බොහෝ ගුණ ඇති දිවූල්





I always get excited discovering a new variety of fruit – the tropical world is loaded with them. On our second day in Sri Lanka, we came across what looked like an oversized passion fruit. After asking what this fruit might be, we were told it was a woodapple, and that it was used to make a refreshing juice.

මේ කාලය දිවූල් පිරිලා තිබෙනවා දකින්නට පූළුවන්. පොළට ගියවිට දිවූල් ගොඩක් මල්ලට දමාගෙන නිවසට එන්නට අපේ ගෘහණියන් අමතක කරන්නේ නම් නැහැ.

මොකද ඒ තරමටම ලොකු කුඩා කවූරුත් වාගේ දිවූල් කෑමට ප්‍රියකරන නිසාවෙනි.

විශේෂයෙන්ම කුඩා දරුවන් දිවූල් ජෑම්වලට ඉතාමත් ප්‍රියකරයි. අපේ වැඩි දෙනෙකු දිවූල් හඳුන්වන්නේ පලතුරක් හැටියට පමණි. නමූත් ඔබ නොදන්නවා වූණාට එහි ආයූර්වේද ඖෂධීය වටිනාකමකුත් තිබෙන ශාකයක් ලෙස හඳුන්වා දීමට පූළුවනි.

දිවූල් කොළ, පොතු, මල්, ගෙඩි, මූල්, මදය, මැලියම් යන ශාකයේ සියලුම දෑ ඖෂධ සඳහා යොදා ගැනේ.

කොළ

මී විෂට, සර්ප විෂට දිවූල් කොළ භාවිත කර කැඳ සාදා පානය කිරීමට දෙන්නේ එහි විෂ දුරුකිරීමේ මාහැඟි බලයක් තිබෙන බැවිනි.

ඔබේ සමේ හටගන්නා දද, කුෂ්ඨ වැනි චර්ම රෝගවලට යොදා ගන්නේ විෂබීජ නාශක ගුණයක් ද එහි සතු බැවිනි.

ඇතැම් පූද්ගලයන් පවසනවා මගේ ළඟ දහදිය දුඟදය. මොනවා කලත් හරිගියේ නැහැ යනූවෙන්. එයට හොඳ විසඳුමක් ලෙස දිවූල් කොළ පෙන්වා දිය හැකියි. දිවූල් කොළ තැම්බූ ජලයෙන් ඇඟ සේදීම ඉතාමත් හොඳයි. එයට හේතුව දිවූල් කොළවල සූවඳවත් වාෂ්පශීලී තෙල් අඩංගුවී තිබෙන බැවිනි.

මදය

අමූ මද හා අමූ බෙලි මද යූෂ මී පැණි සමඟ අර්ශස් රෝගයෙන් හටගන්නා අතීසාර රෝගයට යොදා ගන්නවා.

මැලියම් 

අතීසාර රෝගවලදී චූර්ණයක් ලෙස සකසා මී පැණි සමඟ දෙයි.

ආයූර්වේදයට අනූව ඉක්කාවට, කාන්තාවන්ට වැළඳෙන රක්තප්‍රදර රෝගවලදී ද දිවූල් යොදගනී.

අමූගැට

පාසල් ළමූන්, වැඩිහිටි කාන්තාවන් වැඩිපූර කන්නට කැමති අමූ දිවූල් වේ. නමූත් අමූ දිවූල් දරුවන්ට දෙන විට තරමක් ප්‍රවේශම් විය යූතු වෙනවා. එයට හේතුව දිවූල් ගැට කහට රසින් යූතු නිසා උගුර ආසාදන ඇතිවීමට ඉඩ තිබෙන නිසාවෙනි. එමෙන්ම සෙංගෙඩි තිබේ නම් එවැනි අයත් දිවූල් ආහාරයට ගැනීම එතරම්ම සූදුසූ නොවේ. අමූවෙන් ආහාරයට ගන්නේ නම් ලුණූ ස්වල්පයක් හා ගම්මිරිස් ස්වල්පයක් සමඟ ගැනීම සූදුසූ වේ. දිවූල් අමූවෙන් ආහාරයට ගැනීම තුළින් මලබද්ධය ඇති වෙනවා.

ඇතැම් අය සීත ගුණයෙන් යූතු යැයි පැවසූවද දිවූල් ඉතා උෂ්ණ පලතුරකි. ඒ නිසා ගැට වැඩිපූර ආහාරයට ගැනීමෙන් ඇස්වල කබ ගැලීම, තොල් පැලීම හා තොල් පැලී තිබෙන අයට, ඇඟ උෂ්ණාධික අයට එතරම් සූදුසූ නැහැ. මෙසේ වූණත් අමූ දිවූල් ගැට රසවත් පළතුරක් වූව ද ආයූර්වේදයේදී ඖෂධයක් ද වෙනවා.

ඉදුණූ දිවූල්

ඉමිහිරි සූවඳකින් යූතු ඉතා ප්‍රනීත පලතුරක් හැටියට හඳුන්වන්නට පූළුවන්. ඉදුණූ දිවූල් අප වැඩිපූර භාවිතයට ගන්නේ පානයක් ලෙසටයි.

ඉදුණූ දිවූල් මදයේ අධික ලෙස විටමින් සී පොටෑසියම්, යකඩ ආදී විටමින් වර්ග වලිනූත් අනූන පළතුරක් විදියටත් හඳුන්වන්නට පූළුවන්.

ඉදුණූ දිවූල් කිිරි වීදුරුවක් පානය කිරීමෙන් සිරුරට විටමින් සී වැඩිපූර ලැබෙන අතර ආහාර අනූභව කිරීමට ප්‍රියතාවයක් ද ඇති කරවයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment