බබා නිසා ඇතිවන සීනි වැඩිවීම ප්‍රසූතියෙන් පසූ සාමාන්‍ය වෙනවා

ගැබිණි බව නිසා ඇතිවන දියවැඩියාව ගැන තොරතුරු පසූගිය සතියේ අපි සාකච්ඡා කළා. මේ දියවැඩියා තත්ත්වය මව තුළ දරුවා පිළිසිඳ ගන්නා කාලයේදී නැහැ. එය ඇතිවන්නේ සති 20: 22 පමණ කාලයෙන් පසූවයි.

දරුවාගේ අංග ජනනය වන කාලයේ දී මේ මවූරුවන්ට දියවැඩියා රෝගය නොතිබූණ නිසා, බබා අංගවිකලතාවයන්ට ගොදුරුවීමේ හැකියාවේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ දියවැඩියා තත්ත්වය ඇතිවීමට හේතුව ලෙස ගර්භනී කාලයේ ඇති හෝමෝන දෑක්වීමට පූළුවන්. මේ හොමෝන බොහොමයක් දියවැඩියාව ඇති කිරීමේ ප්‍රවනතාවක් තිබෙන හෝමෝන ලෙස දෑක්වීමට පූළුවන්.  නමූත් ගර්භණී මවකට සීනි පාලනය කර ගැනීමට හෝමෝන හා සාපේක්ෂව ශරීරයේ ඉන්සියූලින් ප්‍රමාණය වැඩි කරන්නට පූළුවන්. නමූත් ඇතැම් අයට මේ ඉන්සියූලින් ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකියාවක් නැහැ. එයට හේතුව ඔවූන්ගේ ශරීරයේ ස්වභාවය විය හැකියි. එවැනි අයට තමයි දියවැඩියාව ඇතිවෙන්නේ.

ගර්භණි බව නිසා දියවැඩියාව ඇතිවූ මවූවරුන්ට බබා ලැබූණට පසූව අනිවාර්යයෙන්ම මේ දියවැඩියා තත්ත්වය සාමාන්‍ය බවට පත් වෙනවා. ඉන්පසූව ඉන්සියූලින් හෝ වෙනත් ඖෂධ අවශ්‍ය වෙන්නේ නැහැ. නමූත් නැවත වතාවක් ඔවූන් ගර්භනී බවට පත් වීමේදී මේ තත්ත්වය නැවත ඇතිවෙන්නට පූළුවන්. මේ වාරයේදී සති 32 දී දියවැඩියාව ඇතිවූවා නම් ඊළඟ වාරයේදී සති 28 න් ඇතිවෙන්නට පූළුවන්. ඉන්පසූව ගර්භනී බවට පත්වීමේදී වූවත් මේ තත්ත්වයට මූහූණ දීමට සිදුවෙන්න පූළුවන්. මේ මවූවරුන්ට පසූකලකදී දියවැඩියාව ඇතිවීමේ හැකියාව ගැන බලාපොරොත්තුවෙන් සිටින්නට සිදුවෙනවා. ආහාර ගැන සිතන්නට ඕනේ බබෙක් ලැබූණට පසූවත්. විශේෂයෙන්ම තරබාරුකම ගැන හා ව්‍යායාම ගැන. මේ අය අවූරුදු 45 පමණ කාලයේදී දියවැඩියා රෝගීන් බවට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ඒ නිසා තමන්ගේ තරබාරුකම හා බර පාලනය කරගත්තොත්, ආහාර පාලනය කළොත්, ව්‍යායාම වැඩි කළොත් මේ අවදානම බොහෝ දුරට අඩූ කරගන්නට පූළුවන්.

ගර්භනී බව නිසා දියවැඩියාව ඇති වූ මවකටත් පෙර ලෙසම රුධිරයේ සීනි ප්‍රමාණය පරීක්ෂා කරලා, සති දෙකකට වරක් පාසා නැවත එම පරීක්ෂණය සිදු කරමින් රුධිරයේ සීනි පාලනය සිදු කෙරෙනවා.
කෙසේ වෙතත් මෙවැනි මවූරුවන්ගේ බබාට සති 40 ක් වන විට සාමාන්‍ය ක්‍රමයට හෝ සීසර් සැත්කමක් මගින් හෝ දරු ප්‍රසූතිය සිදු කරනවා. සාමාන්‍ය මවකගේ නම් දරු ප්‍රසූතියට නියමිත දිනය පසූවී දින 7 - 10 පමණ දරුවා බිහිවේ දෑයි බලන නමූත් දියවැඩියා රෝගය ඇති මවකගේ දරුවාට එසේ සිටින්නට ඉඩ හරින්නේ නැහැ.
අපි මූලින් කතා කළා ඨඔඔ පරීක්ෂණය ගැන. ඒ වගේම තවත් පරීක්ෂණ තිබෙනවා දියවැඩියාව හඳුනාගැනීම සඳහා වෛද්‍යවරු නියම කරන ඉන් එකක් ඨකඔ පරීක්ෂණය. එහිදී සිදුවන්නේ ග්ලුකෝස් ග්‍රෑම් 50 ක් ආහාරයට දී පැයකට පසූව රුධිර සාම්පලයක් ලබා ගෙන පරීක්ෂා කිරීමයි. ඒ හැරුණාම තවත් බෙහෝ පරීක්ෂණ වෛද්‍යවරු සිදු කරනවා. තවත් පරීක්ෂණයක් තියෙනවා එහිදී පසූගිය සති ගණනක සීනි ප්‍රමාණය සැළකිල්ලට ගෙන දියවැඩියාව ගැන නිගමනයකට එනවා. නමූත් බහූලව පාවිච්චි වනූයේ ඨඔඔ පරීක්ෂණයයි. එයට හේතුව නිරාහාරව සිට කරනූ ලබන පරීක්ෂණයෙන් ඉතාම නිවැරදිව තොරතුරු ලබා ගත නොහැකි වීමයි. එහෙත් ඨඔඔ පරීක්ෂණයෙන් අප ඉහත දැක්වූ ලෙසට දියවැඩියාව තිබෙනවාද, ඉදිරියේදී ඇතිවන්නට පූළුවන්ද කියන කාරණා ගැන වඩාත් නිවැරදිව කියන්නට පූළුවන්.

මේ පරීක්ෂණය සෑම කෙනෙකුටම නොකිරීමත් මවූවරුන්ට ප්‍රශ්නයක්. සෑම කෙනෙකුටම මේ පරික්ෂණය නියම කිරීමෙන් අනවශ්‍ය ලෙස රුධිර පරීක්ෂා සිදු කරන්නට වෙනවා. එක් දියවැඩියා රෝගියෙකු සොයා ගන්නට. නමූත් රෝග ඉතිහාසයක් ඇති,
අවදානමක් ඇති ලෙස තෝරාගත් අය පමණක් පරීක්ෂා කිරීමෙන් පහසූවෙන් දියවැඩියා රෝගීන් සොයා ගැනීමට හැකිවෙනවා. අනෙක් අතට මෙය පහසූවෙන් මූහූණ දිය හැකි පරීක්ෂණයකුත් නොවෙයි. පැය 12 ක් නිරාහාරව සිටීමට සිදුවෙනවා. තුන්වරක් ලේ ලබාදීමට සිදුවෙනවා. සාමාන්‍ය ඨඔඔ පරීක්ෂණයේදී මූත්‍රා පරීක්ෂාවත් සිදු කරන නමූත් ගර්භනී මවූවරුන් සඳහා මූත්‍රා පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නැහැ.
දියවැඩියාව නිසා මවට හා දරුවාට ඇතිවන සංකූලතා ගැන පසූගිය ලිපියක අපි සාකච්ඡා කළා ඔබට මතක ඇති. දියවැඩියාව ඇති කාන්තාවක් ගර්භනී වූවත්, ගර්භනී බව නිසා දියවැඩියාව ඇති වූවත් ඇති වන සංකූලතා එකමය. නමූත් එකම වෙනසකට ඇත්තේ මේ දියවැඩියාව ගර්භනීබව නිසාම ඇතිවූ තත්ත්වයක් නිසා දරු ප්‍රසූතියත් සමගම මවගේ රුධිරයේ සීනි තත්ත්වය සාමාන්‍ය වීමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment