මවූකිරි වැඩිකරවන සූදුරු


අපේ පැරණි ආච්චි අම්මලා නිවසේ ආහාර සැකසීමට යොදා ගන්නා රසකාරක ද්‍රව්‍ය සාදා ගත්තේ ඇයගේ දෑතින්මයි. නිවසේ සාදන වෑංජන රසගන්වන්නට අවශ්‍ය වන සියලුම රසකාරක, තුනපහ වර්ග නිෂ්පාදනය කරනූ ලැබූවේ තම නිවසේ මිස වෙළඳපොළෙන් නිෂ්පාදනය කළ ඒවා මිලට ගෙන නම් නොවෙයි.


විශේෂයෙන් තුනපහ සාදාගත්තේ නිවසේදීමයි. එයට අනිවාර්යයෙන් එකතු කළ කුළු බඩූ විශේෂයක් තමයි සූදුරු. ඒ නිසා සෑම නිවසකම සූදුරු ටිකක් දකින්නට ලැබූණා.

ඔබ ඇතැම් විට අසා ඇති දරුවන් බඩ අමාරුයි කියා අඬන විටදී ආච්චි අම්මලා පවසනවා ඔය දරුවට සූදුරු ටිකක් වත්කර දෙන්න කියල. එසේ පවසන්නේ සූදුරු නිවසේ සිටින වෙද මහතකු මෙන් රෝගය සූව කිරීමේ මහඟූ හැකියාව තිබෙන බව ඇය අත්දැකීමෙන් දැන සිටි නිසායි.

සූදුරු හින්දු ජනයා හා දෙමළ ජනයා ද ඉතා ප්‍රිය කරයි. ඔවූන් පිසින සෑම වෑංජනයකම සූදුරු කුඩූ ස්වල්පයක් හෝ ඇට කිහිපයක් දැමීමට අමතක කරන්නේ නැහැ. එයින් ආහාරයට මිහිරි සූවඳක් රසක් එක්වෙනවා වගේම සිරුරට ගුණයක් ද ලබාගන්න පූළුවන් වන හෙයිනි.

ආහාර රසකරවන කුළු බඩූවක් හැටියට වැඩි දෙනා සූදුරු හඳුන්වනූ ලැබූවත් ආයූර්වේදය පැත්තෙන් එහි ඔසූ ගුණයකුත් හිමිවි තිබෙන බව ඔබ දන්නවාද?

ආයූර්වේදයේ දී ඔසූ සඳහා ගෙඩි, බීජ හා තෙල් ප්‍රයෝජනවත් වෙනවා. මෙහි තයිමින් නම් වාෂ්පශීලී තෙල් අඩංගු වන අතර පිච්චිල ද්‍රව්‍ය, දුම්මල ආදී ද්‍රව්‍යයන් ද අන්තර්ගතයි.

සූදුරු, සූදු දුරු ලෙස හා කළු දුරු ලෙස වර්ග දෙකකින් සමන්විතයි. සූදු දුරු කුඩූ ආයූර්වේදයේදී ග්‍රහණ රෝගවලට හා අතීසාර රෝගවලදී පානයක් ලෙසට යොදා ගනී.

අපගේ ඇතැම් මවූවරු දරුවාට දෙන්න කිරි නෑ, කිරි මදි යනූවෙන් මැසිවිලි නගනවා. නමූත් එසේ මැසිවිලි නැගිය යූතු නැහැ. මවූකිරි දෙන මවකට මවූකිරි වඩවා ගැනීමට උපකාරී වන ස්වභාවික ඔසූවක් ලෙස සූදුරු හඳුන්වාදීමට පූළුවන්.

ඒ වගේම මවගේ ගර්භාෂය පිරිසිදු කිරීමේ විශේෂ හැකියාවත් මෙම පූංචි සූදුරු ඇයට හිමිවී තිබෙනවා. ආයූර්වේදයේ සූදුරු විවිධ රෝග සඳහා අරිෂ්ඨ වර්ගවලටත් යොදා ගනූ ලබනවා.

ඉපැරණි වෙද ඇඳුරන් අත් බෙහෙතක් ලෙසට බඩ අමාරු වූ විට සූදුරු වක්කර මී පැණි සමග පානය කිරීමට දෙයි.

ඒ වගේම ඉමිහිරි සූවඳකින් යූතු සීත ගුණය හෙබි පූංචි සූදුරු ඇටයේ මා හැඟි වටිනාකමක් තිබෙන බව දැන් ඔබට වැටහෙනවා නේද?

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment