පෙම් හසූන් ලියන අයූරින් පෙම්වතා, පෙම්වතිය හඳුනාගන්න



ආදරය කරනා පෙම්වතුන් ජෝඩූවක් තමන්ගේ ආදරය පෙන්වීමට විවිධ ක්‍රම අනූගමනය කරයි. මෙහිදී පෙම් හසූන් ලිවීම එදා සිට අද දක්වා සිදුවේ.

පෙම් හසූන්වල ලියැවෙන්නේ දෙදෙනෙකුගේ සිත්වල ආදර හැඟීම්ය. නමූත් මෙසේ හැඟීම් ඇතුළත් කර ලියන පෙම් හසූන්වල ප්‍රයෝජනයක් තිබේද ඇත්තේ ප්‍රශ්නයකි.

අප මඳක් විමසිල්ලෙන් බැලූවිට මිනිසූන් ලියන පෙම් හසූන්වල තත්ත්වය දැනගත හැකිවේ. ඇතැම් පෙම්වතුන් ලිවිය යූතු දේවල් ද නොලිය විය යූතු දේවල් ද පෙම් හසූනේ ලියයි. නමූත් ලග්න අනූව පෙම්වතියන් සහ පෙම්වතුන් තමන් ලියන හසූන්පත් ගැන අවබෝධයක් ලබාගත හැකි බව ඔබ දන්නවාද?

මේෂ ලග්න පිරිමින්,

බර බසින් පෙම් හසූන් ලිවීමට මොවූන් දකෂ අය නොවේ. තමන්ගේ හැඟීම් සරල සූන්දර ලෙස ලිවීමෙන් තම අභිප්‍රාය ඉටූ කරගනී. මොහූ බොළඳ අයෙකු මෙන් අනෙක් අයට පෙනී යන්නේ නැත. මොවූන් තම පෙම්වතියට පෙම් හසූනක් ලියන්නේ විශේෂ දෙයක් ඇතිවිට පමණයි.

මේෂ ලග්න ගැහැනූන්,

ඇය තම පෙම්වතා ඉදිරියේ ප්‍රේම හැඟීම්, ඉරියව් පෙන්වීමට ලැජ්ජා ගතියක් පෙන්වයි. හැඟීම් ලියා පෙන්වන්න කැමතියි. ඇය පෙම් හසූන් වැඩිපූර පෙම්වතාට ලියන්නේ ඔහූ දුර බැහැර ගමන් බිමන් ගිය අවස්ථාවලදීය.

වෘෂභ ලග්න පිරිමින්,

කලාත්මක පෙම් හසූන් ලිවීමට මොවූන් දකෂය. මොවූන් ලියන පෙම් හසූන් පෙම්වතිය විසින් මහත්සේ අගය කරයි. පෙම් හසූන්වලින් හදවතේ ගැඹූරුම හැඟීම් පවා ප්‍රකාශ කිරීමට උත්සාහ කරයි. විවාහයෙන් පසූවද ස්වභාවික හේතුවක් නිසා හෝ මොවූන් තම ආදරවන්තියගෙන් වෙන්ව සිටි විට තෑගි බෝග, පෙම් හසූන් සිත්සේ යැවීමට මොහූ පෙළඹෙයි.

වෘෂභ ලග්න ගැහැනූන්

පෙම් හසූන් ලිවීමෙහි ඇය දකෂතාව පෙන්වන්නේ නැත. එහෙත් ඇය ලියන ලිපිවලින් ඇගේ හැඟීම් වටහා ගැනීම දුෂ්කර නොවේ.

මිථූන ලග්න පිරිමින්

මොවූන් ලියා පළ කරන අදහස්වලට විශේෂ ගරු සරුවක් දක්වයි. ඇතැම්විට මේ ගණයට ගැනෙන පිරිමි පෙම් හසූන් යතුරු ලියනයෙන් හෝ එවැනි තත්ත්වයෙන් ඉතා චමත්කාරව ලියයි. එහෙත් මේ නිසා මොහූගේ ඉක්මන් ගතිය ප්‍රකාශ නොවේ. මොවූන් අලංකාර භාෂා විලාසයක් භාවිත කරන්නට දකෂ වේ.

මිථූන ලග්න ගැහැනූන්,

ඇය ප්‍රතිඵල යහපත් බව පෙනේ නම් පමණක් තමන්ගේ හැඟීම් ලියා යැවීමට විශේෂ ආශාවක් පෙන්වයි. ඇය පෙම් හසූන් ඉතාම පරිස්සමෙන් ලියන්නේ පෙම්වතා පෙම් හසූන් කියවීමෙන් වැරැදි අවබෝධයක් ලබාගනී යැයි බියෙනි. නමූත් ඇය පෙම්හසූන් වැඩි වශයෙන් ලියන්නේ නැත.

කටක ලග්න පිරිමින්,

පෙම් හසූන් ලිවීමේ රුසියෙකි. එහෙත් මොවූන් පෙම් හසූන් ලියා එවන්නේ ආදරය දැක්වීමට නොව තමන්ට පැවසීමට ඇති යමක් සඳහායි. සිත් ඇද ගන්නා භාෂා විලාසයකින් පෙම් හසූන් සටහන් කිරීමේ හැකියාව ඇතත් මොවූන් වැඩි වශයෙන් පෙම් හසූන් ලිවීමට අවශ්‍ය නැතැයි සිතයි.

කටක ලග්න ගැහැනූන්,

පෙම් හසූන් ලිවීමට ලැජ්ජා ගතියක් දක්වයි. ඇය ස්වකීය අවංක හැඟීම් ලිවීමට නිතරම පසූබට වෙයි. තමන් ලියන වදන් තම හැඟීම් ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් නැත යන වැරැදි හැඟීමක් ඇය තුළ වේ. එහෙත් කෙසේ හෝ ලියන පෙම් හසූන් අවංකව ස්වකීය හැඟීම් විදහා පාන ඒවා වේ.

සිංහ ලග්න පිරිමින්,

තමන් ලියන අදහස් හැකිතාක් පැහැදිලිව කෙටියෙන් ලියයි. එහෙත් වැඩිපූර පෙම් හසූන් ලිවීමට මොවූන් විශේෂ ඇල්මක් නොදක්වයි. පසූව පසූතැවිලි වන දේවල් නොලියන්නට වග බලා ගනී. මොවූන් ලියන පෙම් හසූන්වලින් මොහූගේ නියම හැඟීම එළිවන්නේ නැත.

සිංහ ලග්න ගැහැනූන්,

පෙම් හසූන්වලින් ස්වකීය හැඟීම් ලියා යැවීමට කැමැත්තක් ඇය දක්වයි. මෙම ලග්නය හිමි පූරුෂයන්ට වඩා ඇය පෙම් හසූන් ලියන්නට දකෂ වේ. සිංහ ලග්න කාන්තාවන් පෙම් හසූන් යවන්නේ තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරන තවත් මාර්ගයක් වශයෙනි.


කන්‍යා ලග්න පිරිමින්

ඉතාමත් දකෂ ලෙස පෙම් හසූන් ලිවිය හැකිය. ආලය සෙමින් සෙමින් වර්ධනය වනවිට මොවූන් පෙම් හසූන් ලිවීම මගින් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නට කැමතියි.

කන්‍යා ලග්න කාන්තාවන්

පෙම් හසූන් මගින් බොහෝ දේවල් ලිව්වත් එය සාමාන්‍ය කෙනෙකුට තේරුම්ගත නොහැකි වේ. තමන්ගේ හැඟීම් එළිපිට කතා කරන්නට ඇය ලැජ්ජාවක් පෙන්වයි. ඇය ලියන පෙම් හසූන් ලබන පෙම්වතා එතරම් ආශ්වාදයක් ප්‍රීතියක් නොලබයි.

තුලා ලග්න පිරිමින්

පෙම් හසූන් මගින් තමන්ගේ හැඟීම් පළ කිරීමේදී අනෙක් අයගේ මටිටමට ඉහළින් සිටී. මොවූන් පෙම් හසූන් ලියන්නේ තමන්ගේ හැඟීම් ආදරය අවංකව තම පෙම්වතියට හැඟවීම පිණිස වේ. නමූත් මොවූන් පෙම්හසූන් ලියන්නේ ඉතාම කලාතුරකිනි.

තුලා ලග්න කාන්තාවන්

ඇය පෙම් හසූන් ලිවීමට මහත් උත්සාහයක් දරයි. හැඟීම් පල කිරීමේදී ඇය තමන්ගේ සීමාව ඉක්මවා ක්‍රියාකරයි. තමන් විසින් නොකිවයූතු දේ පවා පෙම් හසූන්වල ලිවීමට තරම් ඇය එඩිතර වේ.

වෘශ්චික ලග්න පිරිමින්

මූල් අවස්ථාවේදී ලියන පෙම්පත් අසම්පූර්ණ නමූත් එය මොවූන්ගේ හැඟීම් පල කිරීමට කිසිසේත් බාධාවක් කර නොගනී. කල්ගත වනවිට තමන්ගේ ආදරයේ තරම පෙම්වතියට වටහාදීමට මොවූන් ලියන පෙම්හසූන් ප්‍රමාණවත් වේ. එම මොහොතේ ඇතිවන හැඟීම් පවා පෙම් හසූන්වල මොවූන් සටහන් කරයි.

වෘශ්චික ලග්න කාන්තාවන්

මේ කාර්යයෙහිදී වෘශ්චික ලග්න පිරිමින්ට වඩා ඇය වෙනස් වේ. ඇය පෙම් හසූන් ලියන්නේ තමන්ගේ හැඟීම් මෝරා ඒවා ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වූ විට පමණි.

ධනූ ලග්න පිරිමින්

තමා ලියන පෙම්පත්වලින් තම හදවතේ ඇති ගැඹූරුම හැඟීම් හෙළි කරයි. මොවූන් ලියන්නේ තම හදවතේ ඇති හැඟීමක් අනූව නොව ලියන මොහොතේ ඇතිවන හැඟීම් අනූවයි. පෙම් හසූන්වලින් මොවූන්ගේ හදවතේ ස්වභාවය විනිවිද දෑකිය හැකිවෙයි. මොවූන් පෙම්වතිය අසන්නට සතුටූ දේ ලිවීමෙන් පෙම් හසූන්වල විවිධත්වයක් ඇති කරයි.

ධනූ ලග්න කාන්තාවන්

ඇයට තමන්ගේ පෙම්පත්වලින් හද පතුලේ සැඟවී ඇති අදහස් සහ හැඟීම් පැහැදිලිව ප්‍රකාශ කිරීමට අපහසූය. එහෙත් ඇයගේ පෙම්හසූන් බොහෝවිට අව්‍යාජ සෘජූ අදහස් පළ කරන වැඩි ආටෝපයක් නැති සරල පෙම් හසූන් බව පෙනීයයි.

මකර ලග්න පිරිමින්

ආදරය කරන කාලය තුළදී මෙන්ම විවාහ වූ පසූද පෙම් හසූන් ලිවීම කරගෙන යයි. ඒවායේ සඳහන්වනූයේ වැඩිපූරම ප්‍රායෝගික කරුණූයි. පෙම් හසූන් ලැබූණ අයට අවූරුදු ගණනක් ගත වූ පසූව පවා ඒවා ලියන ලද්දේ කවර තත්ත්වයක් යටතේදෑයි සිතා ගැනීම දුෂ්කර වන්නේය.

මකර ලග්න කාන්තාවන්

හැඟීම් ඇතිකිරීමට සමත් පෙම්හසූන් ලිවීමට ඇය දකෂ වේ. එහෙත් එයින් ගැඹූරු හැඟීම් පළ නොවේ. එකම කරුණ කීපවතාවක් ලිවීම ඇයගේ ප්‍රධාන දුර්වලකමක් වේ.

කුම්භ ලග්න පිරිමින්

ලියන පෙම් හසූන්වලින් මොහූගේ හැඟීම් පැහැදිලිව පලවන්නේය. ඒවා කියවීමෙන් පෙම්වතිය තුළ විශ්වාසය තහවූරු කිරීමට මොවූන් සමත් වෙයි. කවර අන්දමේ සැකයක් වූවද එකම ලිපියකින් දුරු කරගැනීමට මොවූන් දකෂ වේ.

කුම්භ ලග්න කාන්තාවන්

ප්‍රේමයත්, උපහාසයත් කැටිකොට තම පෙම්වතා කුල්මත් කිරීමට සමත් පෙම්හසූන් ඇය ලියයි. එහෙත් බොහෝවිට තම හැඟීම් වසන් කිරීමට උත්සාහය ආරම්භ කළ තැනම අසාර්ථක වේ. මෙම තත්ත්වය ඇයගේ ප්‍රේම සම්බන්ධතාවයට රුකුලක් විය හැකියි.

මීන ලග්න පිරිමින්

අලංකාර බසින් පෝෂණය වූ පෙම්පත් ලිවීමෙහි දකෂයෙකි. මොවූන් අසාමාන්‍ය බසින් සාමාන්‍ය හැඟීම් පණ පොවා විස්තර කරයි. මීන ලග්න හිමියෙකුගෙන් තමන්ගේ පෙම්වතියට පෙම් හසූන් ලියා යැවූ විට එයින් ඇයගේ ආදරය දෙවතාවක් අලුත්වේ යැයි කියනූ ලැබේ.

මීන ලග්න කාන්තාවන්

පෙම්හසූන් ලිවීමටත් ඒවා ලැබීමටත් ආසාවක් දක්වයි. ඇය තෘප්තියට පත් කළ හැක්කේ ඇයගේ අප්‍රකට හැඟීම් කිපෙන කරුණූ පෙම්පත් මගින් විස්තර කිරීමෙනි. ආලය බිඳ වැටිය හැකි යැයි සැකයක් ඇති වූ විට පෙම් හසූන් ගැන වැඩිපූර විශේෂ සැලකිල්ලක් දක්වයි.

මෙම ලිපි පෙළ කියවන ඔබට පෙම්හසූන් ලිවිය යූතු දෑයි ප්‍රශ්නයක් පැන නැගීම සාධාරණය. අවංකව ආදරය කරන පෙම්වතුන්ට පෙම් හසූනක් ලිවිය නොහැකිද? එහෙත් විවාහ වූ පසූවත් පෙම්පත් ලිවිය යූතුද? මෙම තත්ත්වය පූද්ගලයාගේ ස්වකීය ගති පැවතුම් මත රදා පවතිනූ ඇත. විවාහ ජීවිතය යම් යම් දුෂ්කරතාවයන් ඇති වූ විට පවා ඒවා විසඳා ගැනීමට පෙම් හසූන් උපයෝගී කරගත හැකියි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment