රුව වඩන විෂ නසන කහ-කුළු බඩූවක් හැටියටත්, ඔසූවක් හැටියටත්,


හිමාල ප්‍රදේශයේ සරුවට වැවෙන කහ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල වැවෙන අතර කහ අත් කහ යනූවෙන් ද හඳුන්වනවා.


කුළු බඩූවක් හැටියටත්, ඔසූවක් හැටියටත්, හඳුන්වන කහ වර්ග කිහිපයකින් සමන්විතයි. මාර්තු අප්‍රියෙල් මාසවල වගා කරන කහ ජනවාරි, පෙබරවාරි මාසවල අස්වැන්න නෙලා ගනී. මෙය හොඳ වෙළඳ ආර්ථිකයක් හිමි බෝගයක් හැටියටත් හඳුන්වා දීමට පූළුවන්.

කහවල විශේෂ ගුණ

සිරුර පැහැපත් කිරීමට මහෝපකාරී වන කහ අතීතයේ පටන් අද දක්වාම අපගේ ලලනාවන් තම රූපලාවන්‍ය සඳහා බාහිරව ආලේප කිරීමට යොදා ගන්නවා. ඒ සඳහා හොඳම නිදසූන වශයෙන් අපට පැරණි පොත පොතින් සනාථ කරගැනීමට පූළුවන්.

බ්‍රාහ්මී රසායන පැරණි ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ කහ, සූදු හඳුන්, කොකුම් පොතු, අඹරා ඇඟ ආලේප කිරීමෙන් සම පැහැපත් වන බවයි.

විශේෂයෙන්ම කහවලට රුධිරය පිරිසිදු කිරීමේ ගුණය හිමිවෙනවා. කහ ඔසූවක් හැටියට දේශීය වෙදකමේදී පිත් රෝග, කුෂ්ඨ රෝග වැනි සමේ රෝගවලටද සෙම් බහූල රෝගීන්ට හා මධූමේහ රෝගීන්ට නීරක්තයට, පණූ රෝගවලට වගේම පීනස රෝගීන් සඳහා යොදා ගන්නවා.

සූගන්ධකාරක වාෂ්පශීලී තෙල් අඩංගු කහ අපගේ ගෘහණියගේ මූළුතැන්ගෙයි කුළු බඩූ අතර ප්‍රධාන තැනක් උසූලයි. කහ දේවාල පූජාවලදී, ශාන්ති කර්ම අවස්ථාවලදී යොදාගනී.

විශේෂයෙන්ම මෙය ස්වභාවික පිරිසිදු කාරකයක් හැටියට හඳුන්වනවා. කිලි කුණූ තිබෙන ස්ථානවල කහ දියර ඉසීමට අප පූරුදුවී සිටින්නේ ඒ නිසයි.

අමූ කහ යූෂ තුවාල සඳහා යොදාගනී. කූඩැල්ලන් කෑ අවස්ථාවලදී ඉතා හොඳ ප්‍රත්‍යක්ෂ ඔසූවක් හැටියට ආයූර්වේදයේ පිළිගනූ ලබනවා.

වියළි කහ කුඩූ ඉක්කාව, පීනස වැනි රෝග සඳහා යොදා ගන්නවා.

මෙවැනි මාහැඟි ඔසූවක් ඔබත් ඔබගේ ගෙවත්තේ සිටූවා ගැනීමට උත්සාහ කරන්න. එතරම් ඉඩ ප්‍රමාණයක් මෙයට වැයනොවන අතර ඔබටම ප්‍රයෝජනවත් හා ඉතා හොඳ අස්වැන්නක් ලැබෙන නිසා ඔබගේ පසූම්බියටද වාසිදායක වෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment