පෙම්වතුන් පෙම්වතියන් කෙතරම් හොඳින් ගැළපේද -විවාහ ජීවිතයක් සඳහා ඔබම ඔබ හඳුනාගන්න


සාර්ථක විවාහ ජීවිතයක් සඳහා ඔබම ඔබ හඳුනාගන්න


තුලා

පිරිමි ඃ මොහූ ආලය කරනවිට තම පෙම්වතියගේ ආලය ඉක්මවා තමා ආලය කරන බව පෙන්වයි. මෙය මොවූන් දැඩිව ආදරය කිරීමේ ප්‍රතිඵලයකි. මොවූන් විවාහයෙන් පසූවත් බොහෝසෙයින් ආදරය කරයි.

ගැහැණූ ඃ ඇය ආලය කරන්නේ අවංකව, සූහදතාවයෙනි. ඒ නිසා ආලය කරන කාලය තුළදී පෙම්වතාගේ වැරදි ක්‍රියාවලට අනූබල නොදෙයි. බොළද බවට කැමතියි.

වෘශ්චික

පිරිමි ඃ මොවූන් ආදර හැඟිම් පෙන්වන්නේ කලාතුරකිනි. මොවූන් ආලය දක්වන්නේ ප්‍රායෝගික අවශ්‍යතාවක් ඉටූ කිරීමක් හැටියටයි. ප්‍රායෝගික මිනිසෙකු බැව් පෙන්වීමට ගන්නා උත්සාහය සාර්ථක වූ විට මොවූන්ගේ ආදර හැඟිම් තදින් පෙන්වන්නට පටන් ගනී.

ගැහැණූ ඃ ඇයගේ ආදරය ඉක්මනින් බිද වැටිමටත් ඉක්මනින් තහවූරුවිමටත් ඉඩ ඇත.

මොවූන් තමන්ගේ ආදරය පෙම්වතාගේ ආදරයෙන් මැකී යනවාටත්, අභිබවා යනවාටත් කැමති නැත.

ධනූ

පිරිමි ඃ මොවූන්ගේ ප්‍රේම සම්බන්ධයේ එක්තරා ආකර්ශණීය ගතියක් දක්නට ලැබේ. ආලය කරන කාලය තුලදී මෙම තත්ත්වය පැහැදිලිව බලා ගත හැකියි. මොවූන් චූම්බකයකින් පවා බලාපොරෝත්තු වන්නේ ත්‍රාසයකි. එම නිසා ධනූ ලග්න පිරිමින් ආදරය කරන ක්‍රිඩකයකු ලෙස හැදින්විය හැකියි.

ගැහැණූ ඃ ආදරය ප්‍රකාශ කර ක්‍රමවලින් චාම් ඒවාට ඇය කැමති නැත. මෙම තත්ත්වය වටහා ගෙන නියම විදිහට ආලය කරන තැනැත්තාට ඇයගේ ආලයෙන් නියම ප්‍රයෝජන ගැනිමට පූළුවන් වේ.

මකර

පිරිමි ඃ මොවූන්ගේ ආදරය හැඩ ගැසෙනූයේ තම පෙම්වතියගේ සොබාවය අනූවයි. වෙනත් විදිහකින් කිව්වොත් මොහූ ඇයට වූවමනා විදිහට හැඩ ගැසෙනූ ඇත. විවාහ වූ විටත් ආලයේ තත්ත්වය නොවෙනස්ව පවති. එය වෙනස් කළ නොහැකි තත්ත්වයකි.

ගැහැණූ ඃ ඇයගේ ආදරය සහ අනූරාගි හැඟිම් ඉස්මතු කළ හැක්කේ හෙමිහිට ක්‍රමවත්වය. පෙම්වතාගේ ප්‍රේමය පළ කරන ක්‍රම සහ හැඟිම් ගැන ව්‍යාජ අමනාපයක් දක්වයි. පෙම්වතාගේ ස්පර්ශය පවා ඇයට ඇතැම්විට ලැජ්ජාවට කරුණක් වේ.

කුම්භ

පිරිම් ඃ මොවූන් බොහෝවිට සෙනෙහෙවන්ත හැඟම්වලට අවනත වන ස්වභාවයක් පෙන්වයි. එහෙත් ඒවාටම අවනත නොවේ. ඒ නිසා කුම්භ ලග්න තරුණයෙකු සහ තරුණියක අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවනූයේ "ඉව පාරේ යාමෙන් " වැනියැයි කිව හැකිය.

ගැහැණූ ඃ ගැඹූරු හැඟිම් පෙම්වතාට පවා නොපෙන්වීමට සමහර අවස්ථවල උත්සහ කරයි. ආලයේ මායාකාරි ස්වභාවයක් මැය පිළිබඳව පෙම්වතාට පෙනී යයි. බොහොවිට මැයගේ හැඟිම් හැඩ ගැසෙනූයේ සමාජය හා ආගමික කරුණූ පසූබිම් කොට ගෙනය.

මීන

පිරිමි ඃ මොවූන්ගේ ආලය නිරන්තරයෙන් අලුත් වේ. ඊට හේතුව මොහූගේ ආලයේ කලාත්මක ගතියක් දක්නට තිබිමයි. තමාටම ඇප කැපවී ආලය කිරීමට තම පෙම්වතිය පෙළබවා ගැනීමට බොහෝවිට මොවූන් අසමත් වේ.

ගැහැණූ ඃ ඇයගේ හැඟිම් තෘප්තිමත් කිරීමට තම පෙම්වතාට බලවත් උත්සාහයක් දැරීමට සිදුවේ. ආලය සාර්ථක වීමට තරම් අනූරාගීක හැඟිම් තුලනය කිරීමක් අවශ්‍යය්. එය නිසි පරිදි ඉටූවනවානම් ඇයගේ ආලය සූන්දරවනූ ඇත.

ඇතැම් විට මෙහි සූළු සූළු වෙනස්කම් ඇතිවීම සාමාන්‍ය වේ. මෙයින් ඉගෙන ගත හැක්කේ ඔබ ආලය කිරීමට පෙළඹෙන ආකාරය අනූව විවාහයක් සිදුවිය හැකිද, නොහැකිද යන්න තීරණය වීමයි. තවත් කරුණක් නම් පෙම්වතුන් පෙම්වතියන් සම්බන්ධයෙන් කෙතරම් හොඳින් ගැළපේද යන්න ඔවූන්ගේ අවශ්‍යතාවයන් අනූව හැඩ ගසා ගැනීමට සිදුවන බවයි.

ඇතැම් ලග්න හිමියන්ට ආදරය, විවාහයේ එළිපතක් ලෙස පෙනීයනූ ඇත. සමහර අය බොහෝ කල් ආදරය කිරීමට පෙළඹෙයි. මේ කරුණූ වටහා ගත්විට විවාහය අසාර්ථක වනූයේ මක් නිසාද යන්න ඕනෑම කෙනෙකුට වටහා ගත හැකියි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment