්‍රනාන්දු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment