නියම ආකාරයෙන් පැවිදි ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේ නමකගේ ජීවිතය


බත්තරමූල්ල, පන්නිපිටිය පාරෙ සිරි සූදස්සනාරාමාධිපති
ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ


අද සාකච්ඡා කරන්නේ වැදගත් කරුනක් වන "සන්තුස්සකෝ" නම් වූ ලද දෙයින් සතුටූවීම ගැනයි. පැවිදි ජීවිතයක් ගත කරන පැවිදි උතුමෙක් විසින් ලද සිවූපසයෙන් සතුටූ විය යූතුය. එනම් ලැබූවාවූ චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලන් පස හෝ බෙහෙත් ආදියෙන් සෑහීමට පත්විය යූතුය. එසේ නොවීමෙන් සිදුවන්නේ පැවිදි ජීවිතයක පරමාර්ථය වූ "අත්හැරීම" පූරුදු කරන්නට නොහැකි වීමය. මේ නිසා "යථාලාභ සන්තුටිඨිය" හෙවත් ලද දෙයින් සතුටූවීමේ ගුණය ගිහි පැවිදි දෙපාර්ශ්වයටම එකසේ වැදගත්ය.

නියම ආකාරයෙන් පැවිදි ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේ නමකගේ ජීවිතය ඉතාමත් සරලය. ඉතාමත් සැහැල්ලුය. ඒ ආහාර ආදිය පහසූවෙන් ලැබෙන නිසා නොවේ. මනසෙහි කිසිවක් කෙරේ දැඩි බැඳීමක් නොවන නිසාය. නිවැරදි පැවිදි ජීවිතයක ඇති සරල බව ඔබට මතු කොට දක්වන්නේ කෙදිනක හෝ ඔබ ද එම මානසික සූවය ලබන්නට කැමැත්තක් දක්වනූ ඇතැයි වූ සිතුවිල්ලෙනි. තථාගත බූදුරජාණන් වහන්සේගේ කාලයෙහි දීර්ඝායූ කෝලිය නම් සිටූපූත් තෙමේ මෙවැනි ප්‍රශ්නයක් ඇසීය. "ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපි කාමභෝගී ජීවිතයක් ගත කරමූ. දරුවන් හදා වඩමින් ජීවත්වෙමූ. මිල මූදල් (මසූ කහවනූ) රැස් කරමූ. සූවඳ විලවූන් දරමූ. එනමූත් ස්වාමීනී, ඔබ වහන්සේලා ලබන නිරාමිස සූවය ලබන්නට අපි ද කැමැත්තෙමූ. මෙම ගිහි ජීවිතය ගත කරන ගමනේම එම සූවය ලබන්නට පූළුවනිද" කියාය. බූදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා නම් වූ සතර ගුණ වඩන ලෙසය. එවිට එම අධ්‍යාත්මික සූවය ලැබිය හැකි බවය.

ලද පමණින් සතුටට පත්වන්නට හැකිවීම ජීවිත ගමනේ අර්බූද හා ගැටලු අඩූ කරගෙන සිත සන්සූන්ව තබා ගැනීමට එක් හේතුවක් වනූ ඇත. මෙහිදී වරදවා තේරුම් නොගත යූතු කරුණූ කීපයක් ඇත. එනම් අධ්‍යාපනය ලැබිය යූතු වයසේ උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් යූතුව නිසි ලෙස අධ්‍යාපනය නොලබා අලසව සිට විභාගය අසමත්වීම හෝ දුර්වල ප්‍රතිඵල ලැබීම ගැන කිසිදු ගැටලුවක් නැති ලෙස මෙම ගුණයෙන් උගන්වන බවය. නිසි ලෙස රැකියාවක් නොකිරීම හෝ රැකියාවේ උසස් බවක් ඇතිකර ගැනීමට උත්සාහ නොකොට සිටීම නිසා මූහූණ පාන්නට සිදුවන ගැටලු නොසලකා සිටින ලෙස මෙම ගුණයෙන් උගන්වන බවය. සත්‍යාකාරයෙන්ම එවැනි අදහසක් මෙම උතුම් ගුණාංගයෙන් ගම්‍ය නොවේ. අධ්‍යාපනයේදී නම් තමාගේ ඉහළම ශක්ති ප්‍රමාණයෙන්ම ඒ සඳහා ධෛර්යමත්ව හා අධිෂ්ඨානයෙන් යූතුව අරමූණක පිහිටා කටයූතු කළ යූතුය. ඉන් අනතුරුව ලැබෙන ප්‍රතිඵලය කුමක් වූව ද පිළිගෙන ඉදිරි අනාගතය සැළසූම් කරගත යූතුය. රැකියා හා ගෙදර දොරේ කටයූතුවලදී ද ධාර්මිකව හා වීර්යයෙන් යූතුුව කටයූතු කිරීම අවශ්‍යය. දියූණූව පිණිස කටයූතු කළ යූතුය. එහෙත් මෙම ගුණයෙන් මතුකොට දක්වන්නේ දැඩි ලෝභයෙන් යූතුුුව, නොසන්සූන් මනසකින් යූතුව, අතෘප්තිකර ආශාවන්ගෙන් පිරී සිතකින් යූතුව කටයූතු නොකළ යූතු බවය.

ඔබ මේ ගැන නිරවූල් මනසකින් ගැඹූරින් සිතා බලන්න. මේවා නිදසූන් පමණකි. සමහර බිරින්දෑවරුන්ට කුමන ආකාරයෙන් සැලකුවත් සතුටකට නම් පත්නොවේ යැයි, යම් ස්වාමි පූරුෂයෝ මැසිවිලි නඟති. මොනවා දුන්නත්, කළත් කියන්නේ "මදියි" හෝ කිසිවක් කළේ නැතැයි කියාය. එමෙන්ම යම් බිරින්ඳෑවරුන් ද මෙවැනිම අදහස් දරති. "මහත්තයා නම් කවදාවත් මම කරන දෙයකට හොඳයි කියලා නම් කියන්නේ නැහැ. කෑම ටිකක් හැදුවත්, ඇඳුමක් මිලට ගත්තත්, මම මැසූවත්, ගෙදර මොනවා හෝ කළත් අඩූවක්ම තමයි දකින්නේ කියන්නේ. නිකමටවත් හොඳයි කියලා නම් කියන්නේ නැහැ." මෙවැනි දෙයම යම් පවූල්වල දෙමාපියෝ ද දරුවන් ගැන කියති.

"හැමදාම මොනවා හරි අලුතින් ඉල්ලලා කරදර කරනවා. ගෙදර අලුත් කලිසම්, කමිස වැඩිපූරත් තියෙනවා. ඒ වූණත් ඇඳුමක් දැක්කොත් ඒක ගන්න ඕනෑ. මහන්සි වෙලා කෑම ටික හදලා දුන්නමත් මොකක් හරි කියනවා. අපේ පූංචි කාලේ අපිට කවදාවත් නොලැබූණූ දේවල් අපි කොහොම හරි දරුවන්ට දෙන්න බලනවා. ඒ වූණාට සතුටූ වෙන්නේ නම් කලාතුරකින්. අපි දන්නේ නැහැ අපේ ළමයි කොහොම සතුටූ කරන්නද කියලා." මේ වචන ගොන්නට තව ඕනෑ තරම් අදහස් එකතු කළ හැකිය. උපන් දිනයකට මොනව නමූත් යමක් දෙමාපියන්ට හැකි ආකාරයකට මිළට ගෙන දුන්විට එයට වඩා මිළ අධික දෑ ඉල්ලා කරදර කරන යම් යම් දරුවෝ ද වර්තමානයේ නැතුවා නොවේ. යම්තම් මාසික වැටූපෙන් එදිනෙදා වියදම් පියවා ගන්නා වූ දෙමාපියන්ට මෙය මහත් වූ හිසරදයකි.

පවූල් පරිසරයේදී ද ස්වාමි භාර්යාවරු මෙම "ලද දෙයින්" හා "තිබෙන පමණින්" ද "හැකි පමණින්" ද කටයූතු කොට තමන් සතුටූවීමට හැකියාවක් තිබීම ඉතා අගනේය. යම් යම් ඉහළ විය පැහැදම් කිරීම් තම පවූලට දරා ගැනීමට නොහැකි නම් ඒ ගැන සැලකිලිමත් විය යූතුය. අල්ලපූ ගෙදර අය අධික වියදම් කළ පමණින් ද නා නා විධි අරුමෝසම් බඩූ හා විදුලි උපකරණ මිලට ගත් පමණින් තමා කලබලයට පත්නොවිය යූතුය. නොකා නොබී හා ණය තුරුස් වී එවැනි බඩූ බාහිරාදිය තමන් මිලට ගන්නට වීමෙන් මහත් අමාරුවකට පත්විය හැකිය. ඒවායේ අවසාන ප්‍රතිඵලය ණය බර වැඩිවීම, අත්‍යවශ්‍ය දෙයකට මූදලක් වියදම් කිරීමට නොහැකිවීම හා සණ්ඩූ අමනාප නිසා ගෙදර සාමය ද නැතිවී යාමය. මේ නිසා අල්ලපූ ගෙදර හෝ හිත මිතුරන් කළ පමණින් ම තමන්ට දරන්නට බැරි ආකාරයට මිල මූදල් වියදම් කිරීමට නොපෙළඹිය යූතුය. මෙය කියවීමෙන් ඔබගේ සිත නොරිදිය යූතුය. සමහරුන් "ලෝකමානයට" දැරිය නොහැකි අයූරින් වාහන මිලදී ගන්නට යාමෙන් ද තටිටූ පිට තටිටූ ගෙවල් හදන්නට යාමෙන් ද මහත් අමාරුවල වැටී සිටිති. ඔබ කාගේවත් දෙයක් සොරකම් නොකොට සාමාන්‍ය වැටූපක් නමූත් උපයාගෙන ධාර්මිකව ජීවත් වන්නේ නම් එයම ඔබගේ පවූලටම සන්තෘෂ්ඨියක් බව අමතක නොකළ යූතුය. ජන සමාජයේ බොහෝ කෙනෙක් පවසන මෙම කතාවේ සත්‍ය අසත්‍ය ඔබම සිතා බලන්න. "තමන්ට කරන්නට පූළුවන් දෙයක් තමයි කරන්නට ඕන. රටටම ණය වෙලා මඟුල් කෑමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?"

ධර්මයට සමීප වීමට මම දැන් ඔබට ආරාධනා කරමි. මෙම පෘථග්ජන සිත සතුටූ කිරීම නම් පහසූ දෙයක් නොවේ. හරියට මහ සයූරට ජලය වැටෙනවා මෙන් ද ගින්දරට දර දමනවා මෙන් ද කවදාවත් සතුටූ නොවේ. පෘථග්ජන සිතේ ස්වභාවය නම් "ඕනෑම දෙයක් ලබා ගන්නා තෙක් හෙවත් තමා සතු කර ගන්නා තෙක් සිත අපට කරදර කරයි. විටෙක සියලු ගුණධර්ම අමතක කොට කරදර කරයි. කෙසේ හෝ සිත ඉල්ලන දේ ලබා දුන්නාට පසූව සිත කරන්නේ ලබන්නට පෙර තිබූ කැමැත්ත හා ඕනෑකම ටිකෙන් ටික අඩූ කිරීමයි. මින් පසූව වෙනත් දෙයක් ඉල්ලා සිත කරදර කරයි. ඇඳුමකට පැළඳුමකට මිළට ගන්නට පෙර ඔබ කොපමණ "ආශා" කොට ඇත්ද? එහෙත් එය ඔබ විසින් මිලට ගෙන කීප වරක් අඳින පළඳින විට පෙර තිබූ ආශාව නැතිව යයි. වෙනත් ඇඳුමකට සිත යයි. මේ නිසා සාමාන්‍ය මිනිස් සිතේ හැබෑ ස්වභාවය තේරුම් ගෙන තම සිත පාලනය කර ගැනීමට උත්සාහවත් විය යූතුය. "යථාලාභ සන්තුටිඨිය" හෙවත් ලද දෙයින් සතුටූවීම ද මූල් අවස්ථාවේ පටන් මෙම අතෘප්තිකර සිත පාලනය කර ගැනීමට මහත් වූ උපකාරයක් වනූ ඇත. එසේ නොමැති වූණොත් කොපමණ නම් ඔබගේ කුස පිරුණත් සිත නම් නොපිරෙනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment