නිවසේ විදූලි බිල අඩූකර ගන්න වාස්තු විද්‍යාවත් අවශ්‍ය වෙනවා





ඉඩමක් තෝරාගෙන නිවසක් තැනීමේදී වඩාත් අවධානය යොමූ කරන්නේ වාස්තු විද්‍යා නීතිය පිළිබඳව හා ඉඩමේ ප්‍රමාණය, අලංකාරය ගැනයි. නමූත් ඔබ බලශක්තිය අවම කරගැනීමට දායනකවන්නේ කොහෝමදැයි මොහොතකටවත් සිතුවාද?




ඉඩමක් තෝරා ගැනීමේදී අප ප්‍රථමයෙන් විමසිලිමත් විය යූතුවන්නේ ඉඩමේ හැඩය පිළිබඳවයි. ඇතැම් අවස්ථාවල දී ඉඩම් ගැනීමට යෑමේදී විවිධ හැඩයෙන් යූතු ඉඩම් දකින්නට ලැබෙනවා. නමූත් ඔබ ඉඩමක් මිලදී ගන්නේ නම් සෘජූකෝණාස්‍රාකාර ඉඩම් මිලදී ගැනීම තමයි ඵලදායිවන්නේ. එවැනි ඉඩම් වාස්තු විද්‍යානූකූලවත් ජ්‍යොතිෂ්‍යයට අනූවත් ශුභ බව පෙන්වා දෙනවා. ඒවගේම එවැනි ඉඩමක් මිලදී ගැනීමේදී එහි බැස්ම පිළිබඳවත් අවධානය යොමූකිරීම වැදගත්ය.




ඉඩමේ පිහිටීම අනූව එහි බැස්ම උතුරට, ඊශාන දිශාවට හෝ නැගෙනහිර දිශාවට පිහිටා තිබීම ඉතා ශුභ පිහිටීමක් බව පෙන්වා දෙනවා.




නිවසක් සැලසූම් කිරීම



ඔබගේ නිවස සැලසූම් කිරීමේදී වාස්තු විද්‍යාව පිළිබඳව අවධානය යොමූ කරනවා සේම බලශක්තිය ඉතිරි කරගන්නේ කොහොමද යන්න පිළිබඳවත් අවධානය යොමූකළ යූතුයි.




ඒ සඳහා ඔබ කළ යූතු හොඳම දේ වන්නේ උදෑසන සිට සවස් කාලය දක්වාම නිවහනට ඉතා හොඳින් ස්වභාවිකව ආලෝකය ලබාගැනීමට ප්‍රමාණයෙන් තරමක් විශාල දොර ජනෙල් සවිකිරීමයි. නමූත් ඇතැම් අය නිවස තැනීම එකිනෙකට වෙනස් වෙනවා. මෙහිදී ඇතැම් විට ජනෙල් තුළින් ආලෝකය ලබාගැනීමට අපහසූ නම් ඔබට කළ හැකිවන්නේ වහළයට උළු දමා ඒ අතරට වීදුරු සවිකිරීමයි.




එමඟින් ඔබේ නිවහනට ආලෝකය ලබාගැනීමට පූළුවන්. නිවසක වර්ග අඩි 10 ං 10 දිග, පළල ඇති කාමරයක අවම වශයෙන් 1/7 ක දිගින් යූතු ජනෙල් තිබිය යූතුයි.




නිවසක ජනෙල් සවිකරනවා නම් එම ජනෙල් ප්‍රමාණය වැඩිකළ යූතු අතර ජනෙල් යොදනවිට දී උතුරු දිශාවට හා දකුණූ දිශාවට යෙදීමට වගබලා ගත යූතුයි. හේතුව එමගින් ඔබගේ නිවසට ආලෝකය ප්‍රමාණවත් ලෙස ලැබෙන නිසාවෙනි.




ඔබ නිවසේ ජනෙල් නැගෙනහිර දිශාවට යෙදුවේනම් එහි ආලෝකය උදෑසනට පමණක් ලැබෙන අතර බටහිරට ජනෙල් දමා තිබේනම් සවස් කාලයේදී ආලෝකය ලැබේ. මේ නිසා ඔබ නිවසක් තැනීමට සැලසූම් කරන්නේ නම් නිරන්තරයෙන්ම ආලෝකය ලැබෙන ලෙස සකස් කිරීමට උත්සාහ කරන්න.




නිවසක් අලංකාර කිරීමට වර්ණ භාවිත කිරීමේදී හා තිර රෙදි භාවිතයේදීත් ඔබ අවධානය යොමූ කිරීමක් සිදු කරනවාද?




කවූරුත් කැමති තමන්ගේ නිවහන අලංකාර ලෙස තබාගැනීමටයි. ඒ සඳහා විවිධ වර්ණ ආලේප කිරීම සිදුකරන අතර බිත්තිවල පැහැයට අනූව තමයි අපගේ ගෘහණියන් තිර රෙදි භාවිත කරන්නේ. ඒ භාවිත කරන තිර රෙදිත් ඝනකමින් යූක්තයි. එවැනි ඝනකමකින් යූතු රෙදි භාවිත කිරීම තුළිනූත් ඔබේ නිවසේ දීප්තිමත් බව අඩූවී යයි.




වර්ණ ආලේප කිරීමේදීද ඔබ හොඳ අවධානයක් යොමූකළ යූතුවෙනවා. තද වර්ණ වැඩියෙන් යොදා ගැනීම තුළින් නිවසේ අඳුරු පෙනූම වැඩිවෙන්නට පූළුවන්. ඔබ සෑම විටම උත්සාහ කළ යූත්තේ නිවසේ ඇතුළත ආලෝකය රඳවා තබාගැනීමටයි. මේ නිසා නිවස ඇතුළත වර්ණ භාවිතයේදී වඩා ලා පැහැති වර්ණ තෝරා ගැනීමට සෑම විටම උත්සාහ දරන්න.




එයින් ඔබට අත්වන වාසිය වන්නේ වැඩි වොටි ප්‍රමාණයක් සහිත විදුලි බල්බ් දෑල්වීමට අවශ්‍ය නොවීමයි. එයින් ඔබේ මූදල් පසූම්බියේ මූදල් ද ඉතිරි වේවි.




තවද නිවසක වහළය සැලසූම් කිරීමේදී තවත් වැදගත් කරුණක් තිබේ. එනම් ලී සිවිලිම් සඳහා තද පාට දෑව වර්ණ යෙදීම ද ඔබට අවාසිදායක වන්නට පූළුවන්.




ඔබගේ නිවසේ විදුලි ආලෝක කරණය සඳහා සැලසූම් කිරීමේදී නිතරම ආලෝකය අවශ්‍ය ස්ථානවලට කාර්යකෂම කතඛ පහන් යොදන්නට උත්සාහ කරන්න. එයින් ඔබට ආලෝකය සඳහා වැයවන විදුලි බලය 80% කින් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේවි. කතඛ පහන් සඳහා ලබාදෙන බලශක්ති ලේබලය තිබේදෑයි පරීකෂා කිරීමට අමතක කරන්න එපා.




ස්වභාවික ආලෝකය ලබාගැනීමේදී ඔබගේ ඉඩමේ පිහිටා තිබෙන ගස්කොළන් අතුරිකිලි බාධාවක් නම් ඒවා නිසි ලෙස කප්පාදු කර ගැනීමත් වැදගත් වෙන බව සිතන්න.




අතුල ජයතුංග

වැඩසටහන් කළමනාකරු (සැලසූම්)

බලශක්ති සංරකෂණ අරමූදල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment