සාමාන්‍ය සමක් හිමි ඔබට සූදුසූ ෆේෂල් එකක්



අතීතයේ පටන් අද දක්වාම අපගේ ලලනාවන් තම රූපශ්‍රියාව රැකගැනීමට කොතරම් උත්සාහ ගන්නවාද? එසේ සිදු කරන්නේ කවූරුත් කැමති පැහැපත් ලස්සන රූපයක් ලබා ගන්නටනේ. මේ නිසා අද අපි සාමාන්‍ය සමක් තිබෙන යූවතියන්ට සූදුසූ ෆේෂල් එකක් කරගන්නා අයූරු කියා දෙන්නටයි මේ සූදානම් වෙන්නේ.

පළමූවෙන්ම ඔබ කළ යූතු වෙන්නේ මූහූණ බෙල්ල අවට ඔබට ගැළපෙන ෆේෂ් වොෂ් එකකින් පිරිසිදු කර ගැනීමයි.

එසේ පිරිසිදු කරගත් පසූ මූහූණට ගැළපෙන ස්ක්‍රබ් ක්‍රීම් එකක් ආලේප කර හොඳින් ස්කබ් කරන්න. එයින් මූහූණේ තියෙන අධික කුණූ, දූවිලි, තෙල් ගතිය හොඳින් ඉවත්වී යයි. ස්කබ් කරගත් පසූව එය අයිස් ජලයෙන් ඉවත් කරගත යූතුයි. (හොඳින් පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය නම් ෆේෂල් බ්‍රෂ් එකක් ආධාර කර ගන්න.)

ඉන්පසූ ඔබගේ සමට ගැලපෙන මොයිස්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් ගෙන තිත් ආකාරයට ගල්වා සම්භාහනය කිරීම අරඹන්න.

සම්භාහන ක්‍රම

පළමූ පියවර.

බෙල්ල, නිකට, අවට, නිකට මැද කොටස, මූඛය, නාසය, ඇඟිලි දෙක ආධාරයෙන් රවූම් ආකාරයට උඩූ අතට හොඳින් පිරිමදින්න.

වෙදැගිල්ල භාවිතයෙන් ඇස වටා, සම්භාහනය කළ යූතු අතර ඇස් පිහාටූ, ඇහිබැම දබර ඇඟිල්ලයි, මැදගිල්ල යන ඇඟිලි දෙක ආධාරයෙන් දෙපසට විහිදෙන ආකාරයට පිරිමදින්න.

නළල ඇඟිලි භාවිතයෙන් උඩූ අතට සහ දෙපසට සම්භාහනය කිරීම සූදුසූ වේ. (මෙය විනාඩි 5 ක් කිරීම සූදුසූය.)

දෙවන පියවර

බෙල්ල, නිකට, මූඛය, නාසය, ඇස් කොණ, දෙනෙත, නළල ඇඟිලි තුඩූ ආධාර කර ගනිමින් තද කිරීමක් කර ගන්න. එසේ කිරීමෙන් පසූ පළමූ වර කළ සම්භාහනය අවසානයට සිදුකර සම්භාහනය අවසාන් කර ගත යූතු අතර සමේ ගැල්වූ මොයිස්චරයිසර් ක්‍රීම් අයිස් වතුරින් සෝදා ඉවත් කරගන්න.

සම්භාහනයෙන් අනතුරුව සමට සූදුසූ ෆේෂ් පැක් එක මූහූණේ ගැල්වීම අරඹන්න.

පළමූවෙන්ම කළ යූතු වෙන්නේ අයිස් ජලයෙන් පොඟවා මිරිකාගත් පූළුන් කැබලි දෙකක් දෙනෙත් මත තබා ගැනීමයි. එසේ තබාගත් පසූ ෆේෂ් පැක් එක යොදා විනාඩි 20 ක් මූහූණේ තබා අයිස් ජලයෙන් හොඳින් සෝදා පිරිසිදු කර ගැනීම සිදුකළ යූතුයි.

අවසානයේ පූළුන් කැබැල්ලක් ආධාරයෙන් ටෝනර් වර්ගයක් ආලේප කර නිමා කරගන්න.

සැලකිය යූතු 

මෙසේ ඔබ ෆේෂල් එකක් කරගත් පසූව එකවරම හිරුඑළියට යෑමෙන් වැළකී සිටිය යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment