දුවගේ බෙහෙත් පූතාටත් ගැලපෙනවාද?


වස්සාන කාලයේ ආරම්භය යනූ රෝග පැතිරීමේ ආරම්භයයි. මේ කාලයේ වෛරස් හා බැක්ටීරියා රෝග දරුවන් අතර වේගයෙන් පැතිරී යයි. පෙර පාසල් හා ප්‍රාථමික පන්තිවල දරුවන් මේ අතර ප්‍රමූඛ වේ. එකිනෙකාට සමීපව සිටීම හා ද්‍රව්‍ය හූවමාරුව මෙයට මූලික හේතුවයි.


මෙසේ කුඩා දරුවන්ට වැළදෙන රෝග, පවූලේ අනෙක් කුඩා හා වැඩිමල් දරුවන්ටත් මාපියන් ඇතුළු අනෙක් සාමාජිකයන්ටත් පැතිරීම බොහෝ විට සිදු වේ.

උණ, හෙම්බිරිස්සාව ආදී වෛරස් රෝග මේ අතර ප්‍රමූඛ වේ. මෙම ආසාදන ඇතිවූ මූල් දිනවල අධික උණ, ඇඟපත වේදනාව, හිසරදය ආදිය ඇති වේ. මූල් දිනවලදී වෛද්‍යවරු ඖෂධ නියම කරනූයේ ද මේ රෝග ලක්ෂණ සූව කිරීම සඳහා පමණයි. දින හතර පහකට පසූව දුර්වල සිරුර තුළ ඇති වන බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ ද ලබාදිය හැකියි. රෝග නිර්ණයට මේ අතරදී රුධිර පරික්ෂණ ද සිදු කරයි.

එක් දරුවෙකුට රෝගය වැලදී සූව වී ගෙන යනවිට එනම් දින හතර පහක් යන විට බොහෝ විට අනෙක් දරුවන්ද රෝගී වේ වෛරයක් සිරුරට ඇතුළු වී ක්‍රියාත්මක වීමට දින කිහිපයක් ගත වීම මෙයට ප්‍රධාන හේතුවයි.

දෙවනූව බෝවෙන දරුවාගේ රෝග ලක්ෂණ බොහෝ විට පළමූව රෝගී වූ දරුවාගේ රෝග ලක්ෂණවලටම සමාන වේ.

බොහෝ දෙමාපියන් පළමූව රෝගී වූ දරුවන්ට වෛද්‍යවරයා ලබාදුන් ඖෂධම දෙවනූව රෝගී වූ දරුවාටත් ලබා දෙන්නට පෙළඹේ. රෝග ලක්ෂණ සමාන වීමත් වෛද්‍යවරුන් වෙත යෑමට ඇති නොයෙකුත් බාධකයනූත් මෙයට බොහෝ විට හේතු වේ.

එහෙත් මාපියවරුනි මේ ඔබ දෙවරක් සිතා බැලිය යූතුම කරුණකි. ඖෂධ ලබාදීමේ මාත්‍රාව දරුවාගෙන් දරුවාට වෙනස් වේ. එය දරුවාගේ බර හා වයස අනූව මූලිකවම රදා පවතී. මෙයට අමතරව දරුවන්ගේ පවතින රෝග ලක්ෂණ ඔබට එක සමානව පෙනූණද ඒවායේ වෙනස් කම් පවතී. එසේම දරුවන්ට ලබාදෙන අනෙක් ඖෂධ සමග මේ ඖෂධවල ප්‍රතික්‍රියාවන් ඇතිවිය හැකියි එසේම සමහර දෙමාපියන් කරන බරලපතලකම වරද වන්නේ පළමූ දරුවාට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ දෙවන දරුවාට ලබා දීමයි. වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා දෙන මෙසම ප්‍රතිජීවක ඖෂධ නිසා සමහර විට රෝගය සූව වීම ප්‍රමාද වීමටද හැකියි. එසේම සමහර විට දරුවන් මෙම ප්‍රතිජීවක ඖෂධ සඳහා අසාත්මික වීමටද හැකියි.

ඒනිසාම දෙමාපියනි දරුවා රෝගී වූ විට ඔබම වෛද්‍යවරයා වී තීරණ ගැනීම නම් සාර්ථක නැත. ඒනිසා වෛද්‍ය නියමයෙන් තොරව රෝගයක් වෙනූවෙන් ඖෂධ ලබාදීමේදී සැමවිටම දෙවරක් සිතන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment