විදුලි බිල අඩූකර ගන්න ශීතකරණය පාවිච්චි කරන්නේ කොහොමද?


අපගේ නිවෙස්වල සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගන්නා ශීතකරණය. වොටි 100 ක් හෝ ඊට වැඩි විදුලි ඒකකයක් තිබෙන එකකි.


ශීතකරණයක් මිලදී ගැනීමේදී ඔබ අවධානය යොමූ කළ යූතු ප්‍රධාන කරුණූ කිහිපයක් හා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යූතු අංශ කිහිපයක් තිබෙනවා.

ඔබ නිවසට ශීතකරණයක් රැගෙන ඇවිත් එය ඔබට අවශ්‍ය කරන ස්ථානයෙන් තැබීම සිදු කරයි. එහෙත් ශීතකරණයට ස්ථානගත කිරීමේදී එහි කාර්යක්ෂමතාව තීරණය වන ප්‍රධාන සාධකයක් බව ඔබ දන්නවාද? මේ නිසා මෙම උපකරණය නිවැරදිව ස්ථානගත කිරීම සඳහා ඔබට දැනූමක් තිබිය යූතුයි.

ං ශීතකරණය ස්ථානගත කිරීමේදී එය හිරුඑළිය වැටෙන ජනේලයක් අභියස තැන්පත් කිරීම සූදුසූ නැහැ.

එයට හේතුව ශීතකරණයට කෙලින්ම හිරු රැස් පතිතවීම තුළින් අනවශ්‍ය රත්වීමක් සිදුවන නිසා එම රත්වීම සිසිල් කිරීම සඳහා වැඩි විදුලි බලයක් වැය කිරීමට සිදුවන නිසාවෙනි.

ං ශීතකරණය තැන්පත් කරන ස්ථානයේ පිටූපස බිත්තියට අඟල් 9 ක් පමණ දුරින් එය තැබීම කළ යූතුය. එවිට ශීතකරණය උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරයි.

ං ජලය වැටෙන ස්ථානයක ශීතකරණය තැන්පත් කිරීමෙන් වලකින්න. 

(මූළුතැන්ගෙයි සින්ක් එක සවිකර තිබෙන ස්ථානයෙන් මෙය තබන්න එපා. එවිට සිදුවන්නේ නිතර නිතර ජලය වැටීමෙන් ඉක්මණින්ම මල බැඳීම හා දිරායෑම සිදුවීමට හැකියාව තිබෙන නිසාය.)

ං ඔබ ශීතකරණය භාවිත කිරීමේදී එහි ඇතුළත තිබෙන කුටීර පිළිබඳවත් අවධානය යොමූ කළ යූතුයි. 

මන්ද ශීතකරණයේ වඩාත් සීතල වන්නේ එහි තිබෙන ඉහළ කොටසයි. මේ කොටස අධිශීතකරණය ලෙස හැඳින්වෙයි. මේ කොටසේ තමයි ඔබ රැගෙන ආ මස් මාළු, අයිස් ක්‍රීම්, අයිස් කැට වැනි දැ තැන්පත් කරන්න ඕනේ. ඊට පහළින් තිබෙන කුටීරවල සාමාන්‍ය සීත අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් කරන්නට පූළුවන්. මේ ක්‍රමය අනූගමනය කිරීම තුළින් ශීතකරණයෙන් වඩාත් කාර්යක්ෂමතාව ලබාගන්නට හැකිවෙනවා.

ං ශීතකරණය නිතර නිතර විවෘත කිරීම හා වැඩි වේලාවක් විවෘතව තැබීම සිදු නොකරන්න

එසේ කිරීම මගින් ඇතුළත තිබෙන සිසිල් වාතය වැඩියෙන් පිටතට පැමිණෙන අතර පිටත ඇති වාතය එය තුළට යෑමෙන් එය සිසිල් වීමට තවත් කාලයක් වැය කිරීමට සිදුවෙන නිසාවෙනි. ඒ නිසා ඔබට අවැසි සියලුම දෑ මතකයේ රඳවා ගෙන එකවර එම ද්‍රව්‍ය පිටතට ගැනීම තමයි නූවණට හූරු වන්නේ.

ං එළවළු වර්ග, වෙනත් ආහාර වර්ග සිරවෙන අයූරින් ඇසිරීම සූදුසූ නොවෙයි. එසේ සිරවෙන ආකාරයෙන් තැබීමෙන් ඇතුළත තිබෙන සිසිල් වාතය එම ආහාරය තුළින් ගමන් කිරීම අවම වෙනවා. එවිට ආහාර නරක් වී තැම්බී ඇති බව දකින්නට ලැබෙන්නේ මේ ක්‍රමය නිසයි.

උණූසූම් ආහාර තැන්පත් කිරීමෙන් වලකින්න

ඇතැම් ගෘහණියන් කලබලකාරීකම නිසා සිසිල්වීමට පෙර උණූසූම් ලෙසම ආහාර ශීතකරණයට දැමීම සිදුකරනවා. එමගින් සිදුවන්නේ උණූසූම් දෑ සිසිල් වීමට සිසිල් වාතය එම ආහාරයට එවීමයි. එයින් සිසිල් වීමට විදුලිය වැය කිරීමට සිදුවන අතර ඔබ දමන ආහාර පියනකින් වසා තැබීමට මතක තබා ගන්න. එසේ නොකිරීම නිසා ආහාරවල සූවඳ ශීතකරණය තුළ රැඳීම හා දුර්ගන්ධය ශීතකරණය තුළින් පිටතට ඒම සිදුවේ.

ං විදුලිය නොමැති විටදී උෂ්ණත්ව පාලකය උපරිමයට කරකවා තබන්න.

එයින් සෑහෙන වේලාවක් ශීතකරණය තුළ සිසිලස රඳවා ගැනීමට පූළුවන්. විදුලිය යථා තත්ත්වයට පැමිණි විගස අයිස් හා උෂ්ණත්ව පාලකය සකස් කර ගැනීම සිදු කරන්න.

ං ශීතකරණය තුළ ආහාර පාන නොමැති නම් ඔබ එම තිබෙන ආහාර ප්‍රමාණය අනූව උෂ්ණත්වය සකසා ගැනීම සිදුකර ගන්න.

ං ඔබ ශීතකරණය පරිහරණය කිරීමෙන් අනතුරුව නැවත වැසීමේදී එය හොඳින් වසා තිබේදැයි පරීකෂා කර බලන්න.

ශීතකරණයේ කාර්යක්ෂමතාව සඳහා බලපානූ ලබන තවත් වැදගත් අංගයක් තමයි පටිය හෙවත් බීඩිම පරීකෂා කර බැලීම. එය නිසි ලෙස වැසී නොතිබීමෙන් ඇතුළත සිසිලස පිටතට පැමිණීම නිසා ශීතකරණය සඳහා අධික විදුලි පරිභෝජනයක් වැය කිරීමට සිදුවේ.

මෙවැනි පූංචි කරුණූ ඔබ දැන ගැනීම තුළින් විදුලි උපකරණ භාවිත කරමින් නිවසේ විදුලි බිලට ටික ටික එකතු වන මූදල් අවම කර ගැනීමට පූළුවන්. එමගින් මනා සකසූරුකමින් වැඩ කටයූතු කරන බූද්ධිමත් දකෂ ගෘහණියක් වන්නට ඔබටත් හැකි වෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment