සෙම දුරු කරන වද කහ


වදකහ කැබැල්ලක් අපට වැඩි වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ කුඩා දරුවෙකු නිවසේ සිිටින විටදීය. කුඩා බිළිඳාගේ අතේ කුඩාවට කපාගත් වදකහ කැබලි සහ සූදුළුෑනූ කැබලි පෙරුංකායං එකතු කර වළල්ලක් ආකාරයට සකසා අතේ ගැටගසා තිබෙනවා ඔබත් දෑක ඇතිවාට සැක නැත. එසේ කරන්නේ දරුවාව යම් දුරකට හෝ විෂබීජ වලින් රැකගැනීම සඳහා විය යූතුය. එයින් කියවෙන්නේ ඉතා හොඳ විෂබීජ නාශකයක් හැටියට අපේ පැරැන්නන් විශ්වාස කළ බවයි. එය විෂබීජ නාශකයක් පමණක් නොව දේශීය ආයූර්වේදයේ රෝග රැසකට ඔසූවක් හැටියටත් භාවිතයට ගන්නවා ඔබ දන්නවාද?
වද කහ ඉන්දියාවේ, ලංකාවේ, දියසීරිය සහිත ප්‍රදේශවල සරුවට වැවෙන ශාකයකි. මෙයට ව්‍යවහාරයේ විවිධ නාමවලින් හඳුන්වනවා. විෂබීජ නාශක

ඔසූවක් හැටියටද පෙන්වා දීමට පූළුවන්.

මෙම ශාකය තරමක පඳුරු ස්වභාවයකින් වැවෙයි. උක් කොළවලට සමාන පත්‍ර දකින්නට හැකි වන අතර මෙය ප්‍රභේද හතරකින් යූතු වෙනවා. එයින් වර්ග දෙකක් ඉන්දියාවේ වැවෙයි.

වද කහ තිත්ත රසින් යූතුයි. උෂ්ණ ගුණය හිමි සැහැල්ලු බැවින් යූතු ඔසූවක් ලෙස හැඳින්වීමට පූළුවන්. ආයූර්වේදයේදී ඔසූවක් ලෙසට යොදාගන්නා වද කහ සෙම. වාතය දුරු කිරීමේ ගුණයද හිමි වෙනවා. මෙය උෂ්ණ කටූක බැවින් යූතු නිසා ආමාශය කැළඹිලි කර වමනය කිරීමේ හැකියාව ඇති වමන කාරක ද්‍රව්‍යක් ලෙසද හඳුන්වනවා .

එමෙන්ම වද කහ වලට ගර්භාෂය සංකෝචනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම දහදිය ඇතිකරවීමේ හැකියාවත් මෙය සතුව පවතිනවා.

සිරුරේ ඉදිමූව, වේදනා පහකිරීමේ දක්ෂතාවය ඇති වදකහවලින් හිත සන්සූන් කිරීම හා මනස නිරවූල් කිරීමේ හපන්කමත් තියෙන බව ඔබ දන්නවාද?

උන්මාද රෝගය, අපස්මාර රෝගය, බඩපිපූව, හා මළ පහ පිටකිරීමේ පහසූව වදකහ වල තිබෙනවා. ඒ වගේම මේදය අධික සිරුරට මේදය අඩූ කිරීමේ ගුණයක් මූත්‍රා ආසාදන ඇති අයම මූත්‍රා පිරිසිදු කිරීමේ ගුණයක් මෙය සතුව පවතිනවා.

ඇකොරීන් නම් වාෂ්පශීලී තෙලක්ද තිත්ත පදාර්ථයක්ද වදකහ අලයේ අන්තර්ගත වෙනවා. කුඩා ළමූන්ගේ ආහාර දිරවීමේ දොෂවලදී හා පණූ රෝග වලදී බඩරිදුම වැනි රෝගවලදී ද යොදා ගනී.

දේශීය ආයූර්වේදයේ අග්නි මාන්දම, අජීර්ණය, ඔක්කාරය, අතීසාර වැනි රෝග වලටද භාවිත කරයි.

වියළි කැස්ස තියෙන අයට අමූකහ කැබැල්ලක් මූඛයේ රඳවා ගැනීම තුළින් කැස්ස බූරුල් කර ගැනීමටද උපකාරි වෙයි.

එලෙසම ඇතැම් මවූවරු කුඩා බිළිඳු දරුවන්ට වද කහ ස්වල්පයක් බීමට දෙනවා. එයට හේතුව වශයෙන් මා ඉහතදී සඳහන් කළ පරිදි විෂබීජ නාශකයක් නිසා මෙන්ම බඩ ආසාදන තත්ත්වයන් ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීම සඳහාය. ඔබ නොදන්නවා වූවත් වද කහ බූද්ධිය වර්ධනය ටද උපාකාරි වේ. නමූත් මෙහිදී සඳහන් කළ යූතු කරුණක් ඇත. එනම් වදකහ හොඳ ඔසූවක් වූවද හිතුමතේට භාවිත කිරීමෙන් අතුරු ආබාධත් ඇතිවීමට පූළුවන් බව. ඒ නිසා වෛද්‍ය උපදෙස් මත ගැනීම තමයි නූවණට හූරු.

ආයූර්වේද වෛද්‍ය උපේන්ද්‍රා දිල්රුක්ෂි
සෙත්මිර  ආයූර්වේද ආයතනය
බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment