නියපොතු පිරිසිදු කරගන්නේ මෙහෙමයි


ලස්සන වෙන්න හිතන ඒ වෙනූවෙන් ක්‍රියා කරන බොහෝ කාන්තාවන් මූහූණත් සමත් ගැනත් උනන්දුවක් දෑක්වූවත් තමන්ගේ දෙඅතේත් දෙපයෙත් පිරිසිදුකමත් අලංකාරය ගැන සිතන්නේ නැත.


ඒත් කාන්තාවකගේ ලස්සන ඉස්මතු වෙන්නට නම් නියපොතු ගැනත් විශේෂ සැලකිල්ලක් දෑක්විය යූතුයි.

නියපොතු නොකපා සිටීමෙන් ඒවා ඇතුළට කුණූ දූවිලි එකතු වෙන බව අමූූතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. ඒ නිසා තමන්ගේ අතේත් පයෙත් නියපොතු හොඳින් කපා පිරිසිදු කර ගැනීමට වග බලා ගන්න. නියපොතු කැපීමේදී උල් හැඩයට කැපීම හොඳ දෙයක් නොවේ. එයින් ඔබේ නියපොතු වලට අනවශ්‍ය ලස්සන එක් වෙනවා වගේම අන් අයට වගේම ඔබටත් හිරිහැරයක් සිදුවෙන්නට පූළුවන. ඒ නිසා හතරැස් හෝ රවූමට නියපොතු කපා ගැනීමට උත්සූක වන්න.

නියපොතු කැපීම කලට වෙලාවට සිදුවිය යූතු වගේම කකුල් පැලෙනවා නම් එයට සූදුසූ ෆූටි කී්‍රම් එකක්ද භාවිත කරන්න වගබලා ගන්න. එමගින් ඔබේ දෙපාවල පැහැපත් බව සදාකාලිකව රදවා ගන්නට පූළුවන්.

දෙපා පිරිසිදු කිරීම පිළිබඳව තවත් විශේෂ යමක් කිව යූතුමය. ඒ නිතරම පොළොව සමග ඒවා ස්පර්ශ වී ඇති නිසා ඒවායේ කුණූ දුවිලි තැවරීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසාම දෙඅත්වලට වඩා නිතරම දෙපා දෙස සැලකිල්ලෙන් සිටිය යූතුය. මද රස්නේ වතුරට ෂැම්පූ ස්වල්පයක් එක්කර විනාඩි දහයක් පහළොවක් දෙපා එහි බහාගෙන සිටීමෙන් පහසූවෙන්ම පිරිසිදු වේ.

කකුල් අතපය පැලෙන්නට සමෙහි ඇති වියළි ස්වභාවයද බලපායි. ඒ නිසා වතුර නිතරම පානයටත් අලූත් එළවළු පලතුරු ආහාරයට ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා.

නියපොතු හැඩට කපනවා වගේම ඒවාට සූදුසූ නිය ආලේපයකින් හැඩ කරගැනීමටත් කාන්තාවෝ උනන්දුවක් ආශාවක් දක්වති. මෙවැනි හැඩගැන්වීමකදී රූපලාවන්‍ය ශිල්පිනියක හෝ ශිල්පියෙකුගේ උපදෙස් ගැනීමට ඔබ වග බලා ගන්නේ නම් මැනවි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. MEMA SATAHANA KANTHAWANTA PRAYOJANAWATH. THANKS.. MEWAN KARANA GENA DANAGANNA APE MAHA ADURU, SAKVITHI, MAVISURU, (SELF AWARDED) KAKKA THUMA INNAWA. PUKA, JEE, CHOO AADEE DE ETHUMA HONDA TA VIGRAHA KARALA THIYANAWA.

    ReplyDelete