කාන්තාවට බෝධින්වහන්සේ ළඟට යන්න හොඳ නැහැ කියන්නේ බොරු කතාවක්




ලොව වෙසෙන උසස්ම සත්වයා ලෙස සලකනූ ලබන්නේ මිනිසා ය. ඔවූන් තුළ ඇති චින්තන හැකියාව මෙම තත්ත්වයට හේතු වේ.

මිනිසා තුළ ගැබ්ව පවතින මනෝභාවයන් එහෙමත් නැතිනම් ආත්මයේ තවත් පැතිකඩක් ගැන කතා කරන ලිපි පෙළක ආරම්භයයි මේ. ආත්ම ගවේෂණය සඳහා මිනිසූන් පොළඹවන මෙම ලිපි පෙළ වෙත අවධානය යොමූ කිරීමෙන් ඔබට ඔබව සොයා ගැනීමට හැකියාව ලැබෙනූ ඇති.

ඔබ දෙවියන් ළඟට යන්නට ඉස්සර වෙලා, ඔබේ පවූලේ ජ්‍යෙතිර්වේදියා ළඟට යන්නට ඉස්සරවෙලා ඔබේ පවූලේ උපදේශකයා ළඟට යන්න ඉස්සරවෙලා ඔබට මූහූණ දෙන්නට වෙන සිදුවීම ඔබගේ මව ඔබගේ පියා හෝ ආරක්ෂකයාට කියන්නට ඉස්සරවෙලා ඔබ ඔබේ ආත්මය සමග සාකච්ඡා කරන්න. ඔබ මේ වෙලාවේ ගත යූතු වඩාත්ම නිවැරදි සහ සාර්ථක උපාය මාර්ගය කුමක්ද කියලා ඔබටම තීරණය කරගැනීමේ හැකියාව ඇති පූද්ලගයෙක් බවට පත්වෙන්න.

ඔබේ මූදල් පසූම්බිය බස් එකේදී නැති වූණා කියලා හිතන්න. එහෙමත් නැතිනම් ඔබ වැරදි බස් එකේ නැගලා ගමන අතර මගදී ඒ බව දෑන ගත්තා කියලා හිතන්න. එවැනි අවස්ථාවකදී ඔබ ගන්න වඩාත්ම නිවැරදි තීරණය කුමක්ද?

ඔබ බෙල් එක ගහලා මිනිසූන් නැති පාළු තැනක බැහැලා වටපිට බලනවාද? නැතිනම් ඔබ ඔබේ ආත්මය සමග සාකච්ඡා කරලා වඩාත්ම නිවැරදි තීරණය ගන්නවාද කියලා හොඳින් හිතන්න.

මෙම දෛනික පූංචි සිදුවීමක ඉදලා ඔබ තෝරාගන්නා ස්වාමියා ඔබේ ජීවිතයට අත්වැලක් වෙන්නේ කොහොමද කියලා හිතන්න. ඔහූ ඔබේ ආත්මීය ප්‍රාර්ථනා හිර කරන මිනිසා වේද ඔබ නිවසට කොටූ කරන කෙනාවේද කියලා හිතන්න.

ඔබ වෘත්තීය නිළියක් නම් එහෙමත් නැතිනම් වෙනත් රැකියාවක නිරතවෙලා ඉන්න කාන්තාවක් නම් එයින් ඔබ තෝරා ගන්නා ස්වාමියා අයින්වෙන්න කියලා උපදෙස් දෙනවා නම් හිතන්න.

ශරීරයෙන් මෝදු කළ දෙයක් විවාහය කියන දෙයින් හිර කරනවාද ඒ විතරක් නෙවෙයි ඔබ දරුවන් හදන මැෂිමක් බවට පත් වෙන්නද හදන්නේ. ගෘහනියක් සහ ගෙදරක වැඩකාරියක් කියන්නේ දෙදෙනෙක්. අම්මා කෙනෙක් සහ ගෘහ සේවිකාවක් කියන්නෙත් දෙදෙනෙක්. ඔබ ඉන්නේ දරුවන්ගේ ඇඳුම් සෝදමින් කෑම උයන්නද? නැතිනම් අනාගතයේ රජ කිරීම පිණිස ඔවූන්ගේ තොටිල්ල පදවන්නද? ඒක තෝරාගන්න. අපි අපේ ලිපිපෙළ දිග හරින්නේ ස්ත්‍රිත්වයට ගරහන යූගයක.

මම මෙතනදී කරන සෑම ප්‍රකාශයක්ම ඉතාම වගකීමෙන් කරන්නේ. මෙතනදී සම්පත් දායකයා විදිහට මගේ සිතේ කැකෑරෙන සිතුවිලි ඔස්සේ මා මාතෘකා මෙහෙය වෙනවා.

අද අපි කාන්තාව ගෙනල්ලා තියෙනවා ලෝකයේ කිසිම රටක් නොගෙනාව කාලකණ්නි, අභාග්‍යවන්ත තැනකට. ගැහැනියකගේ කුසින් උපන් ගැහැනියගේ රුධිරය ලේ කිරි කර බීපූ මිනිසූන්ම දරුවන්ට පාර අයිනේ යන ගැහැනූ දරුවෙක් දිහා බලලා කියනවා "කොහොමද කෑල්ල" කියලා. ඒ තරමට කාන්තාව හෙලා දෑකීම නූතන සමාජය විසින් වීරක්‍රියාවක් ලෙස ගණන් ගන්නවා.

කාන්තාවක් ගෙනාපූ බෝධින් වහන්සේ , කාන්තාවකගේ දොත මත තැබෙමින් ඇගේ මූවඟ පහස ලැම ප්‍රදේශයේ ස්පර්ශ වෙමින් ඉතාම භක්තියෙන් ගෙනා බෝධින් වහන්සේ හරියටම පූංචි දරුවෙක් මවකගේ ලබ් ඩබ් ශබ්දය කන්දී ගෙන කිරි උරමින් නිදියන්නා සේම එතරම් සූව බරව ලැම ප්‍රදේශය ආශ්‍රය කරගෙන ගෙනා බෝධින් වහන්සේගේ භූමිය ස්පර්ශ කරන්නටවත් කාන්තාවට අද අයිතියක් නැහැ. කාන්තාවගේ හදවතේ ලබ් ඩබ් හඬ අසන්නටත් අයිතියක් නැහැ. කාන්තාවට බෝධින් වහන්සේ පැන් කලයකින් දොවනය කරන්නත් අද පන්සලේ ලොකු හාමූදුරුවන්ගේ ඇඳුණූම්කමක් හෝ විශේෂ අවසරයක් තියෙන්න ඕන.. එහෙමත් නැතිනම් ස්ත්‍රියක් වෙන්න ඕන ඒ තරමට කාන්තාව හෙලා දකින ආගම් පරිසරයක් තමයි අද නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා මෙය ජාතික ප්‍රශ්නයක් වෙලා. නමූත් කාන්තා ඔබ කියයි අපට ඒකට කමක් නැහැ කියලා.

තවත් උදාහරණයක් තමයි බූදුන්වහන්සේගේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ ගෙන ආවේ කවූද?

අප්‍රසන්න කියන කෙස් රොදේ සඟවාගෙන ආ දළදාව තැන්පත් කර තබන පත්තිරිප්පූවට නගින්න, දළදාවට ආවතේව කරන්න කාන්තාවට අයිතියක් නෑ. තේරුම් ගන්න ගෞතම තථාගතයන් කියන මහා පූරුෂයා තමන්ගේ බෝධිසත්ව කාලේ කිරිදීපූ මව පිරිනිවන් පාන්න අවසර ඉල්ලාගෙන ආරාමයේ සිට වඩිද්දී බූදුන්වහන්සේ ආරාමයේ දොරකඩ ළඟට එනවා. ජේතකුමාරයාගෙන් අරගෙන අනේපිඬූ සිටූතුමා විසින් බූූදු සසූනට පූජා කළ ජේතවනාරාමයට අදටත් ඔබට ගියොත් බලාගන්න පූළුවනි. බූදුන් වැඩ සිට කුටියක් පිටවන දොරටූවත් අතර තියෙන දුර ප්‍රමාණය කිලෝමීටරයකට ආසන්න බව දෑකගන්න පූළුවන්.

පූංචි දරුවෙක් අම්මා කඩේට යනකොට අඬ අඬා පස්සෙන් යනවා වගේ බෝධිසත්ව ජීවිතයේදී තමන් බීපූ කිිරි සූවඳට මේ මහා පූරුෂයා පවා කොයිතරම් සූන්දර ළදරුවෙක් බවට පත් වෙනවාද? අද පිරිමින්ට මෙවන් තත්ත්වයකට පත්වෙන්න පූළුවනිද? මෙන්න මේ ගැන හිතන්න. කාන්තාව කියන්නේ එක් එක් කොටිඨාශවලට අවශ්‍ය පරිදි මෙහෙය විය යූතු තැනැත්තියක් නොවන බව ඔබම හඳුනාගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment