කැල්සියම් calcium අඩූවීමෙන් අත් - පා ඇඟිලිවල පිහිටීමේ වෙනසක් ඇතිවිය හැකියි

කුඩා දරුවන්ට පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාර වේලක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කැල්සියම් අඩංගු ආහාර වර්ගද දරුවාට ලබා දීම පිළිබඳව ද දෙමවූපියන් අවධානය යොමූ කිරීම ඉතා වැදගත්. මොකද කැල්සියම් අඩූවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීමට නම් කැල්සියම් අඩංගු ආහාර වර්ග ලබා දිය යූතු වෙනවා. අස්ථි දුර්වලවීම, ලේ කැටි ගැසිම අඩූ වීම වගේම වලිප්පූව වැනි රෝගී තත්ත්වයන් කැල්සියම් අඩූශරීරයකට නිතරම ඇතිවන රෝගී තත්ත්වයන් වෙනවා. මෙවැනි රෝගවලින් දරුවා අරක්ෂා කර ගැනීම ඉතාම හොඳයි.

ඒ වගේම ශරිරයට අවශ්‍ය කැල්සියම් උරා ගැනීමට නම් අපේ ආහාරයට අවශ්‍ය පමණින් විටමින් ෘ ලැබිය යූතුයි. විටමින් ෘ අඩූ වූ විට කැල්සියම් උරා ගැනීම ද අඩූ වන නිසා ඉහත කී රෝගී තත්ත්වයන් ඇති වෙනවා. කැල්සියම් අඩංගු ආහාර අතරින් කිරි සහ හාල්මැස්සන් ඉදිරියෙන් ඇති අතර අනෙක් ආහාර ද දරුවාට ලබා දිය යූතුය.
ශරිරයේ බොහෝ ක්‍රියාවලීන්ට සහ ස්නායූ ක්‍රියාවලීන් සඳහා කැල්සියම් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසාම රුධිරයේ ඇති කැල්සියම් අඩූ වූ විට කෙණ්ඩා පෙරලීම සහ ටෙටනි (අත් පා ඇඟිලි වල පිහිටීමේ වෙනස) යන තත්ත්වයන් ඇති වීමට පූළුවන්. ස්නායූ වල ක්‍රියාකාරීත්වය අඩූ වීම නිසයි මෙම රෝග ඇති වන්නේ. මෙහිදී සිදුවන්නේ සංකෝචනය වූ මස්පිඬූ ලිහිල් නොවී එලෙසම පැවතීමයි.
දරුවන්ට අවශ්‍ය පමණින් කැල්සියම් අඩංගු ආහාර ලබා දීමෙන් මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන්නට පූළුවන. ඒ වගේම අස්ථිවල ඇති කැල්සියම් අඩූ වීමෙන් ශක්තිය ද අඩූ වී සූළු දෙයක් නිසා වූවද අස්ථි බිදී යා හැකියි. මෙවැනි තත්ත්ව නිතරම ඇති වීමෙන් අංගවිකලතාවයට දරුවා ගොදුරු වීමට ඉඩ ඇත.
කැල්සියම් වගේම අනෙකුත් පෝෂ්‍ය කොටස් අඩංගු ආහාර දරුවාට ලබා දීමෙන් දරුවාගේ නිරෝගී බව සහ සෞඛ්‍ය පිළිබඳව ඔබට සෑහීමකට පත් වන්නට පූළුවන.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment