දරුවන්ගේ අපල දෙමාපියන්ට බලපානවා ද?


ආධ්‍යාත්මවේදී සහ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර

දරුවන්ගේ අපල දෙමාපියන්ට බලපානවාද කියන කාරණයට මගේ අදහස අනූව කෙටි පිළිතුරක් ලබා දුන්නොත් කියන්න වෙන්නේ නැත යන්නයි.

මෙසේ කියන්න හේතු නම් ගණනාවක් තියෙනවා . මූල්ම හේතුව තමයි දරුවන්ගෙන් අපල ලැබෙන්න නම් තමන්ට දරුවන් උරුම වෙන්න ඕනා, අයිතිවෙන්න ඕනා. පියෙකුගේ ශරීරයේ දරුවන් ජාතක කරවීමේ ශක්තිය තියෙන්න ඕනා, කාන්තාවක් වූ මවකගේ ශරීරයේ දරුවෙකු ජනනය කරවීමේ ජනනී ගුණය තියෙන්න ඕනෑ. මේ වාසනාව අපි භාග්‍යවන්ත වූ දෙයක් ලෙස සලකනවාට වඩා දරුවන්ගේ අපල දෙමාපියන්ට බලපෑම ගැනයි කල්පනා කරන්නේ. දරුවන් නැතිවෙන්න ඕනා එහි පීඩාව තේරුම් ගන්න.

දරුවන් නොමැති වඳ යූවළක් ඔවූන් සහභාගී වන සෑම මඟුල් ගෙදරදීකම මළ ගෙදරකදීම පිරිතකදී කාගේ කාගෙත් අවධානයට යොමූවන්නේ "තාම නැද්ද බබාලා" යනූවෙන් පිටවීමෙනූයි. ඉතින් දරුවන් හිමි වීම මහත්වූ සෞභාග්‍යක් බව මම හිතන විලාසයයි. ඒ වගේම අපි සමාජයේ කතා බහක් තියෙනවා දරුවෙක් ඉපදිලා මවකගේ කිරි බොන්නවත් මවකගේ උණූසූමේ නිදිය ගන්නවත් වාසනාවක් නොලබා එම මව මිය ගියොත් එම දරුවා කාලකණ්ණි දරුවෙක් ලෙස හංවඩූ ගැසීම. ඒ වගේම එම දරුවාගේ කාලකණ්ණිකම මවගේ මරණයට බලපෑ බව. හැබැයි මෙම මතවාදවල ඉන්න හූඟ දෙනෙක් බෞද්ධයන්. බෞද්ධයන් මෙවැනි අසාධාරණයකට ගොදුරුවීම පූදුමයක් නොවෙයි. රාජකීයත්වය හූරු මූහූණක් ඇති රජ පවූලක උපත ලැබූ තරුණයෙක් ක්‍රි. පූ. පස්වන සියවසේදී රාජ්‍ය ක්‍රමය යටතේ මනූෂ්‍යාගේ අසහනය, පීඩාව, නොසන්සූන්කම, වේදනාකාරී බව, වෙහෙසකාරී බව, නිම කළ නොහැකි කියන එක තේරුම් ගන්නවා. ඒ කියන්නේ මනූෂ්‍යාගේ ප්‍රශ්න රාජ්‍ය පාලන ක්‍රමයක් යටතේ විසදිය නොහැකිය කියන කාරණාව තේරුම් අරගෙන රාජ්‍ය අත්හැර දමා තමන් කළ ගවේෂණයේදී සොයා ගන්නා දෙයයි ඇත්තම මාර්ගය කියලා හිතනවා.

නමූත් අද චීවරධාරින්ගෙන් සියයට අනූවක් විතර ඉන්නවා රාජ්‍ය සභා ගතවීමේ සිහිනයෙන්.

මොහොතක් කල්පනා කරලා බලන්න. දීපංකර බූදුන්ගෙන් විවරණ ගත්ත මඩ ගොඩේ වැතිර සිටිය සූමේධ තාපස. ඒ තමයි අපේ බූදුරජාණන් වහන්සේම පළමූවෙනි විවරණ ගැනීම. එතැන් සිට සාරසංඛ්‍යා කල්ප ලක්ෂයක් පාරමිතා පූරමින් පැමිණ අවසන් මනූෂ්‍ය ජීවිතයේදී සිද්ධාර්ථ ලෙස උපත ලබද්දී කාලකණ්ණි මිනිසෙක් ලෙසද? කාලකණ්ණි දරුවෙකු ලෙසද? ඒ නිසාද සිද්ධාර්ථයන්ගේ මව වූ මහාමායා දේවිය, දරු උපතින් දින හතක් ගතවූ දින මිය පරලොව යන්නේ. එහෙනම් ලෝකයේ සිටින ප්‍රසිද්ධම කාලකණ්ණි දරුවා එහෙම නැත්නම් මවට අපල ගෙන දුන් අභාග්‍යවන්ත දරුවා අප සිද්ධාර්ථයන් විය යූතු නේද?

මේ නිසා තේරුම් ගන්න අපේම මති මතාන්තර ගැන සෙමින් සොයාගෙන ගියොත් අපේ ආත්මයේ ගැඹූරුම තටිටූවට කා වැදී තිබෙන මතිමතාන්තර බොහොමයි. ඒ නිසයි මම කියන්නේ දරුවෙකුගෙන් දෙමාපියන්ට අපල ගෙනදෙන්නේ නැහැ කියලා.

නමූත් මම අවූරුදු විසි හයකට ආසන්න කාලයක් තිස්සේ හතළිස් දහසකට ආසන්න ජන්ම පත්‍ර සංඛ්‍යාවක් පරීක්ෂා කරලා තියෙනවා. මම පැහැදිලිවම දෑකලා තියෙන දෙයක් තමයි දරුවන්ට අපල ලබාදෙන්නේ ඔවූන්ගේ දෙමාපියන්ගේ ආකල්ප, චින්තන විලාසය, පාරිසරික දුබලකම් යන සාධක මතින් බව. දෙමාපියන්ගේ නොවැඩූණ පාරිසරික තත්ත්වයන් දෙමාපියන්ගේ පටූ කල්පනාවන් දෙමාපියන්ගේ ආත්මාර්ථකාමී බව, දෙමාපියන්ගේ ආකල්ප, දෙමාපියන්ගේ සමාජශීලී නොවන සැඟවී ගුලිවී ජීවත්වීමේ ක්‍රමයන් සෑම දුර්වල දරුවෙකුගේම අත්තිවාරම බවට පත්වෙනවා.

භාග්‍යවන්තයෙකු ලෙස උපදින හිස් මනසක් සහිතව මෙලොවට පැමිණෙන නිර්මාණාත්මක බවින් පූරවා ගත හැකි රන් බඳුනක් වැනි දරුවෙකු අභාග්‍යවන්තයෙක් කරන්නට දෙමාපියන්ගේ ඉහත කියනූ ලැබූ ආකල්ප පූරුදු පරිසරය, මිත්‍යා චර්යාවන් නපූරු ලෙස බලපාන බව නම් මම වගකීමෙන් කියනවා.

ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ඇමරිකාවේ හිටපූ ජනාධිපතිවරයෙක්. හැබැයි ඔහූ උපදින දවසේදී ඔහූගේ පියා එම ගැබිනි මවට වෙරිවූණ මනසින් පහරදී නිවසින් එළිය දමනවා. පිදුරු ගොඩක් තුළදීයි මෙම දරුවා උපදින්නේ. ඔහූ රට කජූ විකුණමින් තමයි ශිෂ්‍යයෙක් ලෙස ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. නමූත් ඥානාන්විත, විශිෂ්ටතම ජනාධිපතිවරුන් අතර කිරුළු දරන්නට මෙම ඇමරිකානූ දරුවාට පූළුවන්කම ඇති වෙනවා. මේ නිසා දරුවන්ගේ අපල දෙමාපියන්ට බලපානවා යන්න නොවැඩූණ මනසක් ඇති සෑම වැඩිහිටියෙකු, තුළට ඔහූගේ ප්‍රතිරූපය විදහා දක්වන එක් සිතුවිලි විලාසයන් විතරයි. තමන්ගේ අශූභ බව, තමන්ගේ නොවැටහීම්, තමන්ගේ ආත්මය තුළ පවතින පිරිහූන සොබාවය බාර නොගෙන වටහා නොගෙන බොහෝ මිනිසූන්, ගැහැනූන් කරනූ ලබන්නේ තමන් විඳින කරදරයට හේතුව වෙන අයෙකු බව කියා සිටීමයි.

තමන්ගේ දුර්වලකම වසා ගන්න වෙන කෙනෙකුට දෝෂාරෝපණය කරන්න පෙළඹෙනවා.

වෙළෙඳ ආර්ථික යූගයක ජීවත් වන බව අමතකව ජීවත් වෙන දෙමාපියන් අහවල් ළමයා ලැබූණාම තමයි මේ විපත් සියල්ල සිද්ධ වූණේ කියලා කියන්න පෙළඹෙනවා. ඔබත් කාගේ හෝ දරුවෙකු ඉපදුණාම මෙවන් ප්‍රකාශ කළ මවෙක් පියෙක් නම් ආපසූ හැරී බලන්න ඔබ දෙසට අසිරිමත් මිනිසෙක් සිහියෙන් තොරව තමන්ගේ ගමන සිදු කරලා අනතුරට පත් වූණාට පසූව අර මොළකැටි දරුවා නිසා අනතුර සිදුවූවා කියා දෝෂාරෝපණය කිරීම මොන තරම් වැරදිද? ඔබ තුළ ජීවත් වන අඥනයා මරා දමන්න.ඒ වෙනූවට ඔබේ මනූෂ්‍යකම තුළ ජීවත් වන සංසාරික මනූෂ්‍ය ශක්තිය ප්‍රඥාවේ ශක්තිය විමසා බැලීම හෙවත් විනිවිද දෑකීම උපදවා ගන්නට මේ මෙහොතේ සිට සූදානම් වෙන්න.

යම් කාන්තාවකට දරුවෙක් උපදින්නේ යම් පිරිමියෙකුට දරුවෙක් ජාතක කරන්න නම් ඔවූන්ගේ කේන්දර සටහනේ එකතු කිරීම් ගැන කතා කරන දෙවැනි කොටූවත් බලාපොරොත්තු ඉටූ වීම ගැන කතා කරන එකොළොස්වෙනි කොටූවත් මැනවින් සම්බන්ධව පිහිටිය යූතුයි. මේ කොටූ තුනෙන්ම තමයි කීර්ති ලාභය, ධන ලාභය, කියන කාරණා දෙක ගැනම කතා කරන්නේ. ඉතින් සංසාර ගමනේදී තමන්ගේ උරුමයන් අනූව තමන්ට දරුවෙකු ලැබෙන්නට, ලබා ගන්නට, දරුවෙකු ජාතක කරන්නට හැකියාව තිබෙනවා නම් එම කොටූ තුනෙහි උරුමයේ ප්‍රතිඵල ලබන්න පූළුවනි. හැබැයි ඒ එක්කම ධන ලාභයත්, කීර්ති ලාභයත් ඔවූන් තුළ තිබෙන බව අමතක කරන්න එපා. ඔබේ පවූලේ ජ්‍යොතිර්වේදියා සම්බන්ධ කරගත යූත්තේ ඔබේ ඒ ධන ලාභයත්, කීර්ති ලාභයත්, හඳුනාගන්නේ කෙසේද දෑන ගන්නත් ඒ සඳහා ඔබ භාවිත කළයූතු ක්‍රම උපායන් හඳුනාගැනීම සඳහායි. එම නිසා දරුවන්ගෙන් කිසිදු මවකට හෝ පියෙකුට විපත් ගෙන දෙන්නේ නැහැ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment