එරබදු කොළ කොටා මිරිකාගත් ඉස්ම බඩේ කැක්කුමට හොඳයි


බඩේ කැක්කුම හෙවත් බඩේ වේදනාව නිසා බොහෝ දෙනා අපහසූතාවන්ට ලක්වෙනවා. මෙම බඩේ වේදනාව නොයෙකුත් හේතු නිසා ඇතිවිය හැකිය. අජීර්ණ තත්ත්වයන් ආදිය හෝ වෙනත් කුමන හෝ රෝගයක අතුරුඵලයක් ලෙස හෝ බඩේ කැක්කුම ඇති වෙනවා. නමූත් කාන්තාවන්ට ඇතිවන බඩේ වේදනාව මාසික ඔසප්වීම මතද සිදුවෙනවා. එවැනි ලෙස ඇතිවන තද වේදනාවන් සමනය කර ගැනීම සඳහා කාන්තාවන්ට මෙවැනි අත් බෙහෙත් කිිහිපයක් අද සඳහන් කරනවා.


ඔසප් වීමට දින කිහිපයකට පෙර (දින තුනකට පමණ පෙර) සිට බැබිල ගස සහමූලින් උදුරා ගෙන කපා කොල්ලු සමග තම්බා උදේ, හවස පානය කරන්න.

පොකුරු වද මල්් සහ කොත්තමල්ලි ගෙන රාත්‍රියේ වතුරේ පෙඟෙන්නට දමා පසූදා අළුයම පානය කිරම ඉතාම ගුණදායකය.

එරබදු කොළ කොටා මිරිකාගත් ඉස්ම මේස හැඳි දෙකක් පමණ උදේට සහ සවසට බොන්න.

මාසික ඔසප් වීමේදී ඇතිවන තද වේදනාවන් සඳහා මෙම අත්බෙහෙත් ක්‍රම අනූගමනය කළ හැකිය. නමූත් වේදනාව අධික ලෙස, නොකඩවා පවතිනවා නම් වෛද්‍යවරයෙක් හමූවී අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ද ලබා ගැනීම සූදුසූය.


වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත
කවිරාජ් බී. වයි. වික්‍රමාරච්චි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment