මල්වරවීම දෙවන උපතක් ලෙස සැලකිය හැකිද?


ස්ත්‍රී කේන්ද්‍රයක 1ඃ2ඃ4ඃ5ඃ7ඃ8ඃ9ඃ12 යන රාශියකට චන්ද්‍රයා පැමිණි කල කුජ විසින් දක්නා ලද්දේ නම් එවිට ස්ත්‍රීන්ගේ මසක් පාසා ඔසප්වීමක් සිදුවේ. මෙම අනූපමය රාශියක් නර රාශියක්ව එනම් මිථූන කන්‍යා, තුලා ඃ ධනූ පූර්වාර්ධය කුම්භ යන රාශියක සඳු සිටියදී කුජ විසින් දුටූවා නම් නිසි ශරීර යෝග්‍යතා ඇති කුමරියන්ගේ ප්‍රථම මල්වරය සිදුවේ. මේ අපිට නිතර ලිත් පොත්වලින් දැන ගන්නට ලැබෙන කරුණකි.

මගේ අත් දැකීම් අනූව නිසි වයසට ශරීරය නිසි පරිදි සැකසී ඇති බවය. මන්ද වයස අවූරුදු දොළහේ සිට වයස අවූරුදු 23 දක්වා කතුන්ගේ මල්වර අවස්ථා මගේ ජ්‍යොතිෂ්‍ය දිවියේදී හමූව තිබේ.

මේ අතර මල්වර නොවන කතුන් ගැන ද මට දැනගන්න ලැබිණ. ඒ ඉතා සූළු අවස්ථාවක් පමණි.

කෙසේ නමූත් කුල කුමරියන් මල්වර වීම විශාල මංගල අවස්ථාවක් කර ගැනීමට අද සමාජය පූරුදුව සිටිති. මෙම අවස්ථාව මා දන්නා තරමින් බටහිර රටවල අයට සාමාන්‍ය සිද්ධියකි. පූරුදු පරිදි කා බී දිය නා පිරිසිදුව සතුටින් දවස ගෙවති. ලංකාව වැනි රටවල ඒ වෙනූවෙන්ම ඇරුණ චාරිත්‍ර රැසකි. එය ඇතැම් දැරියන්ට වදයක් වූ අවස්ථාද ඇත.

වෙනත් අසනීපයකට රෝහල්ගතව සිටි දැරියක් රෝහලේදී වැඩිවිය පත්විය. ඒ සිද්ධියට විශේෂ තත්ත්වයක් ඇති කර ගැනීමට ඇයට රෝහලෙන් ඉඩක් නොලැබිණ. බටහිර මෙන් සිද්ධිය සරලව නිමාවිය.

සීයට අනූ නවයක්වත් නිවැරදි උපන් වේලාවකට ජන්ම පත්‍රයක් නිවැරදිව සකස් කර ගැනීමට බහූතරයක් දෛවඥයන් අපෝහොසත්ව ඇති බව මට ලග්න දෙකක් තුනක් ඇත කියන අය නිසාම සනාථව තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ පූර්ණ අවබෝධයක් නොමැති දැරියකට උදාවන මල්වර අවස්ථාවට අපේ දෛවඥයන් බොහෝ ගැඹූරු පලාඵල ලියා දෙන අවස්ථා අපට දක්නට ලැබේ.

අද පවතින සමාජ රටාව තුළ මල්වර වයසට ආසන්න දැරියන් වැඩි දෙනෙකු දවස පූරාම අධ්‍යාපන කටයූතු සඳහා නිවසින් බැහැරව සිටිති. එමනිසා බහූතරයක් වැඩි විය පත්වන්නේ අධ්‍යාපන ආයතන තුළය. ඔවූන් නිවසට පැමිණ යට ඇඳුම් උනා දමා සූපූරුදු පරිදි දිවි ගෙවන අතර වැඩිහිටියන්ට ඇස ගැසෙන්නේ බොහෝ විට පසූ දිනකය. මේ තත්ත්වය තුළ උපන් වේලාවට නිවැරදි කේන්ද්‍රයක් සකසා ගැනීමට අදකෂ දෛවඥයන් මෙවැනි අවස්ථාවලදී යොදා ගන්නා මිණූම් දණ්ඩ කුමක්දැයි මට නොවැටහේ. අතීතයේ විවිධ දූත ලකෂණ මගින් සිද්ධියට අදාළ දින වේලා අවබොධ කර ගැනීමට ක්‍රමවේද තිබිණ.

අද දියූණූ ලෝකයේ ඔරලෝසූ දහයක දහ වේලාවක් ඇතත් එදා පියවර මැන නිවැරදි වේලාව තෝරා බේරා ගැනීමට දකෂ දෛවඥ මහත්මාවරු සිටියහ. අවාසනාවට දැන් එවැනි අය අල්පය.

බොහෝ ලිත් පොත්වල මල්වර පලාඵල සඳහා පිටූ හත අට වෙන්කර ඇතත්, ඒවා සසඳා බලන විට මනස අවූල්වේ. මල්වර දිනයට ශුභ ඵල කියන විට නැකතට ඉතා අශුභය. මල්වර වූ ස්ථානයට ශුභ ඵල කියන විට ඇඳ සිටි ඇඳුමට ඉතා අශුභ ඵල කියති. මල්වර නැකතට ඉතා ශුභ ඵල කියන විට මල්වර තිථියට දරුණූ අශුභ කියති.

මේ ආකාරයෙන් බලනවිට කාන්තාවගේ දෙවන උපත කියා හඳුන්වන මල්වර පලාඵල අවූල් සහගත තත්ත්වයක පවතී.

මගේ අවබෝධයේ හැටියට උපන් කාන්තාවකගේ ජන්ම කේන්ද්‍රයේම මල්වර වන දින වකවානූ පැහැදිලිව සටහන්ව තිබේ. දකෂ දෛවඥයන් කළ යූත්තේ එම කාල වකවානූව එම දැරියගේ වැඩිහිටි අයට කල් ඇතිව ප්‍රකාශ කර අවශ්‍ය කාලයට පසූබිම සකසා දීමය.

එසේ කිරීමෙන් වැඩිහිටි අයට පෙර සූදානමක් මත එම අවස්ථාවට මූහූණ දිය හැකිය.

ජන්ම කේන්ද්‍රයෙන් තුන් කල් අනාවැකි ප්‍රකාශ කරන බවට දොඩවන අයට මෙතරම් වැදගත් කරුණක් ඡන්ම කේන්ද්‍රයේ පෙන්වන්නේ නැත්නම් ලොතරැයි වාසනාඃ මාර්ග බාධක ඃ රැකියා වාසනා විදේශ ගමන් කල් ඇතිව ප්‍රකාශ කිරීමටත් පූළුවන්කමක් තිබිය හැකිද?

එමනිසා උගත් දෛවඥයන්ගේ යූතුකම කතුන්ගේ ඡන්ම කේන්ද්‍රයට අනූව අන් සියල්ල සිදුවන මාසේ මල්වර වීමත් අහවල් කාලයේ කියා සටහනක් තැබීම පමණි. එවිට දෙමවූපියන් හෝ භාර කාරයින් එම දරුවන්ට නිසි පරිදි සිය යූතුකම් ඉටූ කිරීමට පෙළඹෙනූ ඇත.

ජන්ම පත්‍රයක උපන්දා සිට මරණය දක්වා සියල්ල ලියැවී තිබේ. මෙය සත්‍යයක් නම් එම සත්‍යයට මූහූණ දී මල්වර වීමත් විශේෂ සිද්ධියක් ලෙස සලකා කල් ඇතිව ප්‍රකාශ කළ යූතුය.

අද වනවිට සමාජය දරුණූවී ඇති තත්ත්වය තුළ වැඩිවිය පත්වීමටත් පෙර සල්ලාලයින්ගේ ගොදුර බවට පත්වීමට ඇතැම් දරුවන්ට සිදුව ඇත. මේවාත් ඡන්ම පත්‍රයේ නැතැයි කියා කිසිම දෛවඥයකුට ජ්‍යොතිෂ්‍ය හරි හැටි දනී නම් කිව නොහැක.

අදවනවිට උදාව ඇති ග්‍රහබලපෑම්වල විෂමතාවන් නිසා නැප්චූන් යූරේනස් ග්‍රහයින්ගේ අධික බලපෑම නිසා මූළු සමාජ රටාවම දෙදරා ගොස් ඇත. උඩූ යටිකුරුව ඇත.

පැරණි හනමිටි කොම්පියූටරයට දැමීමත් ලැබෙන ප්‍රතිඵලය පරණ හනම නම් ඒ කොම්පියූටර් ජ්‍යොතිෂයද කාට කුමක් සඳහාද?

මා ඉතා කරුණිකව ඉල්ලා සිටින්නේ මල්වර වීම විශේෂ අවස්ථාවක් නොව ඡන්ම පත්‍රයට අනූව උපන්දා සිට ජීවිතයේ කොටසක් ලෙස සලකා ඊට පෙර සූදානමක් දැනූවත්වීමක් අනූව සූදානම් වීමක් බවයි.

මල්වර නැකතක් සාඳහා ඡන්ම පත්‍රයට අභියෝග කිරීමට හැකියාවක් ඇත්නම් කාන්තාවකගේ උප්පත්ති ඡන්ම පත්‍රය සත පහක් නොවටිනා දෙයක් විය යූතුය.

මේ ගැන දෛවඥයන් නැවත සිතා බැලීමට කාලය එළඹ තිබේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment