කණ්ණාඩි පළදින්න උපදෙස් ලැබූණොත් අනිවාර්යෙන්ම එය කරන්න


කුඩා දරුවන්ට වගේම වැඩිහිටි උදවියටත් ඇස් රෝග ඇති වන බව අපි කවූරුත් දන්නවා. මේ නිසා වැඩිහිටි උදවිය ඇස් කණ්ණාඩිය භාවිත කළ යූත්තේ කෙසේදෑයි අපි මේ ලිපියෙන් අවධාරණය කරන්නෙමූ.

කුඩා දරුවන් වගේ නොවෙයි. තරුණ වයසේ සිටින අයට ඔවූන්ට ගැලපෙන ඔවූන් කැමති ඇස් කණ්ණාඩියක් භාවිත කරන්න පූළුවන්. ඔවූන් සඳහා ටින්ටඩ් වැනි කණ්ණාඩියක් වාසිදායක විය හැකියි. එසේ මා පවසන්නේ, හිරු එළියට යන අවස්ථාවලදී ඔවූන්ට නැවත අව් කණ්ණාඩියක් භාවිත කිරීමට අවැසි නොවන නිසා වෙනි. නමූත් මෙහි තිබෙන අවාසිය නම් හැමෝටම මෙය පැළඳවිය නොහැකි වීමයි. එයට හේතුව මෙම වර්ගයේ කණ්ණාඩි තරමක් මිල ගණන්වලින් අධික නිසාවෙනි.

ඒ වගේම ඇස් කණ්ණාඩි පැළඳවීම වෘත්තීන් අනූවත් වෙනස් වෙනවා. ඇතැම් රැකියා සඳහා විශේෂ කණ්ණාඩි තිබෙන අතර ඒවා නිසි ලෙස පැළඳ ගෙන තම කටයූතු සිදු කිරීමෙන් දෙනෙත රැක ගන්න පූළුවන් වෙනවා.

උදාහරණයක් ලෙස ලී වැඩ කරන පූද්ගලයින් හා යකඩ පාස්සන පූද්ගලයින් ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත කණ්ණාඩි පැළඳීමට හැකියි.

වීදුරු නිෂ්පාදන කරන අයට එහි අධික තාපය තිබීම නිසා අධෝරක්ත කිරණවලින් ඇස් ආරක්ෂා කර ගැනීමට ඔවූන්ට ෂසෘඛ වර්ගයේ කණ්ණාඩි දෑමීමට පූළුවනි. එයින් අධික තාපය ඇස්වලට ඒම වළක්වා ගත හැකියි.

ඒ වගේම අප සියලු දෙනා හිරු එළියට නිරාවරණය වෙනවා. අපට එතරම් හිරුඑළිය නොවැටූණත් හිරු එළිය සමඟ දවස පූරා වැඩ කටයූතු සිදු කරන අය සිටිනවා. උදා ඃ එළිමහනේ වැඩ කරන අය, පොලිස් නිලධාරින්, ඉංජිනේරුවන් ඒ අතර වේ. මේ අය හිරු කිරණවල ඇති පාරජම්බූල කිරණ ඇස්වලට වැටීම අවම කිරීම සඳහා අව් කණ්ණාඩි යක් භාවිත කරන්නට පූළුවන්. එයින් ඇස්වලට වැටෙන හිරු කිරණ පාලනය කර ගත හැකි නිසා ඇස්වල ආබාධ ඇති නොවෙයි.

තරුණ දරුවන් පොත් කියවීම පූවත්පත් කියවීම සිදු කරනවා. දිගින් දිගට එකම ඉරියව්වෙන් සිටීම නිසා ඇස්වලට වෙහෙසීමක් ඇතිවන බව අපි දන්නවා. ඇතැම් විට ඔබත් මගේ ඇස් හරිම අමාරුයි, රිදෙනවා යනූවෙන් පවසන වාර අනන්තයි නේද?

මේ නිසා ඔබ පොත් පත්තර කියවන කාලය තුළදී වැඩි කාලයක් එයට යොමූ වී සිටිනවා නම් දෙනෙතට ඇතිවන වෙහෙස බව මඟ හරවා ගැනීමට රීඩිංග්ලාස් වැනි උපැස් යූවළක් පැළඳගැනීමට හැකි වෙනවා.

ඔබ ගුරුවරියක් කියලා අපි හිතමූ. ඔබට දුර පමණක්ම නොව ඉතා හොඳින් ළඟ පෙනීමත් අවැසි වෙනවා. නිතර පොත් පත් බැලීම සිදු කරන නිසා. ඒ නිසා ඔබ සෘඛ වර්ගයේ උපැස් යූවළක් තෝරා ගැනීම සූදුසූයි.

ඔබ නිතර පරිගණකය සමඟ යෙදෙන කරන අයකු නම් එම පරිගණකය ඔබේ ඇසට අපහසූ නොවන අයූරින් මදක් දුරින් තබා ගැනීම යෝග්‍ය වෙයි. එසේ නොමැති නම් කණ්ණාඩියක් පළඳින්න.

ඇතැම් අය වෛද්‍ය උපදෙස් නොතකා හිතුමතේට ඇස් කණ්ණාඩි පැළඳවීම සිදු කරයි. එහෙත් වෛද්‍යවරයෙකුට තම ඇස් පෙන්වා කණ්ණාඩි නිර්දේශ කරගත යූතු අතර අක්ෂි වෛද්‍යවරයෙකු ඔබට අනිවාර්යෙන්ම කණ්ණාඩි පැළඳවීමට පැවසූවේ නම් එය පැළඳීම අනිවාර්ය වෙනවා. එයට හේතුව වශයෙන් පෙන්වාදීමට හැකි වන්නේ දුර ළඟ නොපෙනෙන කෙනෙකුට එය පැළඳ ගැනීම තුලින් දෙනෙතට විඩාබර බවක් ඇති නොවීමයි. එමෙන්ම පැළඳ ගැනීම ඔබ විසින් ප්‍රතික්ෂේප කළේ නම් ඇස්වලට පීඩාවක් ඇතිවන්නට ඉඩ ඇති අතර ඇස්වලට විවිධ බාධා ඇරඹීමට පූළුවන්. ඔබට පෙනෙන දේ බොඳ වී පෙනෙන්ටද පූළුවන්.

අපහසූවෙන් බැලීම සිදු කරන නිසා බෙල්ල වේදනා හිසේ වේදනා ඇතිවන්නට පූළුවන්. මේ නිසා දුර පෙනීමද නිසියාකාරව සිදු නොවේ නම් අක්ෂි වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇස් කණ්ණාඩියක් භාවිත කිරීම සූදුසූයි.

එමෙන්ම උපැස් යූවළක් පළඳින ඔබ මේ පිළිබඳවත් අවධානය යොමූකිරීම වැදගත් වෙයි. අලුතින් උපැස් සඟළක් පළඳින ඔබ එය දෙනෙතට නොගැලපේ නම් හා ඔබට අපහසූවක් ඇතිවෙන්නේ නම් නැවත අක්ෂි වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත් වේ. එසේ නැතිනම් ඔබ ප්‍රදේශයේ සිටින අක්ෂි විශේෂඥයකුට පෙන්වා ඔබට ගැලපෙන කණ්ණාඩියක් සකස් කර ගැනීමට හෝ මාරු කර ගැනීමට ක්‍රියා කරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment