හිස සම්භාහනයෙන් නිරෝගී කෙස් කළඹක්




මොනර පිළික්වන් නීලවර්ණ කෙස් කළඹක් තිබෙනවා නම් ඔබ මොන තරම් සතුටූ වේවිද? සිතු පමණින් එය අපට ලබා ගත නොහැක. ඒ සඳහා නිසි පෝෂණය, සාත්තුව අත්‍යවශ්‍යයි. නිරෝගි කෙස් කළඹක් ලබා ගැනීම සඳහා හිසකෙස් ගැලවී යෑම, හිසේ ආබාධ සහ නින්ද නොයන අයටද බෙහෙවින් ගුණ ලබා දෙන අතර මෙය සතියකට වරක්වත් කිරීම තුළින් නිසි ප්‍රතිඵල ලබා ගන්නට ඔබටත් පූළුවන්.

හිස හා හිසකෙස් සම්භාහනය කරන ආකාරය

ප්‍රථමයෙන් ඔබගේ හිසට ගැලපෙන තෙල් වර්ගයක් තෝරාගෙන එය තරමක් රත්කර ගන්න. හිසකෙස් හොඳින් අවූල් හැර පීරාගත යූතුයි. අවූල් ඉවත් කරගත් හිසකෙස් කොටස් කර ගනිමින් පූළුන් කැබැල්ලක් ආධාරයෙන් හිස් කබලේ සිට හිසකෙස් දක්වා හොඳින් තෙල් ආලේප කරගන්න.

ඉන්පසූ බෙල්ලේ සිට උඩූඅතට, නළල දක්වා ඇඟිලි තුඩූ ආධාරයෙන් හිස්කබල හා කෙස් හොඳින් කවාකාරව පිරිමදින්න.

එසේ එම ක්‍රමය අවසන් වූ පසූ ඇඟිලි තුඩූ මතින් හිස සෙමින් තදකිරීමක් හා කෙස් ඇඟිලි තුඩූ මත රඳවා සෙමින් දෙපැත්තට ඇඳීමක් සිදු කරන්න.

දෙවැනි පියවර ලෙස අත්ල ගෙන එයින්ද සෙමින් සෙමින් හිස තද කිරීමක් සිදු කරගන්න. සම්භාහනය අවසන් කිරීම සඳහා ඉහත මූලින් සිදුකළ සම්භාහනය නැවත කිරීම සූදුසූ වේ. (සම්භාහනය විනාඩි 20 ක් පමණ කිරීම සෑහේ)

අවසානයේදී උණූසූම් තුවායක් ගෙන එහි තිබෙන ජලය හොඳින් මිරිකා හිසකෙස් සියල්ලම වැසෙන ආකාරයෙන් ඔතා නිවූණූ පසූ නැවත එලෙසම උණූ වතුරේ පොඟවා තුන් වතාවක් කර ගැනීම සූදුසූය.

එසේ ස්ටීම් කරගත් හිසකෙස් යට සිට උඩට පීරා ගත යූතු වෙනවා. ඉන් අනතුරුව හිසකෙස් බිමට හරවා දවසකට සිය වතාවක් හිස් කබල හා කෙස් හොඳින් පීරාගන්න. මෙසේ මාස තුනක් නොකඩවා කිරීමෙන් ඔබ සිතන ආකාරයට මනා දිදුලන නිරෝගි කෙස් කළඹක් දායාද කර ගන්න පූළුවන් වෙනවා.

සැලකිය යූතුයි

ඔබ තෙල් සම්භාහනයක් සිදු කර පැය 24 ක් පමණ කාලයක් හිසේ තබා ගැනීම වඩාත් හොඳම ක්‍රමය වේ. ඉන් අනතුරුව ෂැම්පූ නොදා හිස සෝදා ගැනීම කළ යූතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment