වයසට යනකොට ඔය වගේ රිදෙන එක සාමාන්‍ය දෙයක්


ඔබත් ආතරයිටීස්වලින් පීඩාවට පත් වෙලාද?



"අනේ මගේ හන්දිපත් රිදෙනවා"

"අනේ මගේ කොන්ද රිදෙනවා. එක දිගට හිටගෙන ඉන්න බැහැ"

මේ වගේ වදන් ඔබ කොතෙකුත් අසා ඇතිවාට සැකයක් නැත. මෙවැනි වචන කෙනෙකුගේ මූවින් පිටවෙන්නේ ඇයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?

"ඔය වාතයක් වෙන්නැති"

"ඇඟ වෙහෙසලා වැඩි නිසා තමයි ඕක"

"වයසට යනකොට ඔය වගේ රිදෙන එක සාමාන්‍ය දෙයක්"

මූලින් කී වදන්වලට ළඟ සිටින කෙනෙකු ඉහත ආකාරයෙන් උත්තර දෙනවාත් සමහර විට ඔබ අසා ඇත. නැතහොත් ඒ හා සමාන උත්තරයක් ඔබ දී ඇත.

ඇත්තටම හන්දිපත් රිදෙන්නේ ඇයි? දණහිස් උරහිස්, මැණික් කටූවේ වේදනාව, ඇඟිලි හිටිවැටීම, යටි පැතුල බිම තැබීමට අපහසූව, උදේට නැගිටගන්න බැරිව ඇඟපත රිදීම, උරහිස් එහෙට මෙහෙට හැරවීමේ අපහසූව, උකුල ප්‍රදේශය හිර වී වගේ දෑනෙන්නේ ඇයි? මෙයට මට එක එල්ලේම පිළිතුරක් දිය හැක. මේ රෝග ලක්ෂණවලින් කියන්නේ ඔහූට හෝ ඇයට ආතරයිටීස් වැලදී ඇති බවය.

ආතරයිටීස් වැළඳී ඇති බවට ඔබට සැකයක් ඇතිවූවොත් මේ රෝග ලක්ෂණ වලින් එකකින් දෙකකින් ඔබ පීඩා විඳිනවා නම් වහාම කළ යූත්තේ වෛද්‍යවරයකු වෙත යෑමයි.

මගේ ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක වන්නේ චීන කටූ චිකිත්සාව ඔස්සේ නිසා අනෙක් වෛද්‍ය ක්‍රම වේදයන් ගැන මම මේ මොහොතේ අවධානය යොමූ නොකරමි. චීන කටූ ක්‍රමයට ප්‍රතිකාර කළ හැකි ආතරයිටීස් රෝගය ශරීරයේ යම් යම් කොටස් ඉදිමී දෑඩි වේදනාකාරි ස්වභාවයකින් යූක්ත නම් මාස හය හතක ප්‍රතිකාරවලින් රෝගය සහ මූලින්ම ප්‍රතිකාර කළ හැක.

ආතරයිටීස් රෝගය වැළඳෙන්නට හේතු වෙතැයි හිතන බොහෝ කැරණූ ඒ තරම් පදනමක් නැතැයි මගේ විශ්වාසයයි. අධිකව ශරීරය වෙහෙසවා වැඩ කිරීමෙන්වත් ඇවිදීම වැඩිවීමෙන්වත් වයසට යෑම නිසාවත් මේ රෝගය වැළඳෙනවා යැයි සිතන්නට බැරිය. ඊට හේතුවන කරුණූ අතර ප්‍රධාන තැනක් ගන්නේ මනසට ඇතිවන සිත් තැවූල්ය. මගේ ප්‍රතිකාර ගත් රෝගීන් අතර කළ විද්‍යානූකූල සමීක්ෂණයකින් මම මේ බව වඩාත් අවබෝධ කර ගතිමි. ආතරයිටීස් වැළඳෙන්නේ වැඩිහිටියන්ටයි යන අදහසක්ද අපේ සමාජයේ ඇත. නමූත් වයස් බේදයක් නැතිව එය වැළඳෙන බව අප මතක තබා ගත යූතු කරුණකි.

අපි මූලින් අවධානය යොමූ කළ ආතරයිටීස් වැළඳෙන්නට හේතු ගැන නැවතත් අපේ සාකච්ඡාවට බඳුන් කරමූ. මානසික සිත් තැවූල් නිසා ආතරයිටීස් හැදෙන බව දෑන් ඔබ දනී. තම පවූලේ සමීප සාමාජිකයෙකුගේ හදිසි වියෝව හේතුවෙන් මෙවැනි රෝගී තත්ත්වයක් ඇති වූ වයස දාහතරක දරුවෙකු මට මේ මොහොතේ සිහිපත් වේ. ඔහූගේ සීයාගේ හදිසි මරණය හේතු කොට ගෙන එය දරාගත නොහැකිව දිගින් දිගටම ඒ ගැන සිතීම නිසා දරුවා ආතරයිටීස් වලට ගොදුරු වී ඇත. කෙටි කලකින්ම මම ඔහූව සම්පූර්ණ සූවය ලබන තැනට ප්‍රතිකාර කළෙමි.

ළමයින්ට මේ රෝගය වැළඳෙන්නට හේතුවන කරුණූූ අතර ගෙදර මවගෙත් පියාගෙත් අසමගිතා වැදගත්ය. හදිසියේම රැකියාවෙන් ඉවත් වන්නට සිදුවූ විට තමන්ට යමක් කර කියා ගත නොහැකි වූ විට අනාගතයේ බිය ජනක අවස්ථාවකට මූහූණ දෙන්නට සිදුවූ විට වැඩිහිටියෝ ආතරයිටීස් වලට ගොදුරුවෙති. ආර්ථවහරණය නතර වී ටික කලකින් ඇතිවන මානසික ව්‍යාකුලතාවය නිසා කාන්තාවන් ආතරයිටීස් තත්ත්වයන්ට මූහූණ දෙන්නට ඉඩ කඩ වැඩිය.

ආතරයිටීස් සහ මනස අතර ඇති සම්බන්ධතාවය වැඩි නිසා ඇතිවන ප්‍රශ්නකාරි අවස්ථාවන්වලදී මනස නිරවූල්ව තබා ගැනීම අත්‍යවශ්‍යය. මා චීන කටූ උපයෝගි කරගෙන කයට ප්‍රතිකාර කරමින් ආතරයිටීස් සූව කරනවා වගේම රෝගියා සමග සාකච්ඡා කරමින් මනෝ උපදේශනයක් කරන බවද මෙහිලා සඳහන් කළයූතුමයි. එසේ කිරීමෙන් රෝගය සහ මූලින්ම සූව කිරීමට මට අවස්ථාවක් උදා වේ.

ආතරයිටීස් වැළදුන අයෙකු ව්‍යායාම කරන එක හොඳද නැද්ද යැයි කෙනෙකු ඇසූවොත් ඔබට දෙන්නට ඇති උත්තරය කුමක්ද? මෙවැනි රෝගීන් සමග කාලාන්තරයක් තිස්සේ කටයූතු කරන නිසා මා අවධාරණයෙන් කියන දෙයක් ඇත. ඔබට ආතරයිටීස් රෝග ලක්ෂණ ඇත්නම් විවේකයෙන් කටයූතු කිරීම ඉතාම වැදගත්ය.

හන්දිපත් රිදෙනවා නම් කකුල් හිරිවැටෙනවා නම් වහාම එක්තැන්ව ඔබ ප්‍රතිකාර සඳහා යොමූවීමය. නැතිනම් ඔබට සිදුවන්නේ සදාකාලිකව එක්තැන්වන්නටය. ඇඳක් මතට වී දුක් සූසූම් හෙලන්නටය.

මෙවැනි රෝගීන් ගැන කතා කරද්දි විශේෂයෙන්ම ලිවිය යූතු තවත් කරුණක් ඇත. ඒ ආතරයිටීස් රෝගීන්ට ආදරය කරුණාව අවශ්‍යම බවයි. එවැනි රෝගීන්ට ඉක්මන් සූවය කරා කැඳවා ගෙන යන්නට එයත් ඉවහල් වේ.

ආතරයිටීස් වැළඳුනූ අයෙකු එදිනෙදා ජීවිතය ගත කිරීමේදී අනූගමනය කළ යූතු ක්‍රමවේදයක් තිබේදෑයි මා වෙතට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් බොහෝ දෙනෙකු අසති. ඔවූන්ට මා දෙන උපදෙස නම් ප්‍රතිකාර ගන්නා අතරවාරයේදී කෑම බීම කුමක් වූවත් ගත්තාට වරදක් නැති බවය. කෙසේ වෙතත් ඇල්වතුර නෑමෙන් වැළකීම හොඳය.

ආතරයිටීස් හේතුවෙන් ජීවිතයම අඳුරු කරගන්නවාට වඩා ඉක්මනින් වඩාත් සාර්ථක ක්‍රමයකින් ප්‍රතිකාර ගැනීමට යොමූවීම වැදගත්ය. චීන කටූ චිකිත්සාව මේ කටයූත්තේදී වඩාත් සාර්ථක වන්නට එක හේතුවක්වන්නේ ප්‍රතිකාර ක්‍රමවලදී ශරීර අභ්‍යන්තරයට කිසිම බෙහෙත් වර්ගයක් ඇතුල් නොකිරීමයි. මේ නිසා රෝගියාට බෙහෙත් වෙනූවෙන් මූදලක් වැය නොවේ.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. වාතෙ ගණ වෙන එක තමයි ප්‍රශ්නේ.

    ReplyDelete