තුත්තිරි ගසේ ඉස්ම නගනයේ ගාන්න.

ඇස් පිහාටූවල සෑදෙන නගන ලෙසින් හඳුන්වන තත්ත්වය යම් යම් අවස්ථාවලදී ඕනෑම කෙනෙකුට සෑදීමට ඉඩ ඇත. නමූත් සමහර පූද්ගලයන්ට දිගින් දිගටම සූව නොවී මෙම නගන ඇති වීමටද පූළුවන්. දෑඩි අපහසූතාවයක් වගේම කරදරකාරී තත්ත්වයක් බවට පත්වෙන්නේ එසේ නිතරම නගන ඇතිවීමේදීය. ඇතැම් පූද්ගලයන්ට මෙම නගන ශල්‍යකර්ම මගින් ඉවත් කළද නැවත සෑදීමට පූළුවන්. මෙම කරදරකාරී තත්ත්වයෙන් මිදීමට ආයූර්වේද ප්‍රතිකාර සහ කෙම් ක්‍රම උපයෝගි කර ගැනීම අතීතයේ සිට පැවතුණූ අතර එම ප්‍රතිකාර මගින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ද හැකියාව ලැබේ.


  • අරළු, බූළු,නෙල්ලි, කොහොඹ පොතු, වෙනිවැල් ගැට සහ ඇහැල පොතු කලන් දෙක බැගින් ගෙන වතුර පත 8 - 1 ට සිඳ පෙරා සීනි, මී පැණි දමා දෙවේල බැගින් කසාය කර බොන්න.
  • කළාඳුරු අලයක් ඇල් දියෙන් ගලහා නගනයේ ගාන්න.
  • රතුළුෑනූ, සියඹලා කොළ සමාන ප්‍රමාණයෙන් ගෙන කොටා, පොටිටනියක් බැඳ, වණ්ඩූවේ තම්බා හොඳින් තවන්න.
  • රත්කීරිය, උඳුපියලිය කොළ, කැකුළු හාල්, සූදු හඳුන් කලන් 1·2 බැගින් ගෙන ඇල්දියෙන් අඹරා ගාන්න.
මෙවැනි ප්‍රතිකාර ක්‍රම ඔබට කරන්නට පූළුවන්. ඒ වගේම මේ සඳහා කෙම් ක්‍රමද කිහිපයක්ම තිබෙනවා.
  • කතා නොකර තුත්තිරි ගසක් ගලවා කඳේ ඇති ඉස්ම නගනයේ ගාන්න.
  • කිසිවෙක් සමග කතා නොකර බළලකුගේ වලිගයෙන් අල්ලා, ඇස් වසා ගෙන, හත් වරක් පිසදමන්න. මෙසේ කිහිප වරක් කිරීමෙන් නගනයක් නම් සූවයලැබේ. නමූත් ගෙඩියක් නම් ඒ සඳහා පළමූ කී ප්‍රතිකාර කළ යූතුය.
මෙවැනි ප්‍රතිකාර ක්‍රම වගේම කෙම් ක්‍රම මගින්ද නගන සහ ගෙඩි සූව කර ගැනීමට පූළුවන්. ඒ වගේම තත්ත්වය වඩාත් කරදරකාරී නම් වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment