ඔබේ දරුවා කී්‍රඩා පිටියකට සෙල්ලම් කිරීමට යැව්වොත් ලැබෙන වාසි දන්නවාද?




න්‍යෂ්ටික පවූල, සංකල්පය අප සමාජයේ පැතිර යෑමත් සමගම තාප්පයෙන් කොටූ වූ වත්තක බිත්ති හතරක් මැද එක් පවූල් ඒකකයක් හූදකලා විය. එහි ප්‍රතිඵලය වූයේ සෙසූ සමාජයෙන් මිතුරන් හා ඥාතීන් ඈත්වී අවශ්‍යතාවකදී පමණක් හමූවන පවූලක් බවට ඔවූන් පත්වීමයි.

මෙම හූදකලා පවූල් ස්වරූපය දරුවන්ට අපි සියලු දෙනාට වඩා බලපෑවේ සමාජය වෙතින් ඔවූන්ට උගැන්මට ඇති බොහෝ දේ නොලැබී යෑමෙනි. බොහෝ මාපියන් වර්තමානයේ උත්සාහ දරන්නේ තම දරුවන් නිවස තුළ කොටූකර ගෙන සිටීමටය. ඔවූන් සිතන අන්දමට එයින් දරුවන් අධ්‍යාපනයට වඩාත්ම නැඹූරු වන අතර නොමනා දරුවන්ගේ ඇසූරෙන්ද මිදේ. එයට අමතරව අද කාලයේ දරුවන්ට අතිරේක පංති රැසකට යෑමට තිබිමෙන් ඔවූන් සෙල්ලම් කිරීමට පිටතට ගියොත් එයට බාධාවක් සිදුවේ යැයිද මාපියෝ සිතති. එම පදනම මත අද බොහෝ දරුවන්ට සෙල්ලම් කිරීමට සිදුවන්නේ තමාගේම සොයූරු සොයූරියන් සමග හෝ තනිවමය. මෙම පදනම මත බොහෝ දරුවන්ට බොහෝ කාලයක් ගෙවමින් වීඩියෝ කී්‍ර්‍රිඩාවල නිරතවීමට සිදුවේ. මෙයින් ඇතිවන අතුරු විපාකයක් වන්නේ දරුවාට ශාරීරික ව්‍යායාම නොමැතිව වඩා පරිගණක තීරය දෙස බලා සිටීමෙන් කඳුළු වියලීමේ රෝගයක් ඇතිවීමට හැකිවීමය. ළමාවියේදී කයෙහි නිවැරදි වැඩීමට ව්‍යායාම අවශ්‍ය වන අතර කී්‍රඩාවෙහි දිනපතා යෙදීමෙන් එම අවශ්‍යතාවය දරුවාට ලැබෙන බවද මාපියන් ලෙසින් ඔබ තේරුම් ගත යූත්තකි.

සාමූහිකත්වය

එහෙයින් දරුවෙකු සැමවිටම අසල්වැසි ක්‍රීඩා පිටියකට යවා සෙසූ දරුවන් සමග නියමිත කාලයක් කී්‍රඩා කිරීමට අවස්ථාව සලසාදිය යූතුවේ. එයින් ඔහූගේ ජීවිතයට අවශ්‍ය පාඩම් රැසක්ම ලැබෙනූ ඇත.

මන්ද අනාගතයේදී වැඩිහිටියෙකු ලෙසින් ඔහූ ගෙවන දිවියේදී ළමාවියේදී සෙසූ දරුවන් සමග කී්‍රඩාවේ යෙදීම ප්‍රබල රුකුලක් වේ. සෙසූ දරුවන් සමග එක්වීමෙන් දරුවා නොමඟට හෝ අසභ්‍ය දෙයට පූරුදු විය හැකි යැයි සිතා කී්‍රඩාවේ යෙදීමට දරුවන්ට ඉඩ නොදේ. නම් ඔහූව අධ්‍යාපනය ලැබීමට පාසලට යැවීමටද නොහැකිය. දරුවන් නොමඟට යෑම තීරණය වන්නේ මාපියන් විසින් දරුවාට ලබා දෙන අවබෝධය තුළිනි. එයට අමතරව දරුවාට කී්‍රඩා කිරීමට අවස්ථාව සැලසීම මාපියන්ගේ අනිවාර්ය අංගයක් විය යූතු අතර ඒ සඳහා ලබා දෙන කාලය සීමා කිරීමද මාපියන්ට අයිති කාරියකි.

සෙසූ සම වයස් දරුවන් සමග අසල්වැසි පිටිටනියක කී්‍රඩා කිරීමට ඔබේ දරුවා ගිය විටදී මූලික වශයෙන් සාමූහිකව කටයූතු කිරීමේ පූරුද්ද ඇති වේ. එයට අමතරව සෙසූ අයට අවස්ථාව සලසා දීම සමව බෙදා ගැනීම, සාධාරණය, යූක්ති සහගත බව, ජය පරාජය ආදිය විඳ දරා ගැනීමේ හැකියාවක්ද ඇති වේ. එම ගුණාංග දරුවකුට වැඩිහිටියකු ලෙසින් ජීවිතය සාර්ථක කර ගැනීමට බොහෝ අත්‍යවශ්‍ය වේ.

ඉලක්ක හඹා යෑමේදී

ජීවිත කාලයේදී අපට කිහිප දෙනෙකු සමග යම් යම් ඉලක්කයන් හඹා යෑමට සිදුවේ. හූදකලාවේ නිවසේ වැඩෙන දරුවෙකු වැඩිහිටි දිවියේදී එම හැකියාව නොතිබූණත් ඔහූට පිරිසක් සමග එක්ව කටයූතු කිරීමට නොහැකි වන්නා සේම ජයග්‍රහණය සඳහා අනූගමනය කළ යූතු උපක්‍රමයන්ද හඳුනා ගැනීමට අසමත් වේ. බොහෝ පූද්ගලයන් ළමා වියේදී හූදකලාවේ ජීවත් වීමෙන් සෙසූ අයගේ අදහස්වලට ගරු කිරීමට හෝ සෙස්සන්ගෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට නොහැකියාවක් ඇති වේ. මන්ද ඔවූන් කටයූතු කරන්නේ තනිමතයටය. මත ගැටීම් ඔහූට හූරු නොවේ.

දරුවන් සෙසූ අය සමග සෙල්ලම් කරද්දී විවිධාකාරව මත ගැටූූම්වලට මැදිවන අතර ඒ සියල්ලෙන්ම ඔවූන් සොයන්නේ විසඳුම්ය. එය ගැටලුවලට විසඳුම් සෙවීම ඔහූට පූරුදු කරවන්නකි.

නායකත්වය පූහූණූ වීම

අසල්වැසි දරුවන් සමග සෙල්ලම් කිරීමේදී දරුවෙකු අනාගතයේදී අවශ්‍ය නායකත්වය දෑරීමේ හැකියාව සේම නායකයෙකු යටතේ කටයූතු කිරීමේ හැකියාවද පූහූණූවේ. නායකත්වයට පත් වී එය දරා ගැනීම එක්වරම කළ නොහැක්කකි. එය ළමාවියේ සිටම සියූම්ව අධ්‍යනය කළ යූතුය. කී්‍රඩා කිරීමේදී අපට එය පෙනෙන්නේ ඉතා සරල සිදුවීමක් ලෙසින් වූවද දරුවන් පළමූ පාඩම ලබන්නේ එහිදීය. එමෙන්ම පරාජයේදී නොසැලී සිටීමද මීළඟ අවස්ථාවේදී ජය ලබන බවද අනිවාර්යෙන්ම අධිෂ්ඨානය කර ගන්න මෙම ක්‍රිඩා කිරීම් තුළදීය.

සමාජමය ජීවිතයක්

දරුවෙකු වැඩිහිටියෙකු වූ විටදී කැපී පෙනෙන සමාජමය ජීවිතයක් තිබීම අවශ්‍ය වේ. ඒ සඳහා මූලික වශයෙන්ම සෙසූ පූද්ගලයන් හඳුනා ගැනීම අවශ්‍ය වේ. අසල්වැසි දරුවන් සමග කී්‍රඩා කිරීමට අසල්වැසි පිටිටනියකට ගිය විටදි දරුවෙකුට තමා පදිංචි ප්‍රදේශයේ විවිධ තරාතිරමේ දරුවන් සමග කටයූතු කිරීමට ලැබේ. සැබෑ ලෙසින්ම අනාගතයේදී එය ඔහූට ශක්තියක් බවටද පත් වේ.

අප බොහෝ විට දරුවන් නිවසින් පිටතට සෙල්ලම් කිරීමට නොයවන්නේ විවිධ තරාතිරමේ දරුවන් සමග මූහූවීම වැලැක්වීමටය. නමූත් සෑම තරාතිරකම පූද්ගලයන් සමග ඇසූරු කිරීම අනාගතයේදී ඔහූට ඕනෑම ආකාරයේ පූද්ගල ලැයිස්තුවකට හිමිකම් කීමට අවස්ථාව උදාවේ. උදාරහණයක් ලෙසින් දරුවා වැඩිහිටියෙකු වූ විටදී අතරමගදී ඔහූට යමෙකුගෙන් කරදරයක් සිදුවූවහොත් ඔහූ ළමාවියේදී එකට කී්‍රඩා කර ලත් අත්දැකීමෙන් ඊට මූහූණ දිය හැකිය. එමෙන්ම සෑම තරාතිරකම පූද්ගලයන් ඔහූ ඇසූරු කල විටදි ඔහූට කදිම සමාජ දෑනූමක් හා සමාජ ඇසූරක්ද හිමි වේ.

තවද දරුවා එම ප්‍රදේශයේ විවිධ පූද්ගලයන් තම දන්නා හඳුනන අය බවට පත්වීමෙන් ඔහූගේ ගතිගුණ අතරට යම් මිත්‍රශීලීත්වයක් එක්වන අතර එය තුළින් ඔහූ සාමජයේදී වූ නැතිබැරිකම ජීවන තත්ත්වයන් හඳුනා ගනී. අසීරුවෙන් ජීවත් වන තම වයසේ දරුවන්ට උදව් කිරීමට ඔහූ පෙළඹේ. ඒ සියලු ගතිගුණ සැබෑ මිනිසෙකු බිහි කිරීමට හේතු වේ. එයට අමතරව ඔහූ මහ පොළොවේ ජීවත් වන පූද්ගලයෙකු බවටද පත්වේ.

මිතුරන්ගේ නිවෙස්වලට ගියද

බොහෝ මාපියන් තම දරුවන් ප්‍රදේශයේ වෙසන සෙසූ දරුවන්ගේ නිවෙස්වල යෑම අගය නොකරන නමූත් ඔබ කළ යූත්තේ එයට දරුවා උනන්දු කරවීමය. එවිට දරුවා ගමත් සමග සම්බන්ධ කම් පවත්වන්නකු බවට පත් වේ. සමහර අවස්ථාවලදී ගමේ පූද්ගලයන් ඔබ දෙපළට වඩා දරුවා හැඳින සිටීමටද එයින් හැකි වේ.

ඔබ බොහෝ අවස්ථාවලදී දරුවාට නිවසින් පිටට යෑමට අවසර නොදෙන්නේ ඔහූ නොමඟ යාවියි යන හැඟීමෙන්. ඒ සඳහා කළ යූත්තේ දරුවාට සෙසූ දරුවන් සමග සම්බන්ධවී සෙල්ලම් කිරීමට නිශ්චිත කාලයක් ලබාදීමය. එයට අමතරව සමාජය තුළ වූ වැරදි ක්‍රියා හා නොමඟ යෑම් පිළිබඳ ඔබ ඔහූට අවබෝධයක් ලබාදී ඔහූ නිරීක්ෂණය කිරීමද කළ යූතු වේ. එවිට දරුවාට නොමඟ යෑමේ ඉඩක් නොලැබේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment