මස් දියවෙන රෝගයට චීන කටූ ප්‍රතිකාර


වෛද්‍යවරියකගේ අත්දැකීම්....



මස් දියවීම රෝගයට ගොදුරු වූ අයෙකුට මරණය හැර වෙනත් විකල්පයක් නැත. ඒ බටහිර වෛද්‍ය ක්‍රමයට අනූවය. එහෙත් එකී රෝගයට ප්‍රතිකාර ඇති බවත්, මරණයෙන් මිදී ජීවිතය දිගු කරගත හැකි බව වෛද්‍ය එන්. වී. ඩී. සිල්වා මහත්මිය නවලියට අනාවරණය කළාය. චීන කටූ චිකිත්සාව මගින් එය සාර්ථකව කළ හැකි බව පවසන විධි ගැනත් මේ රෝගයේ ස්වභාවය ගැනත් නවලිය සමග මෙසේ අදහස් දැක්වූවාය.

මස් දියවීමේ රෝගය වැළඳුනා කියල හඳුනාගන්නේ කොහොමද?

මේ රෝගය වැළඳුන කෙනෙකුට රෝග ලකෂණ ගණනාවක් ඇතිවෙනවා. දණහිස් දෙක හිරිවැටීම, බෙල්ල හිරි වැටීම, ඇවිදිමේ අපහසූතා ඉඳගෙන සිට නැගිටීමේ අපහසූතා, අතින් වැඩ කරන්න බැරිවීම ශරීරයේ යම් යම් ස්ථානවල මස් තදවීම මින් සමහරක්. ඒ වගේම ශරීරයේ යම් යම් ස්ථානවල මස් අඩූකමක් පේන්න තිබෙනවා.

මස් දියවීම වගේම මෙතනදී ඇට දියවීමෙන් සිදුවෙනවා. මේ දියවීම දිගටම සිදුවීමෙන් වකුගඩූ හානියට පැමිණීමෙන් රෝගියා ක්‍රම ක්‍රමයෙන් මරණය කරා ළඟා වෙනවා. මා මෙතනදී අනෙකුත් වෛද්‍ය ක්‍රම මගින් මේ රෝගය හඳුනාගන්න ක්‍රමවේදයන් ගැන කතා කිරීමට කැමති නැහැ. නමූත් චීන කටූ වෛද්‍ය ක්‍රමයට අනූව විශේෂිත වූ ක්‍රමයක් මගින් මෙවැනි රෝගීන් නිශ්චිත වශයෙන් හඳුනා ගැනෙනවා. ඉන්පසූව මම ප්‍රතිකාරවලට යොමූවෙනවා. ඇතැම් වෙලාවට, මා සමීපයට වෙනත් වෛද්‍ය ක්‍රමයන් මගින් ශල්‍ය කර්මයන් ගණනාවක් කරා, රෝගියාගේ රෝගී භාවය තීව්ර කර මා සමීපයට රැගෙන එන අවස්ථා එමටයි. ඒකට හේතුව ඔවූන් පරීකෂණ ගණනාවක් කිරීමෙන් පසූවයි රෝගය නිශ්චය වශයෙන් හඳුනාගන්නේ. නමූත් මම එවැනි වෙහෙසකර වෑයමකට නොයා රෝගය හඳුනාගන්නවා. කොහොම වූණත් මොන තත්ත්වයේ ඉන්න රෝගියෙකු වූවද මම ප්‍රතිකාර සඳහා බාර ගැනීමට සළකා බලනවා.

මෙවැනි රෝගීන්ව හඳුනාගත් විට ප්‍රතිකාර කිරීමට කොතරම් කාලයක් ගතවෙනවාද?

ජානමය බලපෑම් මත, මේ රෝගය වැළඳෙන බව ඇතැම් වෛද්‍ය ක්‍රමයකින් කියවෙනවා. නමූත් සම්පූර්ණයෙන්ම මං විශ්වාස කරනවා මේ රෝගයට හේතුව කර්මය කියලා. මේක හඳුනාගෙන ප්‍රතිකාර කරනවා. රෝගියාගේ පින, පවත්, රෝගය ඉක්මණීන් සූවය කරා ළඟාවීමට බලපානවා. නමූත් චීන කටූ චිකිත්සාවෙන් ඉතා කෙටි කාලයකින් හොඳ ප්‍රතිඵල ළඟා කරගන්න පූළුවන්.

මස් දියවීම, රෝගය වැළඳෙන්නේ ජානමය බලපෑමකින් නොවේ නම්, පවූලේ වැඩිමල් දරුවට රෝගය, තිබෙනවා නම්, අනිත් අයත් ඊට ගොදුරු වෙනවා කියන්නේ කොහොමද?

මෙතනදී සිද්ධ වෙන්නේ, පවූලේ අයෙකුට මේ රෝගය ඇත්නම්, තව කෙනෙකුට හැදෙන්නේ මානසික බලපෑම නිසයි. ඒ නිසා පවූලේ එක අයෙකුට රෝගය තියෙනවා නම් අනිත් අයට ප්‍රතිකාර කළ යූත්තේ මනසටයි. යහපත් මානසික තත්ත්වයක් තබා ගැනීමටයි.

මස් දියවීම රෝගයෙකු වඩාත් ක්‍රියාශීලී ජීවිතයක් ගත කළ යූතුයි. එයින් ප්‍රතිකාරවලට ලැබෙන පිටි වහල විශාලයි. ප්‍රතිකාර වලදී මම රෝගියාව කොහොමත් ශාරීරික ව්‍යායාමවලට යොමූ කරනවා. සම්භාහනය කිරීමක් කරනවා. ගතට පමණක් නොව මනසටත් ව්‍යායාම කරනවා.

චීන කටූ ප්‍රතිකාර වලින්

ගත වගේම මනසත් ක්‍රියාකාරී වෙන්න විශාල උද්දීපනයක් මෙවැනි රෝගීන්ට ලැබෙනවා.

මස් දියවීමට ගොදුරු වූණූ අයගේ ආහාර වේල කොහොම සකස් වෙන්න ඕනේද?

මෙවැනි රෝගීන් හොඳින් ජලය පානය කළ යූතුයි. දිනකට වතුර බෝතල් හයක්වත් අවම වශයෙන් පානය කළ යූතුයි. ඒ වගේම හරක්, ඌරු, එළු වැනි මස් වර්ග ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යූතුයි. කෝපි, චොකලටි, මින්ටි ආහාර ගැනීමෙන් වැළකී සිටීමත් වැදගත

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment