ඔබ නොසලකා හරින මෙම සෞඛ්‍යමය සංඥා ගැන අද සිට උනන්දු වෙන්න




සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ගැන අප දක්වන්නේ අවම උනන්දුවකි. එයට සූළු ප්‍රතිකාරයක් කිරීමෙන් ගුණයක් ලැබෙන බව ඔබ දනී. නමූත් එය දිගටම කල්ගත වූවොත් එය අන් රෝගී තත්ත්වයක පූර්ව දෑනූම් දීමක් වීමට හැකිය. එහෙයින් එය කෙරෙහි ඔබ උනන්දු වීම අවශ්‍යයි. කාන්තාවෝ ගෙදර දොරේ කටයූතු හා රැකියාව හේතුවෙන් විවිධ සෞඛ්‍යමය සංඥාවන් නොතකා හැරීමට පූරුදුව සිටිති. නමූත් එය වරදක් වන්නේ එම සංඥාවෙන් ඔබට ඉදිරිපත් කරන්නේ සිතන තරමට වඩා ප්‍රබල රෝගී වීම්වල තත්ත්වයක් විය හැකිවීමෙනි.


එහෙයින් ඔබට මෙම සෞඛ්‍යමය සංඥාවන් අත්දකින්නට ලැබූණොත් එය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අවශ්‍ය වේ.


උරහිස් හෝ ගෙලෙහි තියූණූ වේදනාවක් හදිසියේම ඇතිවීම

උරහිස් හා ගෙලෙහි වේදනාව ගැහැනූ පිරිමි දෙපක්ෂයට දෙආකාරයකට දෑනීමට ඉඩ තිබෙන අතර එයින් හැඟවෙන දෙයද වෙනස් වේ. ගැහැනූන්ට මෙය හෘදයාබාධයක් සංඥා කිරීමට ඉඩ තිබූණද එය එතරම්ම දරුණූ නොවීමට හැකිය. නමූත් එය පිරිමින්ට ප්‍රබල හෘදයාබාධයකට පළමූව ලැබනෙ සලකුනි. ඇතැම් අයට මෙම වේදනාව සමගම කොණ්ද් ඉහළ හෝ උදරයේ වේදනාවක් දෑනීමටදහැකිය.


කෙටි ස්වශනය සහ සූළු මත්ගතිය

කාර්යාලයේ හෝ නිවසේ කටයූතු කරමින් සිටියදී හදිසියේම හූස්ම ගැනීමේ අසීරුතාවක් මත කෙටි ස්වශනයකට සිරුර පත්වූවොත් එය පෙනහලූ වෙතට යන රුධිර නාලයක් මේදය, වායූ හෝ ෙසෙලයකින් අවහිරවීමක් පෙන්නූම් කිරීමකි.


ඇස් ඉදිමීම

ඇස් ඉදිමීමක් හෝ ඇස් යට තඩිස්සිවීමක් සිදුවූවොත් එය අනිවාර්යෙන්ම කුමක් හෝ වරදකි. කිසියම් විෂබීජයක් සිරුර තුළට යෑමක් හෝ අසාත්මිකතාවක් ඇති වීමක් වීමට හැකියි. එය දෘෂ්ඨි ස්නායූ තුළට ගමන් කර තිබේ නම් ඇස් පෙනීමේ දුර්වලතාවක් ඇතිවීමටද හැකිය. එයට ඔබ අක්ෂි වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලැබිය යූතු වේ.


වේදනාකාරි මූත්‍රා පිටවීම

මූත්‍රා කිරීමේදී ඔබට හදිසියේම වේදනාවක් හෝ මූත්‍රා සමග රුධිර පිටවන බවක් පෙනේ නම් , එය පිළිකා තත්ත්වයක පෙර නිමිත්තයක් වීමටද හැකිය. එයට අමතරව මූත්‍රාශය ආශ්‍රිත රෝගවලටද මෙම ලක්ෂණය දක්නට ලැබේ. මෙවන් තත්ත්වයකට ඉක්මන් ප්‍රතිකාර ලැබීම අවශ්‍ය වේ.


හදිසියේම සිරුරෙහි බර අඩූවීම

ආහාර පාලනයක් හෝ ව්‍යායාමවල යෙදීමකින් තොරව හදිසියේම සිරුරෙහි බර අඩූවීමක් හෝ කෘශ වීමක් දක්නට ලැබූණොත් එය රෝගී තත්ත්ව කිහිපයක සංඥාවන් වීමට හැකිය.


විවිධ ශ්‍රාවයන් නිකුත් වීම

තයිරොයිඩ් ඌනතාවක් හෝ අක්‍රමිකතාවක් මානසික ආතතියක් හෝ දියවැඩියා රෝගී තත්ත්වයක් වීමට හැකිය. එහෙයින් වහාම වෛද්‍ය උපදෙස් ලැබීම අවශ්‍ය වේ.


අස්ථිවලින් හඬක් නැගීම

හිඳ ගැනීමේදී හෝ නැගිටීමේදී අස්ථි තුළින් හඬක් නැගේ නම් එය අද නොව මතු දවසකදී ඔස්ටියෝ පොරෝසිස් රෝගය ඇතිවීමේ සංඥාවක් වීමට හැකිය.මන්ද එම හඬ නැගෙන්නේ අස්ථි ඝනත්වය දුර්වල වූ විටදීය. විශේෂයෙන්ම ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයේදී අස්ථිවලින් හඬක් නැගීම හා එය බිඳී යෑමක් සිදුවීමට හැකිය. එම වඩාත්ම සිදුවන්නේ උකුළු ඇටය ඉගටිය හා කොඳුඇට පෙලෙහිය. එම තත්ත්වය ඇතිවූ විටදී කැල්සියම් හා කිරි ආහාර ගත යූතු වේ. එයට අමතරව නිබඳවම වෛද්‍ය පරීක්ෂාවකට ලක්වීමද අවශ්‍ය වේ.


දිගින් දිගටම පවතින උණ

එමගින් විවිධ රෝගී තත්ත්වයන් කිහිපයක්ම සංඥා කිරීමට හැකිය. එයින් සිරුර කිසියම් අක්‍රමිකතාවයකට පත්ව ඇතැයි පෙන්නූම් කෙරේ. එයට කළ හැකි මූලික විසඳුම වන්නේ ඖෂධ පෙත්තක් භාවිත කිරීම අතර සිරුර උණූසූම් වීම සතියකට වඩා කාලයක් පවතී නම් වෛද්‍ය උපදෙස්ලැබීම අනිවාර්යයෙන්ම කළ යූත්තකි. මූල් යූගයේදී එසේ ප්‍රතිකාර ලැබීමෙන් සිරුරට හානිකර වූ රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට හැකි වේ.


කාලයක් පවතින කොන්දේ වේදනාව මෙම දිගු කාලීන කොන්දේ වේදනාව හෘද නාල රුධිර නාල සේම හෘදයේ බිත්තිය දුර්වල වීමෙන් ඇතිවීමට හැකිය. වේදනාව හට ගන්නේ ඒවා පූපූරා යෑමේදීය. එයට අමතරව වකුගඩූවල ගල් සෑදීමේදී ද මෙම වේදනාව ඇතිවීමට හැකිය. එහෙයින් වෛද්‍යවරයෙකු හමූවී අදාළ ස්කෑන් කර පරීක්ෂා ගැනීම මෙහිදී වැදගත් වේ.


දිගුකාලීන හිසරදය

බොහෝ විට මෙය ඉරුවාරදය හේතුවෙන් පැවතීමට හැකිය. එවිට අමතරව මොළයෙහි ලේ කැටියක් සිරවීම හෝ රුධිර නාලයක් තුළ ගෙඩි හට ගැනීමේදී ද මෙය සිදු වේ. එයට මෙම හිසරදය ඇස්වලින් කඳුළු ගැලීමක් හෝ වමනයට ඒමක් සමග සිදුවේ නම් එය අන් රෝගී තත්ත්වයකි . දීර්ඝව පවතින හිසරදයට වෛද්‍යවරයෙකු හමූවීම අත්‍යවශ්‍ය වේ.


නොනවතින කැස්ස

ශීතල බීමක් පානය කළ විටදී එය ඔබේ උගුර අනූමත නොකරයි නම් මෙසේ කැස්සක් ඇතිවීමට හැකිය. නමූත් එයට වඩා දරුණූ රෝගී තත්ත්වයන් සඳහාද කැස්ස ඇති වේ. නමූත් සෑම කැස්සකටම සම්බන්ධ නොවේ. එහෙත් දිගටම එය පවතී නම් ස්වාශනාලයෙහි අවහිරතාවක් සංඥා කිරීමටද හැකිය. ආරයට පැමිණෙන හෘද පෙනහලූ රෝග, ඇඳුම, පෙනහලූ පිළිකා ආදියේද මෙම දීර්ඝ කාලන කැස්ස ඇති වේ. එම වේදනාවේදී වෛද්‍ය ප්‍රතිකර ලැබීම අවශ්‍ය වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment