කාණ්ඩය උසට දැම්මාට මනාලයාගේ උස අල්ලන්න බැහැ


උඩරට හෝ පහතරට මනාලියක් හැඩගන්වන ඕනම වෙලාවක අපි මූල් තැන දෙන්න ඕන මනාලියට. එහෙම නැතිව ඇයගේ ඇඳුම් පැළඳුම් හෝ වෙනත් දේවල්වලට නෙමෙයි. ඒ නිසා තමයි මනාලියකගේ කොණ්ඩා විලාසිතාව ගැනත් අපි වැඩි අවධානයක් යොමූ කළ යූත්තේ.


ඇතැම් විට සමහර මනාලියන් ඇවිත් අපට කියනවා "මගේ මනමාලයා උසයි ඒ නිසා මගේ කොණ්ඩේ උසට දාන්න" කියලා. එහෙම අයට මම කියන්නේ "කොණ්ඩේ දාන්නේ උස අල්ලන්න නෙමෙයි" කියලයි. කොණ්ඩ විලාසිතාව හදන්න ඕන මූහූණේ ලස්සන මතු වෙන්නටයි. සමහර වෙලාවට මනාලයා කොටයි කියලා කොණ්ඩේ පහතට දාන්න කියලත් කියනවා.

මේ විදිහට කොණ්ඩ දාන එක කරන්න බෑ. තමන් තමන් වෙන්නයි ඕන. ඇතැම් වෙලාවට දිගටි මූහූණක් තියනකොට අපිට කියන්න බෑ උස කොණ්ඩයක් දාන්න එපා කියලා. මොකද සමහර අයට දිගටි මූහූණක් එක්ක උස කොණ්ඩෙ ලස්සනයි.

කොණ්ඩ විලාසිතාව තෝරනකොට මූහූණ දිහා විතරක් බලලා මදි. සපත්තු දාලා හිටගෙන බලන්න ඕන. එවිටයි නියම උස තීරණය කරගන්න පූළුවන් වෙන්නේ.

මූහූණට සමාන්තරව හිස පිටූපසින් බඳින කොණ්ඩය ඕන කෙනෙකුට ගැළපෙනවා. ඒ වගේම නළල සිට ඉහළට හිස උසට හැඩයට තියනවා නම්, කොණ්ඩය මැදින් බෙදලා දාන්න පූළුවන්. නැතිනම් කොණ්ඩය බැක්කෝම්බ් කරලා ගන්න ඕන.

මෙතනදී මං විශේෂ කාරණයක් මතක් කරන්න ඕන. මූල් කාලයට වඩා දෑන් කාන්තාවන්ගේ කොණ්ඩය උඩට හදන එක එතරම් ගැළපෙන්නේ නෑ. ඒකට හේතුව පිට උඩ හරිය, බෙල්ල අසල වැඩිලා තියෙනවා. හරියටම මොල්ලියක් වගේ. මං හිතන්නේ මේක පරිගණක ආශ්‍රිත රැකියාවල යෙදීමේ ප්‍රතිඵලයක් කියලයි එහෙම කෙනෙකුට කොණ්ඩෙ බැන්දම ලස්සනයි. කොණ්ඩෙ උඩට දෑම්මොත් එතැනින් ලැබෙන්නේ අවලස්සනක්. එහෙම කෙනෙකුට කොණ්ඩය උඩට හදනවා නම් වැඩිය උඩට ගන්න එපා. ඒ වගේම පහළ සිටම හිස කෙස්වලට පිරුණූූ බවක් ලබා දෙන්න ඕන.

බෙල්ල මහත කෙනෙකුට නම් සිහින් බව පෙන්වන්න කර්ල්ස් දාන්න පූළුවන්. එතකොට බෙල්ල වැහිලා පෙනෙන්නේ. ඒ වගේම බෙල්ල උස බවක් පේනවා.

ඇතැම් මනාලියන් අපි දකිනවා නළලට, මූහූණට වැටෙන්න කෙස් කොටස් දානවා. මෙය නොකළ යූතුම දෙයක්.

කණ අසලින් කොණ්ඩය පීරන විට කණ ඇරලා හෝ වහලා පීරන්න පූළුවන්. ඇතැම් අය ඉන්නවා කණ පිටූපසටම ඇලිලා වගේ තියෙන. එහෙම අයට කන ඇරලා පීරුවාම ලස්සනයි. ඇතැම් විට ලොකු ඇරුණූ කන් තියෙනවා. එවිට වහලා පීරුවාට කමක් නෑ. උඩරට මනාලියකට නම් ටිකක් කන වැහෙන්න පීරුවාම ලස්සනයි.

ඇතැම් විට පළල් මූහූණක් තියෙන මනාලියන් ඉන්නවා. ඔවූන්ගේ කනූත් එළියට පැනලා තියෙනවා නම් ටිකක් කැතට පේන්න පූළුවන්. ඒ වගේම තවත් මූහූණ මහතට පේනවා. එවිට ටිකක් වැහෙන්න කොණ්ඩය පීරන්න. තවත් වෙලාවකට මනාලියන් අපි දකිනවා කොණ්ඩය මූහූණට වැටූණම වයස්ගත පෙන ඒ ූමක් එනවා. ඔවූන්ගේ කොණ්ඩෙ පස්සට පීරුවාම තරුණ පාටයි. ඒ නිසා මූහූණට ගැළපෙන විදිහට කොණ්ඩ තෝරන්නට සැලකිලිමත් වෙන්න ඕන.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment