හරියටම කකුළෙක් රෝස්ටි කරගන්නේ කොහොමද ?

To prepare your chicken
Take your chicken out of the fridge 30 minutes before it goes into the oven. Preheat your oven to 240°C/475°F/gas 9. There's no need to peel the vegetables – just give them a wash and roughly chop them. Break the garlic bulb into cloves, leaving them unpeeled.



මිශ්‍රණය

කරි කුඩූ, ගම්මිරිස් කුඩූ, මිරිස් කුඩූ, කහ කුඩූ ස්වල්පයක්, අඹරාගත් සූදුළුෑනූ, අමූ ඉඟුරු, ලුණූ, තෙල් මේස හැඳි 1

මේ සියල්ල තෙල් සමග එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.

කුකුළා පිළියෙල කිරීම

සෝදා පිරිසිදු කරගත් කුකුළාගේ පිටත සහ ඇතුළත ඉහත සාදාගත් මිශ්‍රණය හොඳින් තවරන්න. හැකිනම් කරපිංචා ඉත්තක් හා කුරුඳු කොළයක් දෙකට තුනට නමා කුකුළාගේ ඇතුළතට දමාගන්න.

දෑන් අවන් එකට දමන තැටියක් ගෙන කුකුළා ඒ මත තබන්න. කුකුළා මතට යන්තම් තෙල් දමා ගන්න.

සෙ.අං 150 උෂ්ණත්වයට සකස් කළ උදුනක මෙය දමන්න. සම්පූර්ණයෙන්ම පැයක් බේක් කළ යූතුය. අවන් එකට දමා විනාඩි 15 ක් යනවිට අවන් එක ඇර තැටියට එකතු වී ඇති තෙල් නැවත කුකුළා මතට දමන්න. මේ ලෙසින් විනාඩි 15 න් 15 ට තෙල් දමාගන්න.

පැයක් ගත වන විට කුකුළා හොඳින් රෝස්ටි වේවි.

අවන් එකක් නැති විට

අවන් එකක් ඔබේ නිවසේ නැත්නම් කුකුළා රෝස්ටි කරගන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරාවි. දුක් වෙන්න එපා. ඔබටත් පූළුවන් කුකුළෙක් රෝස්ටි කරගන්න.

පෙර ලෙසටම සාදාගත් මිශ්‍රණය පිරිසිදු කර දිය බේරාගත් කුකුළා මත හා ඇතුළත තවරා ගන්න.

කුකුළා දෑමිය හැකි ප්‍රමාණයේ හටිටියක් ගෙන එහි පතුළට කුරුඳු කොළ හෝ හීනියට ලියාගත් කැරටි දමන්න. ඒ මත කුකුළා තබන්න. වතුර මේස හැඳි 4 ක් පතුළට දමන්න. කුකුළා මතට තෙල් දමා හටිටිය ලිපේ තබන්න. දර හෝ ගෑස්, ඕනෑම ලිපක මේ කුකුළා රෝස්ටි කරගන්න පූළුවන්.

වතුර උණූවන විට ගින්දර අඩූ කර භාජනය වසන්න. දුම් පිට නොවන ලෙස සීල් වෙන්නම වසන්න ඕන. විනාඩි 15 න් 15 ට හටිටියට එකතුවන තෙල් කුකුළා මතට දමන්න. හටිටිය උඩින්ද ආප්ප පිසින විට මෙන් අඟුරු දෑමූ කබලක් තබා ගත හැකි නම් වඩාත් හොඳයි. අවන් එකක රෝස්ටි කරනවාටත් වඩා රසවත්ව මේ කුකුළා රෝස්ටි කරගන්නට පූළුවන්.

තරමක් ඇඹූල් රසට අවශ්‍ය නම් මූලින් සාදන මිශ්‍රණයට විනාකිරි හෝ සියඹලා යූෂ එකතු කරගන්න.




ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. හොඳයි හොඳයි. මේක වෙසක් පෝයට හදඤ්ඤං ඈ.

    ReplyDelete